IMG-LOGO

2025 මාර්තු මස 19 වන බදාදා


ලන්දේසීන් රැගෙන ගිය පුරාවස්තු 06ක් ආපසු දීමට සූදානම්

(කේ. බුද්ධික කුමාරසිරි)

ලන්දේසි පාලන සමයේ මෙරටින් රැගෙන ගිය පුරාවස්තු 06ක් නැවතත් මෙරටට ලබාදීමට නෙදර්ලන්ත රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය (Bonnie Horbach) ප්‍රකාශ කළ බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංංශය පවසයි.

අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය අතර අමාත්‍යංශයේ දී අද (18) පැවති හමුවේ දී මේ පිලිබදව දැනුවත් කර ඇත.

ඒ අනුව පේරැස් මුද්දක්, ඇත් දළ ආභරණ මංජුසාවක්, මහ තුවක්කු දෙකක්, ඇත් දළයෙන් නිමකළ කුඩා වංගෙඩිය සමග මෝල් ගසක් සහ ඉපැරැණි තේක්ක පුටුවක් මෙරටට නැවත ලැබීමට නියමිත කෞතුක භාණ්ඩ අතර වේ.

මෙම සාකච්ඡාවට නෙදර්ලන්ත තානාපතියගේ සංස්කෘතික කටයුතු පිලිබඳ උපදේශක ක්‍රිෂේන් මෙන්ඩිස්, විදේශ කටයුතු අමාත්‍යංශයේ යුරෝපා සහ උතුරු ඇමරිකානු කලාපය භාර සහකාර ලේකම් තිවංකා අතුරලිය, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි, අතිරේක ලේකම් (ජාතික උරුම) සුජීවා පල්ලියගුරුගේ ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් එක්වූහ.
 



අදහස් (1)

ලන්දේසීන් රැගෙන ගිය පුරාවස්තු 06ක් ආපසු දීමට සූදානම්

ජිල්බු Tuesday, 18 March 2025 10:47 PM

හොඳ වෙලාවට මේ ආණ්ඩුව කාලෙ ඒව හම්බවෙන්නෙ.

:       5       22

ඔබේ අදහස් එවන්න

 

දියත

මැතිවරණයට ඇප තැන්පත් කිරීම අදින් අවසන්
2025 මාර්තු මස 19 22 0

පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ ඇප මුදල් තැන්පත් කිරීම අද (19) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණපළාතේත් මිෂන් සභාව පවසයි.


දේශබන්ධු මාතර අධිකරණයට ?
2025 මාර්තු මස 19 1238 0

අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණි බව අප වාර්තතාකරුවෝ පවසති.


වන අලියාගේ පහරින් තිදරු පියා මරුට
2025 මාර්තු මස 19 126 0

අම්පාර, දමන නීත්ත අඩි 100 මාර්ගයේදි වන අලියකු පහරදීමෙන් ගල්ඔය වැවිලි සමාගමේ සේවකයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


රන් බඩු කොල්ල කා අබාධිතයා මරා ගේට්ටුවේ ගැටගසලා
2025 මාර්තු මස 19 231 0

පැල්මඩුල්ල, මීගහගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වු කිසියම් පුද්ගලයෙකු නිවසේ තිබූ රන් බඩු සහ මුදල් කොල්ලකා නිවසේ සිටි උපතින්ම ආබාධිත පුද්ගලයෙකු ඝාතනය කර


බස්නාහිරට සහ සබරගමුවට අද සවස තද වැසි
2025 මාර්තු මස 19 242 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද


මධ්‍යම අධිවේගයේ අනතුරක්
2025 මාර්තු මස 19 1000 0

මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එක් අයකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 405 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 919 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 333 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site