(නිමන්ති රණසිංහ)
“ලාබෙට බඩු” නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් කොරියාවෙන් ආනයනය කරන ලද ගෘහ විද්‍යුත් උපකරණ සහ පරිගණක ඇතුලු ඩිජිටල් උපාංග අඩුමිලට ලබාදෙන බව පවසා අන්තර්ජාලයෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් විසිතුන් හැවිරිදි තරුණයකු ලබන 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා අද (21) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගාල්ල හබරාදූවේ පදිංචි උදාර චාමික නමැත්තාය.
මෙම සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තැනැත්තකු බවත් ඔහු සමග මෙම ඡාවාරම සිදුකිරීම සදහා තවත් මත්ද්‍රව්‍ය ලෝලීන් 12 දෙනකු පමණ සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළව සැකකාර තරුණයා අන්තර්ජාලය ඔස්සේ මුදල් බැර කළ බව කියන ඔහුගේ විසි හැවිරිදි පෙම්වතිය ද අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුව අධිකරණයට ඉදිරිපත් කර තිබිණී.
රාජ්‍ය සේවකයකු කරන ලද පැමිණීල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබ තිබුණේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්. කේ. සේනාරත්න මහතා විසිනි.
ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සැකකරුගේ පෙම්වතිය රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය. මෙලෙස ඇප මත මුදා හැරුණේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි අයේෂා සුබෝධනී නැමැත්තියය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“ලාබෙට බඩු” වෙබ් අඩවියෙන් මුදල් වංචා කළ තරුණයා රිමාන්ඩ්