IMG-LOGO

2025 පෙබරවාරි මස 14 වන සිකුරාදා


ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්තලට

(දිලීප් ජයසේකර)

 
දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිට ඇන්ටනෝ වර්ගයට අයත් ලොව දෙවන විශාලතම ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ඊයේ(12)රාත්‍රි 10.35 හා අසර්බයිජාන් හි සිට නාවික ඉංජිනේරුවරුන් තිදෙනෙකු රැගත් FXT 712 වර්ගයේ කුඩා ප්‍රමාණයේ ගුවන් යානය අද (13) අලුයම 12.20ට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණි බව  ගුවන් තොටුපොල ප්‍රධාන කලමණාකරු උපුල් කලංසුරිය මහතා පැවසීය.
 
වොල්ගා ගුවන් සේවයට අයත් ලොව දෙවන විශාලතම ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කරන ඇන්ටනෝ 124-100 නැමති ගුවන් යානය දින හතරක විවේකයක් සදහා සහ ඉන්ධන ලබා ගැනීම සදහා දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර සිට මත්තල රාජපක්ෂ ගුවන් තොටු පොල වෙත ගොඩ බා තිබේ.ගුවන් යානය ඊයේ (12) රාත්‍රි 10.35ට මත්තල රාපක්ෂ ගුවන් තොටු පොලට ගොඩ බෑම සිදු කෙරුණි.ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ 13 දෙනෙකු පමණක් පැමිණ ඇත.
 
එහි පැමිණි සියලු දෙනා ගුවන් තොටුපොල පරිශ්‍රය තුළදීම පී.සී.ආර්.පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු හම්බන්තොට හෝටල් කිහිපයක සිහිටි නවාතැන් පලවල් වෙත රැගෙන යාමට සිදු කෙරුණි.මෙම පිරිස හෝටල් තුළද වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බවයි ගුවන් තොටු පොල කළමනා කරු පැවසුවේ.ගුවන් යානය නැවතත් 16 වෙනි දින පස්වරු 1.30ට මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොලේ සිට තායිලන්තයේ තපාවෝ බලා පිටත්ව යාමට නියමිතය.
 
මිට අමතරව අද (13) අලුයම අසර්බයිහිජාන් සිට තවත් නාවික ඉංජිනේරුවරුන් තිදෙනෙකු රැගත්  FXT 712 වර්ගයේ කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක්ද මත්තල ගුවන් තොටු පොලට ගොඩ බෑමට කටයුතු කෙරුණි.හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කාර්මික දෝෂයකට ලක්ව නවතා තිබෙන නෞකාවක අළුත් වැඩියා කටයුතු කිහිපයක් වෙනුවෙන් මෙම නාවික ඉංජිනේරු වරුන් තිදෙනා දිවයිනට පැමිණ තිබේ.දිවයිනට පැමිණි මෙම ඉංජිනේරුවරුන් තිදෙනාද ගුවන් තොටුපොල පරිශ්‍රෙය්දී පී.සී.ආර් පරික්ෂණයකට යොමු කිරීමෙන් පසු හම්බන්තොට වරාය වෙත රැගෙන යාම සිදුකෙරුණි.
 
වසර ගනනක් තිස්සේ වසා දමා තිබුණු මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොල වත්මන් රජය බලයට පත් විමත් සමග නැවතත් සක්‍රිය ගුවන් තොටු පොලක් බවට පත්ව ඇති බවත් මේ හේතුව නිසා විශාල ආදායමක් රටට ගලා එන බවත් ගුවන් තොටු පොල කළමණාකරු උපුල් කළංසුරිය මහතා පැවසිය.



අදහස් (27)

ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්තලට

kamal Saturday, 13 June 2020 07:09 AM

ඔන්න දැක්කා නේද? අවුරුද්දකට එකක් හරි බාවනවා නේද?

:       236       486

KapilaSaturday, 13 June 2020 10:17 AM

කමල් මෙවා කලින් කටුනායකට ආපුවා.. දැන් බලෙන් මත්තල යවනවා.

:       274       946

NishanSaturday, 13 June 2020 11:42 PM

අපිට ඉතුරුවෙලා තියෙන්නේ මත්තලට එන ගුවන්යානා වල ලොකු පොඩි ප්‍රමාණ ගැන කතා කරකර ඉන්න එක විතරයි.

