(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව ළාබාලතම මහාචාර්යවරයාවීමට ඉන්දියානු සම්භවයක් සහිත 12 හැවිරිදි සිසුවකු වන සුබෝනෝ බාරිට හැකියාව ලැබී ඇත.
ඔහුගේ බුද්ධි මට්ටම හේතුවෙන් මුම්බායි විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ආරාධිත මහාචාර්යවරයකු ලෙස දේශන පැවැත්වීමට මේ වනවිටත් ඔහුට ආරාධනා ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඇමෙරිකාවේ උසස් අධ්‍යාපන ආයතන සඳහා සිසුන් බඳවා ගන්නා තරඟ විභාගයක් වන සැට් විභාගයේදී ලකුණු 1500 ක් වයස 11 දී ලබා ගනිමින් ලෝක වාර්තාවක් තැබීමටද සුබෝනෝ බාරිට හැකියාව ලැබුණු අතර එහිදී ඔහු ලෝකයේ අවධානය දිනා ගැනීමට සමත් වූවේය.
සුබෝනෝ බාරි ඇමෙරිකාවේ ද්විතීක පාසලකින් ඩිප්ලෝමාවක් ලබාගත් ළාබාලතම සිසුවාවීමටද නියමිතය.
ඔහු අනිද්දා(26) පැවැත්වෙන උත්සවයකදී සිය ඩිප්ලෝමාව ලබා ගැනීමට නියමිතව ඇත.
ගණිතය හා භෞතික විද්‍යාවට ඇති දක්ෂතාවය හේතුවෙන් බාරිට නිව්යෝක් විශ්ව විද්‍යාලයේ සම්පූර්ණ ශිෂ්‍යත්වයක් ලබා ගැනීමටද හැකියාව ලැබුණේය.බාරි මේ වනවිට ග්‍රන්ථ දෙකක් රචනා කර ඇති අතර ඉන්දියාවේ ද්වීතීක පාසල්වල ඉගෙනීම් කටයුතුද සිදුකර ඇත.මෙතෙක් ඔහු ළාබාලතම මහාචාර්යවරයා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ අතර මුම්බායි විශ්වවිද්‍යාලයේ ආරාධිත දේශනය කිරීමත් සමඟ බාරි සැබැවින්ම මහාචාර්යවරයෙකු වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක
වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.
සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.
නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලොව ලාබාල මහාචාර්යවරයා ඉන්දියාවේ
ගමේ එකාලා Monday, 24 June 2024 03:22 PM
අපේ රටේත් හොඳ වැඩකාරයෝ ඉන්නවා. හොරට ලියලා විභාග පාස් වෙච්චි උදවීය. අභ්‍යාවකාශ තරණය පිළිබඳව ආචාර්ය උපාධියක් තියෙන හඳට රොකට් යවපු කෙනෙක්... ඔක්කොම මැදමූලනේ...?
sachithMonday, 24 June 2024 05:49 PM
අනේද කියන්නේ? යවපු රොකට් එක හොයාගන්නත් නැ. වැඩිම ලකුණු ගත්ත නීති විශාරදය කතා කරපු නඩුවකුත් නෑ...
PereraTuesday, 25 June 2024 12:24 AM
සචිත්, හොර පෙරකදෝරුවා රනිල්ට පස්සේ ජනපති වෙන හැටි බලන්න