IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


‘ලිබරල් සහෝදරත්වය’ අරගලයෙන් ඉවත් වෙයි

(යොහාන් භාසුර)

ගාලුමුවදොර අරගලය ආරම්භ වීමටත් පෙර සිටම අරගලය වෙනුවෙන් අඩිතාලය දැමූ ‘ලිබරල් සහෝදරත්වය’ සංවිධානය අරගල භූමියෙන් ඉවත් වන බව එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ධූරය හැරයාමත් සමඟ ගාලුමුවදොර පිටියේ අඛණ්ඩව ගෙනගිය අරගලයේ අරමුණ ඉටුවූ බවත් සමාජ ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීමෙන් සකස් කළ ‘ගාලුමුවදොරින් ඔබ්බට’ මාලාව ක්‍රියාත්මක කළ හැක්කේ පුළුල් දේශපාලන, ආර්ථික සහ සමාජීය කථිකාවතකින් ඇති වන එකඟතාවකින් මිස තව දුරටත් අරගල කිරීමෙන් නොවන බවත් ‘ලිබරල් සහෝදරත්වය’ සංවිධානය කියයි.  

වර්තමානයේ ගාලුමුවදොර අරගලය කණ්ඩායම් සහ පුද්ගලයන් කීපදෙනෙක් ඔවුන්ගේ දේශපාලන මතවාදය ප්‍රචලිත කිරීමට යොදාලැනීමෙන් අරගලයේ පොදු අරමුණ බොඳවී ඇති බව කී ලිබරල් සහෝදරත්වය’ සංවිධානය එම කරුණ හේතුවෙන් එම සංවිධානය අරගලයෙන් ඉවත්වීමට තීරණය කළ බව ද සඳහන් කරයි. 



අදහස් (20)

‘ලිබරල් සහෝදරත්වය’ අරගලයෙන් ඉවත් වෙයි

ලුම්බිණි Friday, 29 July 2022 05:18 PM

අරගලය අල කරන්න නොයෙක් දේවල් ආණ්ඩුව කරගෙන යනවා. මේවාට රැවටෙන්න එපා.

:       143       51

NishanSaturday, 30 July 2022 06:25 AM

අලයන්ගේ චොරගලය...! 

:       0       1

jayasekaraSaturday, 30 July 2022 09:25 AM

අනේ ඔයාගේ අලේ... හැමදාම අරගල කරකර ඉන්න සුද්දෝ ටිකත් නැතිකරගෙන. උඩබලාගෙන තමයි ඉන්න වෙන්නේ... දැන් අරගලයේ ඉතිරිවෙලා ඉන්නේ... දේශපාලන ජවිපයෝ... NGO හෙංචයියෝ විතරයි. මුල් අරගල කරුවන්ගේ අරමුණ ඉටුවෙලා දැන් අයින් වෙනවා. හැමදාම එනඑන අය එළව එළවා හිටියොත් හොඳට හිටීවි..!

:       1       7

Mad Sad Friday, 29 July 2022 05:51 PM

ගිය වසරේ අපේ රටට ආපු විදෙස් තානාපතිනියක් ජනපති කාර්යාලයේ ඉඳලා ගත්තු ඡායාරූපයක් ඇයගේ කාර්යාලයේ තියාගෙන තියෙනවා. එය ඇඳ ඇතිරිල්ලකට යොදා යවපු පින්තූරය දැකලා කෝපවුණු ඇය කිව්වාලු වහාම මගේ කාර්යාලයෙන් මෙය ඉවත් කරන්න කියලා..!

:       24       94

chandima Friday, 29 July 2022 05:58 PM

මොකක්ද ඔය අරගලය කියන්නේ? පාරේ නිදියන එකද? පෙළපාලි යන එකද? රැවුල් වවාගෙන ඉන්න එකද? නායකයෙක් නැති, ස්ථිර අරමුණක් නැති, අරගල හොඳයි ඒ අයටම...

:       15       117

Prase Friday, 29 July 2022 06:01 PM

හා හා රනිල්ට බය වුණා නේද?

:       10       76

TURE Friday, 29 July 2022 06:05 PM

කොටි සංවිධානයත් එදා මේ කියන නම "‘ලිබරල් සහෝදරත්වය" කියලා දාගෙන ආවා නම් හැමෝම අදටත් ඉහළින්ම පිළි අරගෙන... !

:       5       54

Ratne Friday, 29 July 2022 06:20 PM

මේවා මුදලට නිකුත් කරන නිවේදන... බහුතර ජනතාව තවමත් අරගලයට සහයෝගය සහ හදවතින්ම සුබ පතනවා.

:       130       32

එරත්නෙFriday, 29 July 2022 08:19 PM

පෙරෙට්ටුවෝ කුරුට්ටෝ අනතුරේ... ලපයා සහ නුඹ ඉන්නවා කියලා හිතෙනවා... ඒ හැර වෙනත් කිසිවෙක් සිටීද රත්නේ...?

:       13       103

Shashika519 Friday, 29 July 2022 08:15 PM

කොහේහරි දෙයක් අල්ලගෙන මොනවාහරි නමක් ගහලා සංවිධානයක් අටවාගෙන අරගලය නැවත්තුවා කියලා සල්ලිවලට ප්‍රචාර යවන මෙහෙයුම...