:       19       93

siri Saturday, 13 June 2020 07:52 AM

ගුවන් තොටුපලකට ගුවන් යානයක් පැමිණෙන එකත් ප්‍රධාන ප්‍රවෘත්තියක් වුනා එහෙනම්....

:       267       2026

nisalSaturday, 13 June 2020 09:33 AM

කුහක වෙන්නේ නැතිව තමන්ගෙ රට දියුණු කරන හැටි හිතන්න. ඔය ගුවන් තොටුපළ විනාශ කරන්න හැදුවෙත් කුහකයන් රෑනක්...

:       572       785

siriSaturday, 13 June 2020 12:14 PM

කුහක කම කියන්නේ පාට, පක්ෂ භේදයක් නැතුව ඇත්ත කතා කරන එකනම් අන්ධ භක්තියෙන් වහලුන් බවට පත්ව හැම එකටම එහෙයියා කියන එකට වැඩිය ඒ වහල් භාවය මට හොඳයි නිසල් මහත්තයෝ.

:       38       1188

samarageSaturday, 13 June 2020 01:43 PM

සිරි මහත්තයා වෙතටයි.., තමන්ගේ රට දියුණු කරන්න පුළුවන් ක්‍රමයකුත් කියමුකෝ බලන්න... හැමදෙයක්ම විවේචනය කරන්න ඉන්නේ නැතිව...

:       6       75

siriSunday, 14 June 2020 07:38 AM

සමරගේ මහත්මයා වෙතටයි. හැමදෙයක්ම විවේචනය කිරීමක් නොවේ. අනවශ්‍ය දේ ගැන අදහස් පළකිරීමක් පමණයි. රටක් දියුණුකරන වැඩ පිළිවෙලේ නාස් ලණුව තියෙන්නේ ඒ රට කරවන පාලකයින්ගේ අතේයි. රටේ සම්පත් සූරාකමින් බොරු සෝබන මවා පාමින් මහජනතාවට ඇස්බැන්දුම් පෙන්වන කපටින්ගෙන් රටක් දියුණු වෙයි කියා හිතන්නට බැහැ. එවැනි කපටින්ට රටේ පාලනය බාරදෙන ඡන්ද දායකයින්ද මේ බව තේරුම් ගන්නාතුරු රටක් දියුණු වෙන්නේ නැහැ. මත්තල ගුවන් තොටුපලක්, වරායක්, සම්මන්ත්‍රණ ශාලාවක් හෝ ක්‍රීඩාංගනයක් හදන එක නෙවේ.. එදා දවසේ ලංකාවට අවශ්‍ය වෙලා තිබුණු වැදගත්ම වැඩේ. ඒවා කලේ චීනයට අවශ්‍ය නිසාත් එමඟින් තමන්ගේ මඩිය තරකර ගන්නට හැකිවෙන බව එදා සිටි පාලකයින්ට පෙනී ගිය නිසාත් මතු යම් දවසක තමන්ගේ ගමට ලංකාවේ අගනුවර ගෙන යන්නට හැකිවෙයි කියා දවල් නිදා සිටි වෙලාවක සිහිනයක් පෙනුන නිසාත් මිස රටට වැඩක් වෙන නිසා නොවේ මහත්තයෝ...

:       174       327

K Perera Saturday, 13 June 2020 09:42 AM

අපේ රජයට සුබපැතුම්... මෙක වැදගත් පුවතක්...

:       29       116

Janaka Saturday, 13 June 2020 10:32 AM

ඕකට එහා පැත්තේ නවත්තලා තියෙන පුද්ගලික ලියර් ජෙට් එක ලංකාවේ දේශපාලකයෙකුට අයිති එකක්

:       220       242

PrabhaWednesday, 17 June 2020 11:40 AM

ඉතින් ලියන්නකෝ...!!! නම ගමත්... අපිටත් දැනගන්න.

:       0       1

Weerawansa Saturday, 13 June 2020 10:53 AM

මෙතන කියන්න හදන්නේ වෙන දෙයක්...

:       24       20

Roshan Saturday, 13 June 2020 03:38 PM

නිවුස් නැතිව වේලෙන අයට මේකත් පුවතක්...

