(අංජුල මහික වීරරත්න)
වත්මන් රජය ජාත්‍යන්තර වශයෙන් රට නිසියාකාරව හැසිරවීමක් නොකළ නිසා මේ වනවිට කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් වැසී යන තත්ත්වයට පත්ව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ආණ්ඩුව ගෙනයන ආකාර්යක්ෂම ක්‍රියා පිළිවෙත නිසා නැවතත් රට පෝලිම් යුගයකට තල්ලු වී තිබෙන බව පැවසූ වජිර අබේවර්ධන මහතා ලබන අප්‍රේල්, අගෝස්තු මාස වනවිට රට ආර්ථික වශයෙන් දැවැන්ත අර්බූදකාරී තත්ත්වකට පත්ව ජනතාවට දැඩි පීඩාවන්ට මුහුණපෑමට සිදුවනු ඇතැයි කීය.
ඉතිහාසයේත් අකාර්යක්ෂම, දුර්වල පාලනයන් පැවැති සෑම අවස්ථාවකදීම රටේ ආර්ථිකය විනාශ වූ බව කී වජිර අබේවර්ධන මහතා ඒ සෑම අවස්ථාවකදීම නැවත රට ගොඩනැඟුවේ එක්සත් ජාතික පක්ෂ පාලනය බව ද පැවසීය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“ලබන අප්‍රේල් වන විට ආර්ථික අර්බුදය වැඩි විය හැකියි’’
දාස Wednesday, 29 September 2021 01:28 PM
මෙයාව දැක්කාම මතක් වෙන්නේ ඇවන්ගාඩ් සේනාධිනායකයි, මෙයයි එකතුවෙලා රටට හොද සේවයක් කරපු අල්ලස් කොමිසමේ දිල්රුක්ෂි මහත්මිය අමාරුවේ දාපු හැටි. ඇයට තිබුනෙ මේකටත් විරුද්ධව නඩුදාන්න.
පප්ප Wednesday, 29 September 2021 01:41 PM
දන්නේ නැති හින්දයි අහන්නේ...., යහපාලනය කාලේ ගෝඨාභය මහත්තයාට ලංකාවේ පාස් පෝට් එක ගන්න උදව්කළේ තමුන් කියලා ලොකු රාවයක් තිබුණා.. එ්ක ඇත්තද ආයුබෝවන්..? ඔයගොල්ලෝ ඔක්කෝම ඩීල් කාරයින් නිසා පුදුම වෙන්න දේකුත් නැහැ.
කිරි පුතා Wednesday, 29 September 2021 01:56 PM
මේ ගොබ්බයන් බලාගෙන ඉන්නේ රට වැටුණාම ඡන්ද අරන් පාර්ලිමේන්තු ඇවිත් නැවත හොරා කාගෙන කාගෙන යන්න... වෙන මොන අරමුණක්ද මේ මිනිසුන්ට?
Senarath Wednesday, 29 September 2021 02:44 PM
2015 සිට 2019 දක්වා රට ගොඩනගපු හැටි රටේ ජනතාව හොඳින් දැක්කා. ඒකනේ ඔයාලා සියලු දෙනා ගෙදරම යැව්වේ. අඩු තරමේ හිටපු අගමැතිට බැරි වුණා ආසනේ දිනන්න.
Nimal Wednesday, 29 September 2021 04:07 PM
මේ අයට පිස්සුද මන්දා... රට ගැන තඹ දොයිතුවකට ගාණක් නැති මිනිස්සු... පත්තරේට මූණ දාගන්න කරන දේවල් වෙන්න ඇති නේද? කවුද මෙයාලා කියන දේවල් ගණන් ගන්නේ...
චන්දන Wednesday, 29 September 2021 04:19 PM
පොඩ්ඩක් කියනවද 2015න් පස්සේ කර්මාන්ත කීයක් ආරම්භ කළාද? එජාප කාලෙදී කර්මාන්ත කීයක් වහලා දැම්මද කියලා...?
fairoos Wednesday, 29 September 2021 04:28 PM
උඩ ප්‍රතිචාර බලනකොට හිතන්නේ මේ අය ඉන්නේ ලංකාවේ නෙවෙයි කියලා..
Raveendra Wednesday, 29 September 2021 04:32 PM
එසේ අප්‍රේල් වෙනකොට ආර්ථිකය උග්‍ර වෙනවා නම් නුඹලා පට්ටියේ ලැගලා ඉන්න අතරතුරේ හරි හම්බකරපු ඒ මහා මුදල් කන්දරාව දෙනවකෝ මහජන සුබසිද්ධිය සඳහා මේ එකඑක කතා නොකිය.... එහෙමනේ මිනිහෙක් වුණාම කළයුත්තේ. මේ එකඑක කතා කියන්නේ නැතිව.
දර්ශණ Wednesday, 29 September 2021 04:51 PM
ඔන්න ආර්ථික ඔස්තාර් කෙනෙක් මේ දේ කියලා තියෙන්නේ...
sam Thursday, 30 September 2021 01:15 AM
ඔය කළදුටුකල වල ඉහගෙන කෑමක් තමයි. එකෙක් තමයි. කීයක් හරි හොයාගන්න පුලුවන් නම් ඕනම එකක් කරනවා. ගාලු ක්‍රිකට් පිට්ටනියත් විකුණන් කන්න හැදුවා...