:       107       18

විජිත් Saturday, 30 July 2022 08:55 AM

ඔබ හරි... ඔය කොහේ හරි යන, අරගලයේ නියම පටන් ගැන්ම ළඟදීම උදාවේවි. එදාට පොලිසිය, හමුදාව වැනි තැන්වල සිටින උතුම් මිනිසුන් සියලුදෙනාම අරගලයට එක්වීම කිසිම බලවේගයකට වළක්වන්නට බැරිවෙනවා. අරගලයට වෙඩි තබන්න අණදුන්නොත්.. උපරිම වශයෙන් 40ක් මැරෙයි. ඊට වඩා මරණ ගණනක් ඇතිවෙන්න බැහැ. ඒ ගණන තමයි මේ ලෝකයේ අරගලයකදී සිදුවුණු වැඩිම මරණ ගණන-මොහොතකදී... ඉන්පසු සිදුවුණේ කුමක්ද? අරගලකරුවන්ට වෙඩි තැබූ හමුදාව තම අවිය දූෂිත දේශපාලුවන්ට හරවනවා. ඒ සංසිද්ධිය අනිවාර්යයෙන්ම අපේ රටෙත් සිදුවෙනවා. පහනක් නිවෙන්න කලින් ලොකු ආලෝකයක් නිකුත් කරනවා. අන්න ඒ අවස්ථාවේ තමයි මේ මොහොතේදී අපේ රටේ දේශපාලුවන් සිටින්නේ... අරගලයට ජයවේවා...!!!

:       1       1

darman Friday, 29 July 2022 08:27 PM

ලිබරල්ලාට නෙමෙයි අරගලේ මුල ඉඳලා ආව අපිටත් තිත්තයි. අපි ආවේ අපේ දරුපැටවුන්ගේ බඩගින්න හින්දා... ජෙවීපී පෙරටු සෙට්වලට ඕනෑ ඔවුන්ට බලේ ගන්න මිසක් රට හදන්න නොමේ. එතැනත් දෙගොල්ලන් මරාගමින්. මොවුන් ආණ්ඩුව ගත්තොත් ඉස්සෙල්ලාම නවත්තන්නේ මහජන හඬ සෝෂල් මීඩියා.

:       8       126

maheshFriday, 29 July 2022 09:50 PM

සම්පූර්ණ ඇත්ත... එයාලා බලේ ගත්තොත් මේක කියුබාව වගේ, කතා කරන්න තහනම්...! 

:       0       0

NishanSaturday, 30 July 2022 08:15 AM

කෑම පිඟානටත් මරා ගත්තා.

:       2       2

darmanSaturday, 30 July 2022 10:06 AM

මමත් දැක්ක.

:       0       1

මෝ Saturday, 30 July 2022 12:30 AM

මේක දැන් ගොබ්බ අරගලයක්.මේකට සහය,දෙන්නෙ ගෝටටත් අන්ත ගොබ්බයින්.ගෙවල් වලට ගිහින් තමන්ගෙ දරුවන්ට පවිලේ අයට ප්‍රයොජනයක් ඇති රස්සාවක් කරල උඹලාගේ පවුල් ගොඩදාපල්ලා.නිකං කන්න බලං ඉන්න නිකමුන් නොවී.

:       1       5

Bamunuarachchi Saturday, 30 July 2022 05:44 AM

බටලන්ද වැඩ පටන් අරගත්තබව දැනගන්න ලබිලාවගේ.

:       3       6

චන්දන Saturday, 30 July 2022 06:37 AM

ඉහත කමෙන්ට්වලින් පේන්නේ අරගල ඉවරයි කියලා වගේ...

:       0       1

rocky Saturday, 30 July 2022 07:05 AM

හා හා... ! අරගල කරන්න එපා. දැන් රටේ තත්වය ඔය ශෝක් එකට සංවර්ධනය වෙන්නේ...! ඔහොම යන්න ඉඩ දෙන්න..!

:       0       0

Nilam Saturday, 30 July 2022 01:44 PM

අසරණ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න නිසයි අරගල කරන්න පටන් ගත්තේ... ඒකට කොහේද ඉන්න ගොබ්බයින් ටිකක් මැදට පැනලා ඔවුන්ට බලය ගන්න අරගලය යොදාගත්තා, තව ගෝඨාභය එක්ක තියෙන තරහට NGO, කොටි හිතවාදීන්, ආදී පිරිස් මේ අරගලය යොදාගත්තා ඔවුන්ගේ වැඩවලට.. දැන් ප්‍රශ්න තිබුණු මිනිස්සු අනාථයි. ඔවුන්ගේ ප්‍රශ්න එහෙමමයි. දැන් නියම අරගලය කරපු මිනිස්සු ගෙවල්වල කරගන්න දෙයක් නැතිව. මොවුන් මේ සාමකාමී අරගලය විනාශ කෙරුවා. දැන් අත්අඩංගුවට ගන්න අයගෙන් පේනවනේ කව්ද මේක කෑවේ කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 920 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


මැති සබේට යන සාමාජිකයෝ
2024 නොවැම්බර් මස 15 5778 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 5321 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 14206 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4804 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 639 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 273 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1707 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site