:       5       9

Lal Saturday, 13 June 2020 03:39 PM

ඔන්න එයාපෝර්ට් එකට නැවක් ආවා නම් ප්‍රවෘත්තියක් වෙන්න තිබ්බා. ප්ලේන් එකක් ආවාම ප්‍රවෘත්තියක් වෙන්නෙ කෝමද?

:       1       30

රජීව Saturday, 13 June 2020 04:36 PM

මත්තල ගුවන් තොටුපොළ කියන්නේ අසාර්ථක ව්‍යාපෘතියක්... කෙටි දේශපාලන වාසි ගන්න කරපු උත්සාහයක්. ඕක තමයි ඇත්ත. තම තමන්ගේ දේශපාලන ගැතිකම අනුව ඕකෙ වටිනාකම අඩුවැඩි වෙනවා. ඕකෙන් පරිසරයට වූ හානිය මොන වගේද කියලා අවධානය මේ වෙනකනුත් යොමු වෙලා නෑ.. ඔය මුදලෙන් දැනට තියෙන ගුවන් තොටුපොළවල්වල දියුණුකළා නම් ඊට වැඩිය යහපතක් වෙන්න තිබුණා.

:       54       78

ලක්ෂාන් Sunday, 14 June 2020 12:31 AM

ඉඳලා හිටලා හරි ප්ලේන් එකක් බානවනේ. එන්න අපි කිරිබත් කමු...

:       1       34

mohomed Sunday, 14 June 2020 06:16 AM

අනුන්ගේ ගුවන් යානා වර්ණනා කරකර හිඳිමු.. ලංකාව එකතැනම ලොක්වෙනවා.

:       0       19

kanchana Sunday, 14 June 2020 08:52 AM

කවුරුත් මේ ගුවන් යානය ගැන නොවෙයිනේ කතාකරන්නේ.., අනංමනං ඕපාදූපනේ...

:       0       34

විජිත් Sunday, 14 June 2020 09:06 AM

ඒ වගේම අමතක කරන්න එපා මෙයාගේ මල්ලි මෙයාට වඩා වැඩකාරයා. එයා උපන්නාට පස්සේ මෙයාගේ ගණන් ටිකක් බැස්සා. මෙයාගේ සහෝදරයා හැබැයි මෙයාට වඩා ලොකු වැඩක් කරනවා. එයාට මේ වර්ගයේම එන්ජින් 6 ක් තිබෙන අතර ටොන් 250ක් අරගෙන පැයට කිලෝමීටර් 850ක වේගයෙන් ගමන් කළ හැකිය. මම කියන මේ බාල සහෝදරයා තමයි අද ලෝකයේ සිටින වැඩිම බරක් රැගෙන යාමට හැකියාව ඇති ගුවන් යානය. කෙසේවෙතත් මුළු ලෝකයටම තියෙන්නේ එකම එක යානාවක් පමණයි. චීනය සඳහා දෙවන යානාවක් නිපදවීම ගැන අවස්ථා කිහිපයකදීම ඒගොල්ලෝ සාකච්ඡා කළාලු. නමුත් තවමත් තිබෙන්නේ එකම එක යානාවක් පමණයි. මේ අයියගෙයි, මල්ලිගෙයි පියා විදිහට සලකන්නේ වික්ටර් ටෝල්මාචෙව් කියන රුසියානු ගුවන්යානා සැලසුම් ඉන්ජිනේරුවරයායි...

:       0       70

මිලින්ද පිරිස් - ගල්කිස්ස Sunday, 14 June 2020 10:12 AM

විජිත් මහත්මයා, කරුණාකරලා මේ ගුවන්යානා 2ම ගැන විස්තරයක් කරන්න පුලුවන්ද? එය අපට අනාගතයේදී පිටිවහලක් වේවි. මම ගුවන්යානා ගැන නිතරම අවධානයෙන් පසුවන කෙනෙක්.... ස්තූතියි

