IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’

(සුජිත් හේවාජුලිගේ)

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.

මේ අනුව ගිනි අවි සහ ඒ සඳහා නිකුත් කර ඇති පතුරම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරන ද්‍රව්‍ය ගබඩාවට ලබන සඳුදාට (07)  පෙර බාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය සියලුම බලපත්‍රලාභීන්ට දැනුම් දී ඇත.

එදිනට පෙර ගිනි අවිභාර දීමට අපොහොසත් වුවහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් දේපළ ආරක්ෂාව වගා හානි  ආරක්ෂාව හා ක්‍රීඩා කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කෙරුණු ගිනි අවි සඳහා මෙම නියෝගය අදාළ නොවන බව අමාත්‍යාංශය  නිකුත් කළ නිවේදනයක දැක්වේ.



අදහස් (7)

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’

amaradasa Friday, 04 October 2024 06:55 PM

හොඳ පියවරක්. මේ වගේම බලපත්‍ර රහිත හා පාතාලයේ ඇති සියලුම ගිනි අවි රජයට බාර දෙන ලෙස නිවේදනය කළ යුතුයි. ඒ සඳහා සමා කාලයක් දිය යුතුයි. එවැනි අවි අතැති අයට සිය අනන්‍යතාව හෙළි නොකර ඒවා රජයට බාර දිය හැකි වැඩ පිළිවෙලක් සකස්කළ යුතුයි. එසේ භාර නොදෙන අවි පිළිබඳව මහජනතාවගෙන් ඔත්තු ලබාගෙන ඔත්තු දෙන්නන්ට ත්‍යාග ලබාදිය යුතුයි.

:       1       84

යෝගා Friday, 04 October 2024 07:15 PM

දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය අලුත් වටයකින් කළ එලි බහින්නද සූදානම...?

:       0       0

pakeer Friday, 04 October 2024 07:31 PM

අලුතින් කියන්න දෙයක් නැහැ අවි බාර දෙන්න කියලා... බාර නොදෙන අවි ඔක්කොම පාතාලේ තමයි.

:       0       0

කප්පම් ප්‍රසන්න - ගම්පහ Friday, 04 October 2024 07:35 PM

මගේ තුවක්කුව නම් දෙන්නේ නැහැ. බලයේ හිටපු කාලේ ගමේ මිනිස්සුන්ට පොඩි පොඩි චන්ඩි පාට් පෙන්නලා, මගේ ආරක්ෂාවට හිටපු පොලිස් කුක්කන් ලවා ඔවුන්ට හොඳට අතින් පයින් ,පොලු වලින් සැලකුවා. සමහර කොල්ලන්ව බොරු චෝදනාදාලා හිරේ ඇරියා. දැන් ඔක්කෝම ඉවරයි.. පාර්ලිමේන්තුව විසුරුව හැරියා, මගේ ඇමැතිකමත් ඉවරයි.. ගිය සුමානේ වෙනකම්ම මගෙන් කාලා බිලා හිටපු රාලහාමි කුක්කොත් මාව දාලා ආපහු පොලිසි වලට ගියා. දැන් මම තනිවෙලා.. මගේ ආරක්ෂාවට දැන් ඉන්නේ ගෙදර ටොමියා විතරයි. දැන් ඌත් නාකියි, දතුත් වැටිලා. බොරු චෝදනා දාලා හිරේ දාපු එකෙක් ලබන සුමානේ නිදහස් වෙලා එනවා.. ඌ මාව මරනවා කිය කියා දිවුරනවලු. පන්සලේ හාමුදුරුවන්ටත් මම මේ ගැන කිව්වා, ඒත් උන්වහන්සේ කියනවා " අපරාධයක් කළානම් ඒ පසු පස දඬුවමත් එනවා " කියලා. මම වැසිකිලියට යන්නෙත් මගේ තුවක්කුව අරගෙන දැන්. ඉතින් කොහොමද මගේ තුවක්කුව බාර දෙන්නේ?

:       0       0

Asitha Friday, 04 October 2024 08:27 PM

තවත් මෝඩ වැඩක්. ඉස්සෙල්ලම කරන්න ඕනෑ පාතාලේ අයගේ අවි ටික එකතු කරන එක. ඊට පස්සේ තමයි ලයිශන්, තුවක්කු ගන්න ඕනෑ. දැන් පාතාලෙට අවි තියෙනවා. නීත්‍යානුකූලව අවි තියෙන්න ඕනෑ අයට අවි නෑ. පාතාලේ අය දෙපැත්තෙන්ම හිනාවේවි. අපිට නම් ඉතින් කොහොමත් එලවලු කපන පිහිය විතරක් තියෙන නිසා අවුලක් නෑ. ඔබලා මොක කර ගත්තත්...

:       0       0

අමල් Saturday, 05 October 2024 03:28 PM

ලයිසන් තුවක්කු අපි අරගෙන , 88-89 කාලේ අපි පාවිච්චි කරපූ ගල් කටස් ටික දෙන්නම් ! - කොහොමද ටිකිරි මොලේ !

:       1       1

ලක්විදු Saturday, 05 October 2024 05:31 PM

සැටලයිට් යෝශිතට පිස්තෝල හයයි, කසිප්පු ජොනියට අටයි. රේස් පටං ගන්නකොට අහසට වෙඩිතියන්න වෙන්න ඇති..!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 2078 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 2253 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1597 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 309 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම අත්හිටුවයි
2024 නොවැම්බර් මස 26 6 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 842 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 753 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2113 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site