(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින විදේශ අරමුදල් මත ක්‍රියාත්මක ව්‍යාපෘතියක් වන කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් මෙම වසරේ ඉදිරි කාලයේ අක්කර 450ක මිරිස් වගා ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
මෙරට පාරිභෝජනයට අවශ්‍ය මිරිස් ප්‍රමාණයන් රටේම නිෂ්පාදනය කර ගැනීම සඳහා මෙම වසරේ තවත් ඉඩම් ප්‍රමාණයක මිරිස් වගා කරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ව්‍යාපෘතියට උපදෙස් දී තිබිණි.
ඒ අනුව දිස්ත්‍රික්ක 03ක එක් දිස්ත්‍රික්කයකින් අක්කර 15 බැගින් තෝරා ගෙන මිරිස් වගා කිරීමට කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් කටයුතු යොදා තිබේ.
ඒ යටතේ කිළිනොච්චි, අම්පාර හා බදුල්ල යන දිස්ත්‍රික්කවලින් අක්කර 450ක් අලුතින් මිරිස් වගාව සඳහා සැළසුම් කර තිබේ.
මෙම ව්‍යාපෘතියෙන් වියලි මිරිස් මෙට්‍රික් ටොන් 3600ක ප්‍රමාණයක් අපේක්ෂිතය.
දැනටමත් මෙම ව්‍යාපෘතිය මගින් අක්කර 1600ක මිරිස් වගා කර තිබේ. මෙම මිරිස් වගාවන් තුළ වැඩි අස්වැන්නක් ලබා දෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පර්යේෂණය කර හඳුන්වා දෙන ලද MICH- 1 හයිබ්‍රිඩ් මිරිස් ප්‍රභේදය වගා කිරීමට නියමිතය. මේ සඳහා ගොවීන්ට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ව්‍යාපෘතිය මගින් සපයන අතර ගුණාත්මකභාවයෙන් උසස් මිරිස් පාරිභෝජනය සඳහා ලබා දෙන බව ද එම ව්‍යාපෘතිය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලාබෙට මිරිස් දෙන්න මුල පුරයි
ravin Tuesday, 11 October 2022 11:43 AM
රටට අවශ්‍ය ප්‍රතිඵල. කොච්චර ලස්සන පදවැලික් වුණත් සංගීතය අවුල් නම් එම ගීතයේ රසයක් නොමැත.
Sunil Wednesday, 12 October 2022 08:02 AM
ඇත්තටම මේව අද ඊයේ පටන් ගන්න තියෙන ඒව නෙමෙයි .පුළුවන් නම් හැම බෝගයක්ම මෙහෙම කලානම් පිටරට යන සල්ලි ඉතුරැ වෙනවා .ඒත් ඉතින් අපේ නිලදාරි ඉන්නෙ නමට. උං ගන්න පඩියට වැඩ කරන්නේ නැහැ .ඒකයි ඇත්ත .වගා කලාට පස්සෙ තුට්ටුවකට දෙකට දෙන්න වෙන්ව. කවුරුත් පසු අස්වනු පිලිබද කතාව නැහැ .වගා කරන්න කලින් පුළුවන් නම් එයාලට ඉස්තිර මිල කියන්න පුළුවන් නම් ගොවියා උනන්දු වෙනවා ගොඩක්