:       0       31

විජිත් Sunday, 14 June 2020 01:22 PM

අැන්ටනෝව් 124-100 රුස්ලන් (නේටෝ සංවිධානයෙන් මෙයාව අමතන්නේ condor යන කේත නමින්) ලෝකයේ දැනට තිබෙන දෙවන විශාලම හමුදා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන මෙයා අලුත් කෙනෙක් නම් නොවෙයි. මෙයා උපන්නේ 1988 දී... 2004 පමණ වෙනකම් මේ වර්ගය නිෂ්පාදනය කර ඇති අතර ප්‍රමාණය 55 කියලයි වාර්තා වන්නේ... මීටර් 69.1 දිග, උස මීටර් 21.08 වන මෙයාගේ හිස් බර කිලෝග්‍රෑම් 181,000 වෙනවා. ඉන්ධනත් සමග නම් කිලෝ 214,000ක් පමණ වෙනවා. එකකින් කිලෝ නිව්ටන් 229 ක " පීඩනයක් " ඇතිකරන ප්‍රෝග්‍රෙස් D - 18T හි බයිපාස් ටර්බෝ එන්ජින් 4 කින් පණගැන්වෙන මේ යානයේ උපරිම වේගය පැයට කිලෝ මීටර් 865 වන අතර මීටර් 12 000 ඒ කියන්නේ අඩි 39 000 ක උසකින් උපරිම බරත් රැගෙන කිලෝමීටර් 3,700 ක් නොනවත්වා ගමන් කළහැකිය. ඉන්ධන ලීටර් 348,740 ක ධාරිතාවක් ඇති ටැංකියකින් සමන්විත වන මේ යානයට ටොන් 150ක භාණ්ඩ ගෙනයාමේ හැකියාවක් ඇත. ඒ වගේම අමතක කරන්න එපා. මෙයාගේ මල්ලි මෙයාට වඩා වැඩ කාරයා. එයා උපන්නට පස්සේ මෙයාගේ ගණන් ටිකක් බැස්සා. ඒ තමයි ඇන්ටෝනොව් 225 AN මිර්යා.

:       1       294

රංගMonday, 15 June 2020 07:45 AM

මෙහි කමෙන්ට් දාන කට්ටිය මත්තලට ගුවන්යානා ගොඩ බැසීමත් නිව්ස් එකක් ලෙස හුවා දැක්වීම දේශපාලනික මතවාදයක් හිසේ තබාගෙන කරන හුදු ප්‍රකාශ මිසක් තාක්ෂණික කරුණු ගැන සොයා බලා කරන කතාවල් නොවෙයි. ඇත්තටම මත්තල ගුවන් තොටුපල නිසා ලංකාවට ආදායම ලැබෙන එක ගුවන් යානාවක් වත් පැමිණෙන්න ඕන නැහැ. ඊට හොඳම උදාහරණ තමයි මේ පැමිණිලා තිබෙන ගුවන් යානය. මෙහෙම ඒක පැහැදිලි කරන්නම්... ගුවන් යානාවක් ගමන් පථය තීරණය කරන කොට හදිසි ගොඩබෑමකදී ගොඩ බසින්න පහසුකම් සහිත ගුවන් තොටුපලවල් සහිත ළඟම ගුවන් පථය තමයි තෝරාගන්නේ... එහිදී පථය ලඟ වුවත් පහසුකම් නැත්තම් එය තිබෙන විකල්ප පථයක් තමයි තෝරගන්නේ... බෝයිං 747, හා ඊට වඩා විශාල යානා ගොඩ බැස්සවීමට කටුනායක ගුවන් තොටුපලට හැකියාවක් නැහැ. ධාවන පථය කුඩාවීම තමයි ඊට හේතුව.. නමුත් ඒ බාධක ඉවත් කරලා තමයි මත්තල නිර්මාණය කරන්නේ. ඒ අනුව තමයි ටික කලකට පෙර මීර්යා යානයත්, මෙම යානයත් ගොඩ බස්වන්නේ.. ගොඩබස් වන්නේ නැති වුණත් ගුවන් පථය සකසන්නේ මත්තල හරහා... මත්තල නොතිබෙන්න ඒ ගුවන් පථය සකස් වෙන්නේ චෙන්නායි ගුවන් තොටුපල හරහා.. යම් ගුවන් යානයක් යම් රටක ගුවන් සීමා හරහා යනවා නම් ඒ රටට ගාස්තුවක් ගෙවන්න ඕනෑ...

:       168       286

chithral pieris Monday, 15 June 2020 08:41 AM

රංග, අසත්‍ය ප්‍රචාර කිරීමෙන් වළකින්න. බෝයින් 747 පමණක් නොව එයාර් බස් 380 පවා මනාලෙස ගොඩ බැස්සවීමට හැකිලෙස කටුනායක ගුවන් පථය දැන් සකසා තියෙන්නේ....

