IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


”ලෙල්ලමට” භාරකරුවෙකු පත් කරන්නැයි නියෝග

(රෝෂන් තුෂාර)

මීගමුව ධීවර වෙළඳ මධ්‍යස්ථානයේ දේපල (”ලෙල්ලම”) පරිපාලනය සහ කළමණාකරණයට  භාරකරුවෙකු පත්කරන ලෙස මීගමුව දිසා විනිසුරු ලලිත් කන්නංගර මහතා විසින් අද  (02)  නියෝග කළේය.  

එසේ පත්කරනු ලබන භාරකරු වෙත ලෙල්ලමේ පිහිටි දේපලේ සන්තකය සහ එම දේපලට අදාල ගිණුම් සහ අත ඉතිරි සියලුම මුදල් ද භාරදෙන ලෙසටද දිසාවිනිසුරුවරයා විසින් නියෝග කලේය.

කොළඹ අගරදගුරු හිමි විසින් මීගමුව, පිටිපන මීසමේ එක්සත් ධීවර සමිතියේ සභාපති, එන්. අරුණ රොෂාන්ත ප්‍රනාන්දු, ලේකම්, ජේ එඩිසන් ප්‍රනාන්දු සහ භාණ්ඩාගාරික, ඒ. ජේ නිශාන්ත ප්‍රනාන්දු යන අයට එරෙහිව පවරු නඩුවේ අතුරු තහනමක් ලබාදෙමින් මීගමුව දිසා විනිසුරු එම නියෝග නිකුත් කළේය.

කොළඹ අගරදගුරු හිමිපාණන් හට අයත් “ලෙල්ලම” ධීවර වෙළඳ මධ්‍යස්ථානය, කොන්දේසි කිහිපයක් ඉටුකිරීමේ එකඟතාවයට යටත්ව, 1963 වසරේදී එවකට සිටි අගරදගුරු හිමිපාණන් විසින් තෑගි ඔප්පුවක් මඟින් මීගමුව, පිටිපන මීසමේ එක්සත් ධීවර සමිතිය වෙත පවරා දුන් බවත්, විත්තිකරුවන් විසින් එම තෑගි ඔප්පුවේ කොන්දේසි උල්ලංගනය කරමින්, කොළඹ අගරදගුරු හිමිපාණන්ගේ පූර්ව අවසරයකින් තොරව එම දේපලේ කොටස් සහ කඩකාමර වෙනත් පිරිස් වෙත බදු දී ඇති බවත්, එම දේපලේ ආදායමෙන් කොටසක් පිටිපන මීසමේ ජීවත්වන ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් වැයකිරීම සඳහා පිටිපන දේවස්ථානය වෙත භාරදිය යුතු බවට වූ කොන්දේසිය උල්ලංගනය කරමින් විත්තිකරුවන් දිගින් දිගටම එම ආදායම් තනිව භුක්ති විඳින ලද බවටත් සඳහන් කරමින් කොළඹ අගරදගුරු හිමිපාණන් විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.

ඒ අනුව, තෑගි ඔප්පුවේ සඳහන් කොන්දේසි විත්තිකරුවන් විසින් දිගින් දිගටම උල්ලංගනය කිරීම හේතුවෙන්, එවකට සිටි කොළඹ අගරදගුරු හිමිපාණන් විසින් එම තෑගි ඔප්පුව අවලංගු කිරීමට කටයුතු කළ නමුත් විත්තිකරුවන් සහ ඔවුන්ගේ සාමාජිකයන් අදාල දේපලේ නීති විරෝධි ලෙස දිගින් දිගටම රැඳී සිටින බවටත්, විත්තිකරුවන් විසින් අත්තනෝමතික ලෙස එම ධීවර සමිතියේ නාමය පවා වෙනස් කර ඇති බවටත් එම පැමිණිල්ලේ සඳහන් විය.

ඒ අනුව, පැමිණිලිකාර කොළඹ අගරදගුරු හිමිපාණන්  අධිකරණයෙන් ඉල්ලා සිටියේ, ලෙල්ලම ධීවර වෙළඳ මධ්‍යස්ථානය පිහිටි දේපල කොළඹ අගරදගුරු හිමිපාණන් වෙත අයත් බව ප්‍රකාශ කරමින් නියෝගයක් ලබා දෙන ලෙසත්, විත්තිකරුවන් සහ ඔවුන්ගේ සාමාජිකයන් එම දේපලෙන් ඉවත් කර එම දේපලේ භුක්තිය තමන් වෙත ලබා දෙන ලෙසත් ය. 

එසේම එම නඩුව අසා නිමවන තෙක් අදාල දේපලේ කළමණාකරණය සඳහා සුදුසු භාරකරුවෙකු පත් කර, අදාල දේපල සහ එයට අදාල ගිණුම් සහ මුදල් ඔහුට භාර දෙන ලෙසට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසටද පැමිණිලිකාර කොළඹ අගරදගුරු හිමිපාණන් විසින් සිය පැමිණිල්ල මඟින් ඉල්ලා සිටින ලදී.

එම අතුරු නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් දිසා විනිසුරුවරුන් කිහිප දෙනෙක් ඉදිරියේ දීර්ඝ සාක්ෂි විමසීමක් පවත්වන ලද අතර එහිදී පැමිණිලිකරු වෙනුවෙන් ගරු සිස්වාන් ජේ කෲස් පියතුමා, එම්. වින්සන්ට් ජර්මන්, ඩබ්. ඒ ස්ටීවන් සහ ඩබ්. ජේ මාර්ටින් ප්‍රනාන්දු යන අය සාක්ෂි ලබාදෙන ලදී .

විත්තිකරුවන් වෙනුවෙන් පළවන විත්තිකරුද, ඩබ්. ගානිස් ප්‍රනාන්දු , එල්. සී. රොෂාන් සහ ඒ. ඒ. පීටර් සිල්වා යන අය සාක්ෂි ලබාදෙන ලදී.

එම දීර්ඝ සාක්ෂි විමසීමෙන් පසුව මීගමුව දිසා විනිසුරු  මෙම අතුරු නියෝග නිකුත් කරන ලදී.

පැමිණිලිකාර කොළඹ අගරදගුරු හිමි වෙනුවෙන් නීතීඥ ධම්මික සිල්වා මහතාගේ උපදෙස් මත නීතීඥ රුක්ෂාන්ත අල්මේදා මහතා සමඟින් ජ්‍යෙෂ්ඨ නීතීඥ වරුණ සේනාධීර මහතා පෙනී සිටින ලදී.

විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ ෂර්ලි අමරසේකර මහතාගේ උපදෙස් මත නීතීඥ කුමාරි පීරිස් මහත්මිය සමඟින්  ජ්‍යෙෂ්ඨ නීතීඥ ආචාර්ය සුනිල් කුරේ මහතා පෙනී සිටි යේය.



අදහස් (0)

”ලෙල්ලමට” භාරකරුවෙකු පත් කරන්නැයි නියෝග

ඔබේ අදහස් එවන්න

දියත

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 767 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1649 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2340 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6022 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4113 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38986 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25536 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1053 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site