IMG-LOGO

2025 පෙබරවාරි මස 22 වන සෙනසුරාදා


ලලිත් ජයසිංහට වසර හතරක සිරදඬුවම්

(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක) 

ශිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවිය අපයෝජනය කොට ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මහලිංගම් ශෂිකුමාර් හෙවත් '' ස්විස් කුමාර්'' නැමැත්තාට පැනයාමට උපකිරීම සම්බන්ධයෙන් චෝදනාවන්ට වරදකරු වූ හිටපු උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ නැමැත්තාට වසර හතරක බරපතල වැඩසහිත සිරදඬුවම් සහ මුදලින් රුපියල් 50000ක දඩමුදලක් ගෙවන ලෙස වවුනියාව මහාධිකරණ විනිසුරු එම්. එම් මිහාර් මහතා නියම කළේය.

දඩමුදල් නොගෙවන්නේ නම් ඔහුට තවත් මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඬුවම් නියම කරන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය. 

2015 මැයි 13 වැනිදා යාපනය කයිට්ස් පුංකුඩිතිව් හිදී සිවලෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනයකර ඝාතනය කොට  සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් සැකසහිත පුද්ගලයකු ලෙස ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ ස්විස් කුමාර් නැමැත්තා අල්ලා පොලිසියට භාරදුන් අවස්ථාවේ එවකට උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ලලිත් ජයසිංහ මහතාගේ නියෝග මත පොලිසිය සැකකරු මුදාහැර තිබුණි. 

අත්අඩංගුවේ සිටි සැකකරුවකුට පැන යාමට අනුබල දීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා 2017 වසරේ ජූලි 15 වැනිදා අත්අඩංගුවට ගෙන කයිට්ස් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය. 

සැකකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර අ‍ැති බැවින් සැකකරුට මෙම දඩුවම මහාධිකරණ විනිසුරුවරයා විසින් නියම කළේය. 

සිද්ධියට චෝදනා ලැබූ කයිට්ස් පොලිසියේ එවකට හිටපු අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂක ශ්‍රී ගජන් නැමැත්තා හට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය. 

පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ අධිනීතිඥ නිසාන් නාගරත්නම් මහතා පෙනී සිටි අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරනු ලැබීය. 

 



 

 

දියත

සෞඛ්‍ය ‍ඇමති -ලෝක බැංකු නියෝජිත හමුවක්
2025 පෙබරවාරි මස 22 95 0

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ සෞඛ්‍ය, පෝෂණය සහ ජනගහනය පිළිබඳ කළමනාකරු වෛද්‍ය Feng Zhao මහතා අත


මිද්දෙණිය ඝාතනයේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2025 පෙබරවාරි මස 22 493 0

මිද්දෙණිය පොලිස් වසමේ ගල්පොත්තයාය ප්‍රදේශයේදී ඉකුත් 18 වන දින රාත්‍රී වෙඩි තබා පියා හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තංගල්ල කොට්ඨාස අපරාධ


සංජීවට ගම්පහ උසාවියේදී වෙඩි තබන බවට තොරතුරක් ලැබී තිබුණා
2025 පෙබරවාරි මස 22 2307 1

සංවිධානාත්මක අපරාධකාලී නායක ගනේමුල්ලේ සංජීවට ගම්පහ අධිකරණය තුළ වෙඩි තබන බවට තොරතුරක් මින් පෙර ලැබී තිබුණ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසී


මන්ත්‍රී ගෙවල් කුලියත් ඉහළට?
2025 පෙබරවාරි මස 22 1158 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ගෙවල් කුලිය කාලයක සිට අඩුවෙන් අය කිරීම හේතුවෙන් රජයට වාර්ෂිකව විශාල පාඩුවක් සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලි


කැලණිවැලි මාර්ගයේ දුම්රිය 5ක් අවලංගුයි
2025 පෙබරවාරි මස 22 188 0

කැලණිවැලි මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමන් වාර 5ක් අද දින අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.


වන්දනා බසය ගිනි ගනී:අරක්කැමියා මරුට
2025 පෙබරවාරි මස 22 1108 0

බළන්ගොඩ ප්‍රදේශයේ සිට අනුරාධපුර වන්දනාවේ පැමිණි බස් රථයක් විශ්‍රාමශාලාවක් තුල නවතා තිබියදී අද (22දා) අළුයම හදිසියේ ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් එම බස්


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 127 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 396 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 170 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site