IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ලොව කුඩාම සමෙහි පිළිකාව හඳුනා ගනියි

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙතෙක් හඳුනාගත් ලොව කුඩාම සමෙහි පිළිකාව හඳුනාගැනීමට ඔරිගන් සෞඛ්‍ය සහ විද්‍යා විශ්ව විද්‍යාලයේ චර්ම රෝග පිළිබඳ සහකාර මහාචාර්ය වෛද්‍ය ඇලෙක්සැන්ඩර් විට්කොව්ස්කි සමත්ව ඇත.පිළිකාව විශාලත්වය මිලිමීටර් 0.65 ක් බවත් මෙම පිළිකාව මෙලනෝමා නම් මාරාන්තික සමෙහි පිළිකා වර්ගයට අයත් බවත් වෛද්‍ය ඇලෙක්සැන්ඩර් විට්කොව්ස්කි ප්‍රකාශ කර තිබේ.

මෙම පිළිකාව ලොව හඳුනාගත් කුඩාම සමෙහි පිළිකාව වීම හේතුවෙන් ගිනස් ලෝක වාර්තාව ද හිමිව තිබේ.ක්‍රිස්ටි ස්ටාට්ස්ට නම් රෝගී කාන්තාවගේ කම්මුලේ මෙම පිළිකාව තිබී ඇත. මිලිමීටර් 0.65 ක් යනු ඇසට නොපෙනෙන තරම් ප්‍රමාණයක් වන අතර දොස්තර විට්කොව්ස්කි, ජංගම දුරකතනයේ කැමරාවට සවි කිරීමට නිර්මාණය කළ ඔහුගේම උපකරණයක් භාවිතයෙන් පිළිකාවේ ඡායාරූපයක් ගෙන පසුව එය හඳුනා ගෙන ඇත.

ක්‍රිස්ටි ස්ටාට්ස්ට පැමිණ ඇත්තේ ඇස යට තිබූ ලපයකට බෙහෙත් ගැනීම සඳහා වන අතර එම අවස්ථාවේ ඇයගේ එම කම්මුලේ තිබූ තවත් ලපයකට දොස්තර විට්කොව්ස්කිගේ අවධානය යොමුව තිබේ.මින් අදහස් වන්නේ පිළිකාවක් පැතිරීමට පෙර ප්‍රතිකාර කිරීමේ හැකියාව තිබෙන බව යැයි දොස්තර විට්කොව්ස්කි පෙන්වා දී ඇත.



අදහස් (0)

ලොව කුඩාම සමෙහි පිළිකාව හඳුනා ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 783 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 577 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site