IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ලයිට් බිල වැඩි කරන්න අයිඑම්එෆ් කියයි

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරට විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමට පසුගිය ජනවාරි මාසයේදී විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙන බවත් එම සංශෝධනයත් සමග විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය, නව ගාස්තුවෙන් ආවරණය නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කර ඇතැයි එම අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා අද (04) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

ඉදිරිය දෙස බලනවිට ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලැබීමට තිබෙන හැකියාව නව ගාස්තුව යටතේ වැළැක්වීමට අවස්ථාවක් නොලැබෙන බව පැහැදිලි යැයි බෲවර් මහතා පැවැසුවේය.

ඒ හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ණය නැවත ගොඩ ගැහීමේ අවදානමක් පවතින බවත් එවිට නැවතත් ලංකා විදුලිබල මණ්ඩලය රජයට බරක් වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය රජයට කෙතරම් බරක් විය හැකිදැයි යන්න පිළිබඳව සැමට අත්දැකීමක් තිබෙන බවත් ඒ හේතුවෙන් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණයක් ඉදිරි විදුලිය ගාස්තු සංශෝධනයේදී නැවත ස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය බව ද ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පැවැසුවේය.

පාඩු නොලැබෙන ආකාරයෙන් මිල තීරණය කිරීමට ස්වයංක්‍රීය යාන්ත්‍රණ දැනටමත් තිබෙන බවත් ඒවා ක්‍රියාත්මකවීමට ඉඩ හැරිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව පිළිබඳ සිදු කළ තෙවැනි සමාලෝචනයට විධායක කමිටු අනුමැතිය ලැබීම සම්බන්ධයෙන් ඊයේ (04) වොෂිංටන් නුවරදී මාධ්‍ය හමුව පැවැති අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර්, නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානි කට්සියරිනා ස්විරිඩ්සෙන්කා සහ නේවාසික නියෝජිත මර්තා ටෙස්ෆායේ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

 



අදහස් (35)

ලයිට් බිල වැඩි කරන්න අයිඑම්එෆ් කියයි

රනේ Wednesday, 05 March 2025 06:39 AM

ඇත්ත. ඒත් එතකොට අපි..? අපිට මොකද වෙන්නේ..?

:       4       37

GamunuWednesday, 05 March 2025 08:09 PM

ජෙවිපි සංගම් නිහඩව සිටින්නේ ඇයි ?

:       0       2

Shantha Wednesday, 05 March 2025 07:12 AM

අනේ යන්න සුද්දෝ යන්න.

:       12       32

ගුණරත්න Wednesday, 05 March 2025 08:06 AM

පාණ්ඩුවේ ඇම්බට්ටයනි ඔන්න උඹලට එල්ලෙන්න පිදුරු ගහක්, දැන් ඕක පාවිච්චි කරලා විදුලි බිල වැඩි කරන එක හෝදපල්ලා

:       40       157

දෙබරා Wednesday, 05 March 2025 08:43 AM

ඔන්න පැන්න බළල මල්ලෙන් එළියට

:       56       34

අරවින්ද මොණරවිල Wednesday, 05 March 2025 09:31 AM

ලිදට වැටුණ මිනිහා ලිං කටෙන්ම එලියට එන්න ඕනලූ, එවගේ තමයි මේකත් රනිල්ලා රාජපක්ෂලා රට බංකොලොත් කරලා විතරක් නිකම් හිට්යේ නැහෑ ලෝක බැංකුව නැමති මරාලයෙත් එල්ලුවා රට. දැන් ඒ මරාලයෙන් මේ ආණ්ඩුවටත් ගැලවෙන්න බැහැ ඒ නිසා පීටර් බෘවර්ලා තමයි තීරණය කරන්නේ අපි වේල් කීයක් කන්න ඕනද පැය කීයක් වැඩ කරන්න ඕනද පැය කීයක් නිදා ගන්නවද කියලා.

:       147       72

සමන් විමල්Wednesday, 05 March 2025 10:42 AM

ඩෝබිලා හැම මගූලටම අල්ලගන්නේ රාජපක්ෂ, රනිල් . රාජපක්ෂලා අයිඑම්එෆ් ගියේ නැති බවත්, ගෝඨාභය කාලේ විදේශ ණය ගෙවීම් කලා කියල දන්නෙ නැතිව ඇති.

