IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


‘‘ලබන වසරේ ආහාර අර්බුදයක් ඇති විය හැකියි‘‘

(අංජුල මහික වීරරත්න)

රජය සතු විදේශ සංචිත පහළ යෑම නිසා ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වීම නතර වීම මෙන්ම පොහොර ප්‍රශ්නය ලබන වසරේ ආහාර අර්බුදයක් නිර්මාණය වීමට හේතුවක් වනු ඇතැයි ද මේ සියළු ප්‍රශ්නවලට රජය ඉක්මණින් විසඳුම් සෙවිය යුතු යැයිද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි.

සංඛ්‍යා ලේඛන විජ්ජා පෙන්වමින් රට මුලා නොකර පවතින සැබෑ ආර්ථික අර්බුදය හෙළිකරමින් ඊට මුහුණ දීමෙි සැලසුම් ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කතාවෙන් ද නොකී බැවින් මුදල් ඇමති ලෙස අගමැතිවරයා හෝ මේ ගැන ප්‍රකාශයක් කළ යුතුව ඇතැයි විජයවර්ධන මහතා සඳහන් කරයි.

"ආණ්ඩුවේ සැලසුමක් නොමැති ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් දිනෙන් දිනම ජීවන බර ඉහළ යමින් ජනතාව පීඩාවට පත්ව සිටියි. සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන් ගේ මිල පාලනය කිරීමට යැයි කියමින් ආණ්ඩුව ගැසට් නිවේදන ප්‍රකාශයට පත් කළ ද ඒවා අර්ථ විරහිත කරමින් භාණ්ඩ මිල වෙළෙඳ පොළ තුළ ඉහළ ගොස් තිබේ.

කොවිඩ් වසංගතය හමුවේ ජනතාව ආර්ථික වශයෙන් මිරිකෙමින් සිටිය දී ආණ්ඩුව ඒ කිසිවක් තඹයකට මායිම් නොකර භාණ්ඩ මිල සුළඟේ පාව යාමට ඉඩදී අහක බලාගෙන සිටීම අප තරයේ හෙළා දකිමු" යනුවෙන් ද විජයවර්ධන මහතා සදහන් කරයි.

 



අදහස් (12)

‘‘ලබන වසරේ ආහාර අර්බුදයක් ඇති විය හැකියි‘‘

SUNIL MILANO Tuesday, 29 June 2021 06:42 PM

මොකටද බය වෙන්නේ...? අර මත්තල ගබඩා කරපු වී ටික ගන්න පුළුවන්නේ... විකාර දොඩවනවා.

:       197       443

කොරටුවෙ ගෙදර පියසිරිWednesday, 30 June 2021 07:12 AM

මෙයට අවුරුදු 50කට පෙර අපි පොල් වික්කේ ගෙඩියක් සත දහයකට වැනි මුදලකට. පොල් විකුණූ අපේ ආච්චි මැරෙන්න කිට්ටුව මෙයට අවුරුදු 20 කට පෙර දවසක් මට කිව්වා මම ඒ කාලේ වික්ක පොල් මේ කාලේ වෙනතුරු තිබුණා නම් හොඳ සල්ලියක් ගන්න තිබුණා කියලා පොල් ගෙඩියක් ගොඩක්කල් තියාගන්න බැහැ කියලා අපේ ආච්චිට තේරුණේ නැහැ. මිලානෝ මුත්තගේ දැනීමත් ඒවගේ කියලා හිතෙනවා...

:       0       13

Rohana Tuesday, 29 June 2021 07:04 PM

රට පාලනය කරන්න බැරිනම් කරන්න පුලුවන් කෙනෙකුට රට බාරදුන්නොත් නරකද? ඉදිරියේ විශාල ආර්ථික අර්බුදයක පෙර සලකුනු පෙනෙනවා.

:       340       147

tikiriTuesday, 29 June 2021 07:39 PM

කවුරු ආවත් ඔය ටික තමයි. හුඟ දෙනෙක් දැන් කරන්නේ බොර දියේ මාළු බාන එක...