:       38       77

රංගMonday, 15 June 2020 08:55 AM

හැබැයි, එටිහැඩ් ගුවන් සේවයට අයත් ලොකේ විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය කටුනායකට බැස්සුවේ ලංකාවේ ගුවන් නියමුවෙක්. එතුමා කිව්වා (ඒ සාකච්ඡාව අන්තර්ජලායෙන් සොයාගන්න) ඉතාම පලපුරුදු ගුවන් නියමුවකුට හැර කටුනායකට එම ගුවන් යානය බාන්න ඉතා අපහසු බව. මත්තල සකස් කරලා තියෙන්නේ ඒ සියලු ගුවන් යානා ගොඩ බෑමට හැකිවන ලෙස. මම එතැනින් එහාට මුකුත් කියන්නේ නෑ.. මොකද ඔබතුමාට පෙර මම කිව්ව විදියට මත්තල නගා සිටුවීමෙන් ලැබෙනවාට වඩා දේශපාලන වාසියක් ගන්න පුලුවන් ඒක සුදු අලියෙක් කියල පෙන්නුවොත් කියල..

:       67       82

සුසන්තMonday, 15 June 2020 09:30 AM

මමත් මේ ගැන සොයා බැලුවා. දැන් කටුනායක ගුවන් තොටුපොළට ඕනෑම ගුවන් යානයක් ගොඩබාන්න පුළුවනි. සැකහැර දැනගන්න අවශ්‍ය නම් ගුවන් තොටුපොළට අමතන්න...

:       0       47

S.PMonday, 15 June 2020 09:52 AM

ඒ යානා දෙකම මෙච්චර බර නැහැ..

:       0       0

kapila Thursday, 02 July 2020 05:57 PM

සිරි අයියාට ජයවේවා..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඇමෙරිකාවේ අරමුදලින් ක්‍රියාත්මක ව්‍යාපෘති දෙකක් නවතයි
2025 පෙබරවාරි මස 13 940 0

ඇමෙරිකාවේ අරමුදල් මත ක්‍රියාත්මක වූ මෙරට ව්‍යාපෘති දෙකක් සඳහා මුදල් යෙදවීම නතර කිරීමට තීරණය කළ බව රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව(ඩොජ්) පසුගියදා ප්‍


ගිනි අවියත් අරන් පැන්න පී.සීගේ පෙම්වතියගෙන් ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 13 656 0

ටී 56 ගිනි අවියක් රැගෙන ගොස් ඩුබායි රාජ්‍යයට පලා ගිය පොලිස් කොස්තාපල් වරයාගේ පෙම්වතිය බව කියන නැටුම් ගුරුවරියකගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව ගල්කිස්ස


’’බිල අඩු වුණත් බඩු අඩු වෙලා නෑ’’
2025 පෙබරවාරි මස 13 272 0

රජය විදුලි බිල සියයට 20ත් 30 ත් අතර සංඛ්‍යාවකින් අඩු කළද ඊට සාපේක්ෂව වෙළඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු වෙළෙඳ භාණ්ඩ අඩු කිරීමට පියවර නොගැනීමෙන් තම


තරුණයකුට බොරු චෝදනා එල්ල කළ පොලිසියේ තුනකට වන්දි ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 13 736 0

සොරකමක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලබා ගැනීම සඳහා අත්අඩංගුවට ගත් තරුණයකුගේ අත් පා බැඳ එල්ලා අමානුෂික ලෙස පහර දී වධ හිංසාවට භාජනය කොට එම පාපොච්චාරණය ප


අයවැය අවසන් පූර්ව සාකච්ඡාව පැවැත්වෙයි
2025 පෙබරවාරි මස 13 848 0

අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ පැවැත්විණි.


රජයේ ගබඩාවට දුන් පළමු වී අස්වැන්න
2025 පෙබරවාරි මස 13 4976 10

වී අලෙවි මණ්ඩල කළ සහතික මිලට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහමතකු අද සවස 5.00 පමණ තම නාඩු වී අස්වැන්න අලෙවි කරමින් මෙවට මහ කන්නයේ පළමු වී තොගය රජයට ලබා දුන්න


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 167 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 131 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 920 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site