:       19       103

BredWednesday, 05 March 2025 11:46 AM

කලින් ආණ්ඩු වලට බැන බැන ඉන්න එපා අරවින්ද... ගිහින් සාකච්ඡා කරලා විසඳුමක් ගන්න පුළුවන්. සාකච්ඡා වලට ගිහින් යර්ස් සර්, ඕකේ සර් කිය කියා ඔලුව වන වන ඉඳලා මෙතැන කලින් ආණ්ඩු පට්ට ගහනවා. 2/3ක් දීලා තියෙන්නේ ඕනෑ දෙයක් කරන්න පුළුවන්...!

:       12       105

karolisWednesday, 05 March 2025 02:48 PM

අම්මපා මොනරවිල ඔහේ තඹුත්තේගමටත් එහා වන්නි හත්පත්තුවේද?

:       4       22

Kazi Shajahan Wednesday, 05 March 2025 09:50 AM

අයිඑම්එෆ් එක තමයි කවදා හරි එන්පිපි ආණ්ඩුව නැතිකරන්නේ, ඡන්දෙට කලින් එන්පිපි එකට චන්ඩි පාට් දැම්ම අනුර දැනු බලු වෙලා ඉන්නේ.

:       34       88

ranjith Wednesday, 05 March 2025 11:18 AM

ඡන්දෙ දීලා ආණ්ඩු පත්කර ගත්තට වැඩක් නැහැ. IMF එක තමයි රට පාලනය කරන්නේ... මේ රටේ බලය ගන්න පක්ෂ ඔක්කොම එකයි. හැමදාම ජනතාව රැවටෙනවා.

:       7       75

RasikaWednesday, 05 March 2025 10:19 PM

මේ කතාව 100% හරි

:       1       1

siri Wednesday, 05 March 2025 11:22 AM

රටේ මිනිස්සුන්ට හරි හැටි ආදායමක් නැහැ. ලැබෙන මාසික සොච්චම් මුදලින් මේ විදිහට බු ගහලා රට හදන්න පුළුවන්ද? කෝ නිෂ්පාදන ආර්ථිකය කියන කතාව...? සිරිමාවෝ මැතිණිය ආසියාවේ ණය නැති රටක් විදිහට තියාගත්තා. 1977න් පසුව තමාම ඒ වගේ යහපත් පාලනයක් පේන්න නැහැ.

:       6       66

kamalWednesday, 05 March 2025 10:07 PM

සිරිමාගේ කාලේ රටේ විදුලිය තිබුනේ රටේ 25% කට විතරයි.

:       0       1

අතුකෝරළ Wednesday, 05 March 2025 11:23 AM

මේ මෝඩ ආණ්ඩුව ඇයි එහෙම අවදානමක් අරන් බිල අඩු කරේ.. හරි ගොන් අප්පා...!

:       11       56

Nimal Wednesday, 05 March 2025 11:30 AM

IMF එක වැඩ වර්ජන මේ වෙලාවේ කරන්න එපා කියලා.., පටි තද කරගන්න කිව්වා. එතකොට හොඳයි. හැබැයි හැමෝටම බලපාන මෙහෙම දෙයක් කිව්වාම කැමැති නෑ. කාට කාටත් තමන්ගේ බඩට වදිද්දි තමයි තේරෙන්නේ...

:       41       18

Akila Wednesday, 05 March 2025 11:42 AM

ඇයි මේ හැමෝම IMF එකට බනින්නේ? ඒ මනුස්සයා කියලා තියෙන්නේ ආපහු විදුලිබල මණ්ඩලේ පාඩු නොලබා කරගෙන යන්න උපදෙසක්, දැන් ආණ්ඩුවට පුළුවන් මේ මනුස්සයා කියන දේ අහන්න. නැත්නම් වෙන විදිහකට මණ්ඩලේ වියදම් කපාහරින්න... නැත්නම් රනිල්ලා, මහින්දලා බංකොළොත් වෙන්න කලින් රට කරා වගේ ඔහේ ගණන් ගන්නේ නැතිව පාඩු පිට දුවලා රජයට මෙම ආයතන නඩත්තුවට යන වියදම් පියවා ගන්න තව තවත් ණය ගන්න...

