IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ලබන වසරේ අයවැය වැඩි ඡන්ද 43 කින් දිනයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ලබන වසර (2023) සඳහාවූ  රජයේ අයවැය ලේඛනය ( අයවැය විසර්ජන පනත් කෙටුම්පත ) පාර්ලිමේන්තුවේදී අද  (8) වැඩි ඡන්ද 43 කින් සම්මතවිය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද  80 ක් පමණි.

සමගි ජන බලවේගය පක්ෂය, ජාතික ජන බලවේගය පක්ෂය,දෙමළ ජාතික සන්ධානය යනාදී දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. මන්ත්‍රීවරු  දෙදෙනෙක්  ඡන්දය දීමෙන් වැළකී සිටියහ. සී.වී විග්නේෂ්වරන් සහ වේලු කුමාර්එ එම මන්ත්‍රීවරුන් දෙදෙනාය.

පනත් කෙටුම්පතට විරුද්ධ හෙයින් ඡන්ද විමසීමක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මුලසුනෙන්  ඉල්ලා සිටියේය. ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.

මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේ(8) දවස පුරා පැවැත්විණ. අයවැය විවාදය පස්වරු 6.50 ට  පමණ අවසන් වූ අතර අවසාන ඡන්ද විමසීම පැවැත්වුණේ ඉන්  අනතුරුවය.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය නොවැම්බර් මස 14 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය.

ඉන් පසු අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 15 වැනිදා ආරම්භවී එම මස 22 වැනිදා දක්වා දින හතක කාලයක් පැවැත්විණ.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වෙනිදා ආරම්භවූ අතර  විවාදය ඊයේ  දක්වා දින 13 ක් පැවැත්වුණේය.

ඒ අනුව අයවැය විවාදය පැවැත් වුණු මුළු දින ගණන 20කි.

අයවැය අවසාන ඡන්ද විමසීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන ඊයේ  දැඩි කර තිබෙනු දැකගත හැකිවිය.



අදහස් (6)

ලබන වසරේ අයවැය වැඩි ඡන්ද 43 කින් දිනයි

විපරමා Thursday, 08 December 2022 07:18 PM

පොහොට්ටුවෙ ඉන්න දුශිතයො අයවැයට පක්ෂව චන්දය දෙන බව අපි දන්නවා. මුලුමහත් ජනතාවම පින් ජනපතියා සහ දූෂිත පොහොට්ටු ආණ්ඩුව පිළිකුල් කරලා,ප්‍රතික්ෂේප කරලා හමාරයි .

:       15       30

fairoos Thursday, 08 December 2022 07:20 PM

කටුකන මන්ත්‍රීලා ඉන්කම් රටට අබ සරණයි.

:       11       29

බෙම්පි Thursday, 08 December 2022 09:32 PM

උන්ගේ යෝජනා උන්ම ඡන්දෙ දීලා සම්මත කරගන්නවා. ජන්දේ දීලා උන් එතෙන්ට යවපු මහජනතාව නිකන් බලාගෙන ඉන්නවා. අනේ මෙහෙම ප්‍රජාතන්ත්‍රවාදයක්‌. අවරුදු හැත්තෑ ගානක් කෙරුවේ ඕකමනේ. උන් දිනුම් හැමදාම මහජනතාව හැමදාම එතනමයි.

:       0       0

Perera Friday, 09 December 2022 01:14 AM

අයවැයට පක්ෂව ඡන්දේ දීලා තියෙන්නේ රට ගැන හිතලා නෙවෙයි, තමන්ගේ සාක්කුව ගැන හිතලා.

:       0       0

ranjith Friday, 09 December 2022 03:17 AM

134 දෙනෙක් ගේ අයවැයට අන්තිමේ චන්දය දීලා තියෙන්නේ 123 පමණයි .දස දෙනෙක් හෝ කරුණු අවබෝධ වෙලා ජනතාව පැත්තේ හිතගත්තු එක හොඳ දෙයක් .වැඩි කල් නොගොස් බහුතරයම අහිමි වේවි

:       1       0

chandana Friday, 09 December 2022 10:32 AM

මේ අදහස් දාන අය දන්නවාද දන්නේ නැහැ අය වැය සම්මත නොවුනොත් වෙන දෙය .මුන් නිකන් අවභෝදයක් නැතිව අදහස් දානවා

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 160 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 228 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 767 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 568 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1320 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 416 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1911 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site