IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ලෙබනනයේ ලාංකිකයින්ගේ ගැටලු එරට නියෝජ්‍ය අගමැති සමඟ සාකච්ඡා

(තිළිණි ද සිල්වා)

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගේ ගැටලු ගැන එරට නියෝජ්‍ය අගමැති සමග සාකච්ඡා පවැත්වු බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

විශේෂයෙන්ම වීසා ඉකුත්ව එරට රැඳී  සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ගැටලු සහ  වීසා බලපත්‍ර විධිමත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති ශානි  කරුණාරත්න මහත්මිය ලෙබනනයේ නියෝජ්‍ය අගමැති සීනාර් අකාස් මහත්මිය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවද එම අමාත්‍යාංශය කියා සිටී.

මෙම හමුවේදී  ශ්‍රී ලාංකික විගමණික ප්‍රජාව ආපසු සිය රටට ගෙන්වා ගැනිමට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ද තානාපතිවරිය ලෙබනන් රජයට ශ්‍රී ලංකා රජයේ ප්‍රසාදය පල කළාය.

සියළුම පාර්ශවයන් එක්ව එරට පවතින දේශපාලන අර්බුදය විසඳනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවත් ලෙබනන් නව කැබිනට්ටුව පිහිටුවීමෙන් අනතුරුව දැනට සිදුකරගෙන යන ලෙබනනය සහ ශ්‍රී ලංකාව අතර පවතින ගිවිසුම්වල කටයුතු සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත් තානාපතිනිය වැඩිදුරටත් සඳහන් කරන ලදි.

2015 දී යුනෙස්කෝව සඳහා ලෙබනනයේ අපේක්ෂකත්වය සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය පිළිබඳව තානාපතිනිය ලෙබනන නියෝජ්‍ය අගමැතිවරයා දැනුවත් කළ අතර 2023-2027 කාලය සඳහා ජාත්‍යන්තර නීති කොමිසම (ILC) සඳහා තානාපති මොහාන් පීරිස් මහතාගේ අපේක්ෂකත්වය සඳහා අන්‍යෝන්‍ය සහයෝගය ඉල්ලා සිටියාය. එම ඉල්ලීම ක්‍රියාවට නැංවීමට නියෝජ්‍ය අගමැතිවරිය එකඟ විය.

බේරූට් පිපිරීමෙන් විපතට පත් වූවන් සඳහා ලංකා තේ සහ ආහාර සලාක පරිත්‍යාග කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජයට ස්තූති කළ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරිය, ක්ෂේත්‍ර ගණනාවක ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම සඳහා අන්‍යෝන්‍ය සහයෝගීතාව සහතික කළාය.

මෙම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා තානාපතිනිය සමඟ කම්කරු හා සුබසාධන උපදේශක ශ්‍රීමාල් කහතුඩුව මහත්මිය සහ දෙවන ලේකම් (කම්කරු) ටී. ලක්‍ෂ්මිදරන් මහතාද සහභාගී වූහ.

 

 



අදහස් (0)

ලෙබනනයේ ලාංකිකයින්ගේ ගැටලු එරට නියෝජ්‍ය අගමැති සමඟ සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 440 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 737 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1728 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2490 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 540 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 450 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 40 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 435 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site