(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලබන වසරේ රජයේ වියදම් සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය විසර්ජන පනත් කෙටුම්පතේ වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වන අතර එම මුදල රුපියල් කෝටි 42271කි.
ඊට පසු වැඩිම මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කෙරෙන අතර එම මුදල කෝටි 41028කි.
විසර්ජන පනත් කෙටුම්පත අනුව ලබන වසරේ රජයේ වියදම් සඳහා රුපියල් කෝටි තුන් ලක්ෂ අසූ හය දහසකට වැඩි මුදලක් වැය කිරීමට රජය අපේක්ෂා කරයි.
ලබන වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීමටවූ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳවූ ගැසට් නිවේදනය පසුගිය 27 වැනිදා නිකුත් කරනු ලැබීය.
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මේ සතියේ ඉදිරිපත් කිරීමට නියමිතය.
මීට අමතරව ජනාධිපති කාර්යාලය වෙනුවෙන් රුපියල් කෝටි 659 ක්ද අග්‍රාමාත්‍ය කාර්යාලය වෙනුවෙන් කෝටි 115 කට වැඩි මුදලක්ද උපරිමාධිකරණ වල විනිශ්චකාරවරුන් වෙනුවෙන් රුපියල් කෝටි 51 ක්ද වැය කෙරෙන බව විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන් වේ.
මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් රුපියල් කෝටි 85 ක්ද පාර්ලිමේන්තුව වෙනුවෙන් රුපියල් කෝටි හාරසිය තිස් දෙකක්ද මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වෙනුවෙන් කෝටි 22494ක්ද විදේශ කටයුතු අමාත්‍යංශය වෙනුවෙන් කෝටි 1960ක්ද කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 10041ක්ද වෙන් කෙරේ.
මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් කෝටි 23705 ක්ද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනුවෙන් රුපියල් කෝටි 5577 ක්ද මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් කෝටි 14073ක්ද වෙන් කෙරෙනු ඇත.
මාතර සිට කොළඹ මරදාන දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගලයන් දෙදෙනකු මියගොස් කුඩා ළමයෙකු තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ලබන වසර විසර්ජනයේ වැඩිම මුදල ජාතික ආරක්ෂාවට
කමල් Friday, 29 September 2023 07:19 PM
තේරෙන්නේ නැති හින්දයි අහන්නේ. විදේශ අමාත්‍යාංශයට බිලියන 19.6ක් වියදම් කළාට මෙච්චර කල් ප්‍රතිඵල තියෙනවාද? අඩු ගානේ ලංකාවේ බිස්නස් වලට... ආරක්ෂක අමාත්‍යාංශයට වුණත් ඇත්තටම වියදම් වෙන විදිහ බලන්න පුළුවන් කොළඹ ප්‍රධාන පාසල් ඉස්සරහ උදේ ඉඳලා හවස් වෙනකම්ම නවත්තලා තියෙන ආරක්‍ෂක අමාත්‍යාංශයට අයිති වාහන, රියදුරෝ දැක්කාම. කවුරු ආවත් හැමදාම කලේ නාස්ති කරන එක විතරක් හින්දා බැරිද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තේමාව වෙනස් කරන්න "සදාකාලික නාස්තියට අපි බදු ගෙවමු" කියලා...!
chandima Friday, 29 September 2023 08:51 PM
ඒ කියන්නේ කඳුළු ගෑස් එහෙම තව වැඩියෙන් ගෙන්වන්න යනවද?
චන්දන Saturday, 30 September 2023 07:48 AM
මේවා කොලයකට සීමා වූ ඉලක්කම් විතරයි. ඇත්ත වියදම හා ආදායම මීට වඩා වෙනස්... මෙතැන ඇස් බැන්දුමක් විතරයි. ගිය අවුරුද්දේ යෝජිත හා සම්මත අයවැයත් සත්‍ය වියදම් ආදායමත් පුළුවන් නම් දැන් පෙන්නන්න...