:       40       27

සුදු ඇඳගෙන කලු ඇවිදින් Wednesday, 05 March 2025 11:57 AM

රටේ තීරණ ගන්න බැරි නම් ජනාධිපති කෙනෙක් මොකටද ඇහුවා. ගෝඨා අයි.එම්.එෆ් නොයන්නේ කොමිස් ගන්න බැහැ හින්දා කිව්වා...

:       5       50

Casmir Wednesday, 05 March 2025 11:59 AM

පාඩු අවම කරගන්න නම් හොඳ කල්මනාකරිත්වයක තිබිය යුතුයි. ඔය ආයතන වල ගොඩක් ඉන්නේ වැඩ නැති පඩි ඇති කණ්ඩායම්... අනිත් එක හරි තීරණ ක්‍රියාත්මක කරන්න බැරි වෘත්තීය සමිති mafia එක හින්දා, රාජ්‍ය ආයතනවල වැඩිපුරම තියෙන්නේ වුර්තිය සමිති පාලනයක්...

:       27       32

Nilantha Wednesday, 05 March 2025 06:29 PM

සහතිකම ඇත්ත... ඇත්තෙන්ම මොවුන්ගේ උපදෙස් පරිදි අනවශ්‍යම අයට නැත්නම් ඇතිහැකි අයට මාස්පතා අනෙක් අයගේ ඇස්වසා දීමනා දෙනවා. ඒ මුදල් යොදවා විදුලි බිල් අඩුකරන්න උපදේශයක් දෙන්න මොවුන්ට මොළයක් නැද්ද?

:       0       5

Sumith Wednesday, 05 March 2025 12:23 PM

මේ අරවින්ද කිව්වොත් කියන්නේ හරක් කතාවක්. වහල්කමේ සීමාවක් තියාගන්න.

:       6       36

Asanga Wednesday, 05 March 2025 12:25 PM

ජනාදිපතිකමත් IMF එකටම දුන්නම් අරි. ලපයාගේ සේර්ම බොරු දැන් එළි වෙනවා. ජෙප්පෝ කලින් IMF එකට මොන මොන දේවල් කීවාද? දැන් ඔවුන්ගේ පදේට ලස්සනට නටනවා.

:       9       37

සෙනෙවිරත්න Wednesday, 05 March 2025 12:28 PM

සජිත් හර්ෂ මොකද කියන්නේ? තමුන්නැහැලා ආවා නම් වෙන විදියකටද සලකන්නේ? මෙහෙමවත් ජනතාවට සහන දෙන එක ගැන ස්තූති කරන්න ඕනෑ. ෂෙඩ් කාරයෝ පැත්ත අරගෙන හිටපු විපක්ෂයක් අපට ඉන්නේ...!

:       27       7

Toni Wednesday, 05 March 2025 12:32 PM

ලිඳට වැටුණු මිනිහට අරවින්ද ඇන්නා වගේ...

:       5       32

මැක්ස් Wednesday, 05 March 2025 12:36 PM

ජා.මූ.ල කියන කියන දේ කරන්න නම් ආණ්ඩුවක් මොකටද කියලා විපක්ෂේ ඉන්න කාලේ අනුර දිසානායක ප්‍රමුඛ මාලිමාවෝ ඇහුවානේ. දැන් තියෙන්නේ ඒකට උත්තරේ දෙන්න.

:       7       30

එඩී Wednesday, 05 March 2025 12:38 PM

සේදීම කලාවක් නම් අරවින්ද මොනරවිල එහි පිකාසෝ කෙනෙකි. ලැජ්ජා නැති වුණාම ඉතින් තව මොනවාද?