:       49       139

Sri Lanka Tuesday, 29 June 2021 07:05 PM

මිනිසුන් ආණ්ඩුවට බනින්නේ හැමදෙයක්ම පිටරටින් ගේනවා කියලා. මේක හොඳ අවස්ථාවක්.. වසවිස නැති පොහොර ගමේම හදාගෙන මුදල් ඉතිරි කරගන්න. ඒ වගේම හොඳ සෞඛ්‍යමත් දිවියක් ගොඩනගන්න...

:       117       200

සෙනෙවිරත්න Wednesday, 30 June 2021 07:19 AM

ඔබ වසවිස ඇති පොහොර යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ප්‍රමිතියක් නැති පොහොර ද නැත්නම් සියලුම රසායනික පොහොරද? නැත්නම් බැර ලෝහ සහිත පොහොරද? කියන්නම් වාලේ කියවනවා විනා බොහෝ අය නියම තත්ත්වය දැනගෙන අදහස් දක්වනවා නොවේ. පාලකයින්ට ඇති ගැතිකම මත ඔවුන් කරන සියල්ල හරි යැයි සිතන පිරිසක් රටේ ඉන්නේ... ප්‍රමිතියකින් යුතු පොහොර ගෙන්වා වැඩිමිලට හෝ ලබාදීම, කාබනික පොහොර ක්‍රමයෙන් හුරු කිරීමයි කළයුතුව තිබුනේ... ආහාර නිෂ්පාදනය අඩු වූ විට ගෙන්වන ආහාර ඔය කියන වස විස නැති ඒවාද? කාබනික පොහොර යනු කලුපාටිින් ඇති පැකට්කළ කොල⁣ රොඩු දිරූ ඒවා පමණක් නොව ඊට වඩා යහගුණ තිබිය යුතුයි. අප මිලට ගන්නා කාබනික පොහොරවල තත්ත්වය කෙසේද? කවුද මේවා මනින්නේ...?

:       0       1

කිරිපුතා Tuesday, 29 June 2021 07:38 PM

බොර දියේ මාළු බාන ඇත්තන් තමන්ගේ මල්ල තරවෙනවා බලන්න කල දුටු කල වල ඉහගන්න දඟළනවා. හැබැයි ඉතින් මේවා පුස් වෙඩි වග උකුණු හිසක් තරම්වත් මොළයක් තියෙන ඕනෑම කෙනෙකුට වැටහෙනවා.

:       31       155

මුණසිංහ Tuesday, 29 June 2021 08:30 PM

හරි ජොලි නේද ? මෙහෙමත් දේශපාලකයන් අපිටත් ඉන්නවානේ...

:       28       137

Aruna Tuesday, 29 June 2021 08:57 PM

ඔය මොලේ බලේ තිබ්බ කාලේ තිබ්බේ අැලේද?

:       19       130

thilak Tuesday, 29 June 2021 08:57 PM

රටට කෙල වෙනකම් බලන් ඉන්නවා බලය ඩැහැගන්න... මේ අයත් දේශපාලකයින්ද?

:       2       131

C senevirathne Wednesday, 30 June 2021 08:12 AM

මේ ප්‍රතිචාර දැක්වූ එක් අයෙකු හෝ රටේ පවත්නා ප්‍රශ්නය ස්පර්ශ කර නැත. පුටුව කැඩුණ බව කීමට වඩුවෙකුම විය යුතු නැත. සමහර විට, පුටුව කැඩී ඇත්තේ වඩුවාගේ වරදින් නොව පුටුව පරිහරණයේ වරදක් විය හැකිය. අවධානය යොමුවිය යුත්තේ එය වෙතය.

:       0       0

rihan Wednesday, 30 June 2021 09:48 AM

ජනාධිපතිතුමාගේ තීරන තමයි රටේ අභිවෘද්දිය

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 257 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 125 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 196 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 749 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1009 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1216 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1199 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site