:       6       27

de silva Wednesday, 05 March 2025 12:52 PM

රජයේ ආධායම දිනකට රුපියල් බිලියන 5 කි වියදම රුපියල් බිලියන 7 කි , මෙම වියදම් වලින් වැඩි කොටසක් වියදම් වෙන්නේ නය සහ පොලිය ගෙවන්න ,රජයේ සේවකයන්ගේ වැටුප් , දීමනා සහ අනෙකුත් පහසුකම් සපයන්න , අවශ්‍ය ප්‍රමනෙට වැඩිය 3 ගුණයක් පමණ රජයේ සේවකයෝ රටේ සිටිති , නමුත් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලැබෙන්නේ නැත , ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැනි සුදු අලි නඩතුවද ආණ්ඩුව විසින් කරනු ලැබේ , රජයේ ස්වාකයන් ගෙන් 50% පමණ ඉවත්කර , ඉතුරු ටික නිසිලෙස ප්‍රති වියුහගතකරගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැනි සියලු පාඩු ලබන දේවල් වසා දමා වියදම් අඩු කලොත් අහර ද්‍රව්‍ය වලට ගහන බදු , විදුලි බිල් කිසිම ප්‍රශ්නයක් නැතුව අඩු කල හැක . මේ විදිහට විදුලි බිල් , විවිධ බදු වැඩි වුනොත් , රජයේ කන්තෝරුවකින් වැඩක් කරගන්න පෝලිම් වල ලගින්න වුනොත් , ගමනක් බිමනක් යන්න පොදු ප්‍රවාහන සේවා අවුල් වුනොත් , තරුණ පරම්පරාව අනිවාර්යයෙන්ම රට හැර යාවි

:       1       19

NirangaWednesday, 05 March 2025 04:30 PM

100% ක් එකඟයි. ඊළඟ ප්‍රශ්නය වැඩක් හරියට කරගන්න මිනිස්සු නැතිවෙන එක...

:       0       9

Niranga Wednesday, 05 March 2025 03:01 PM

IMF එක කියවනවට ලයිට් බිල වැඩි කරනවා නම්, පාඩු ලබන රජයේ ආයතන ශ්‍රී ලන්කන් බංකොළොත් ආයතන වැනි ඒවා නැවත පිළියෙළ කරන්න. ඒකත් IMF කිව්වා...

:       0       16

රුදු දෙමටගොඩ Wednesday, 05 March 2025 06:57 PM

පොඩ්ඩක් ඉඳහල්ලකෝ ඡන්දෙ ඉවර වෙනකන්.... වැඩි කරන්නම් ලොවෙත් නැති වෙන්න... මීට මෙට්‍රික් ටොන්...

:       0       13

nimal Wednesday, 05 March 2025 08:03 PM

කිසිම වැඩක් මේ රජයට කරන්න දෙන්නේ නෑනේ .දැන් කාලකන්නි දොස්තරලා ඇවිල්ලා

:       1       0

වික්‍රම Wednesday, 05 March 2025 08:24 PM

ඔය කියන අති දක්ෂ පුද්ගලයන් වැඩි ප්‍රමාණයක් දැන් රට හැර ගිහින්. ඉන්න අයගෙනුත් වැටුප් දිනා කැපුවම එයාලත් යයි. නිෂ්පාදනය වියදමට අඩුවෙන් විකූණුම් මල් තීරණය කලාම ඔහොම වෙනවා. බුකියේ අයට තේරුම් ගැනීමට බැරි ඇයි.

:       0       0

sugath Wednesday, 05 March 2025 10:05 PM

සූර්ය කෝෂ, සුළං බලය වැනි දේ තව දුරටත් ව්‍යාප්ත කිරීම හරහා විදුලි ජනන පිරිවැය තව දුරටත් අඩු කළ නොහැකිද?

:       0       0

Nishan Thursday, 06 March 2025 03:31 AM

මේ ආණ්ඩුවේ නායකයෝ චන්දෙට කලින් කියපුවා දැන් එයාලට මතකත් නෑ චන්දේ දීපු අයට මතකත් නෑ. මතක නැද්ද විදුලි බිල තුනෙන් දෙකකින් අඩු කරනවා කිව්වා ඉතා ඉක්මනින්. ජනවාරියේ කරපු අඩු කිරිල්ල කලෙත් උපයෝගිතා කොමිසම මිසක් ආණ්ඩුව නෙවෙයි. ආණ්ඩුවට කිසි දවසක විදුලි බිල අඩු කරන්න උවමනාවක් තිබුනේ නෑ. පවු අසරණ චන්ද දායකයෝ පුදුම විදියට රැවටුනේ.

:       0       2

Saman Thursday, 06 March 2025 06:29 AM

ගෝඨා IMF නොයා ඉන්න හැකි උපරිම උත්සාහය දැරුවේ මේ නිසාය.හැකිතාක් ඩොලර් නීත්‍යානුකූලව එවා අසීරු කාලය ගෙවා ගැනීමට කවුරුත් ඔහුට උදවු කලේ නැත. බොරදියේ මාලුබා ඔහුව ගෙදර යැව්වා පමණි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 722 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 342 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 469 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 1259 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 735 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 4478 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 598 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 307 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site