IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ලොව විශාලම නිල් මැණික මෙරටින් හමු වෙයි - වීඩියෝ

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික බලන්ගොඩ ප්‍රදේශයෙන් හමු වී ඇති බව ජාතික ස්වර්ණාභරණ අධිකාරිය කියයි.

" අඩි දෙකකට වඩා උසකින් සහ අඩි දෙකකට වඩා පළලකින් යුත්ත මෙම මැණික මේ වන විට එහි වර්තමාන හිමිකරු වන හොරණ තල්ගහ විල ප්‍රදේශයේ නිවසක තැන්පත් කර ඇත.

ආසියාවේ රැජින " හෙවත් queen of asia ලෙස නම් කර ඇත.

එහි බර කැරට් 1,550,000 ක්) (කිලෝ 310 ක්) පමණ වන බවද එම අධිකාරිය පවසයි.තනි පාෂාණයකින් මෙම මැණික නිර්මාණය වීම විශේශත්වයක්.

මෙම මැණිකේ හිමිකරු වූ චමිල සුරංග මහතා රත්නපුර ප්‍රදේශයේ මැණික් පර්යේෂණ හා ගවේෂණ ආයතනයක අධ්‍යක්ෂ වරයෙකි. වසර 10 ක කාලයක සිට මැණික් පිළිබඳ ගවේෂණයකදී ඔහුට මෙම මැණික හමු වී ඇත්තේ බළන්ගොඩ ප්‍රදේශයෙනි.

මේ සම්බන්ධයෙන්  මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු  මෙසේ කීය. 

මෙම මැණික කොරෝන්ඩො පවුලට අයත් නිල් ගෙව්ඩවලින් තනි ගලකින් තමයි  නිර්මාණය වෙලා තියෙන්නේ. මේ මැණික වෙන කෙනකුට හම්බවුණා නම් කපලා නිල් මැණික් ටික අරගෙන ආභරණ සඳහා විකුනනවා. එලෙස සිදු කිරීම විශාල අපරාධයක් ආභරණ හදන්න ඕන තරම් මැණික් තියනවා. මෙම මැණික් ගලට මේ වන විට ඇමරිකාවෙන් සහ ඩුබායිවලින් ඉල්ලුම් ලැබී තිබෙනවා.

කිසියම් රටකට මෙම මැණික විකුණලා මගේ රටට විදේශීය විනිමය ලබා දීම මගේ එක බලාපොරොත්තුවක්.  

ඒ වාගේම අනාගත පරපුරට දැක බලා ගන්න මේ විශාල මැණික ලෝකෙ කොහේ හෝ රටක කෞතුකාගාරයක තැන්පත් වෙලා තියෙනවා නම් හොඳයි කියා මා හිතනවා.

ඒ නිසා එසේ කෞතුකාගාරයක තැන්පත් කරන රටකට මෙම මැණික විකුණන්න තීරණය කරල තියෙන්නේ. 



අදහස් (22)

ලොව විශාලම නිල් මැණික මෙරටින් හමු වෙයි - වීඩියෝ

පිටිගල මිලානෝ Sunday, 12 December 2021 12:38 PM

ඒ දවස්වලත් කිව්වා නේද ලෝකේ ලොකුම මැණික් පොකුර හම්බ වුනා කියලා.... අර පාශානෙක ෆොටොත් දැම්මේ? ඇත්ත බොරු කෙසේවෙතත් ඕක මැණික් ඇමතිගෙන් පරිස්සම් කරගන්න.

:       84       94

fairoos Sunday, 12 December 2021 01:12 PM

අපේ සර් හින්දා තමයි.. මෙහෙම ලංකාවට හම්බ වෙන්නේ...

:       15       57

Nihal Sunday, 12 December 2021 01:24 PM

ලොකුම ඒවා කියාගන්න ඒවා දැන් කීයක් නම් හම්බ වුණාද? ඒවාට මොනවද වුනේ?

:       4       66

Hafeel Sunday, 12 December 2021 03:11 PM

එ්ක තමයි නිහාල් මහත්තයෝ. ලෝකේ වටිනා දේවල් හමු වෙන්නේත් මෙහෙ... නමුත් අපි තාම දුප්පත්. හැබැයි ලෝකේ තියන කුණු ගොඩවල් සේරම එන්නේ මෙහෙට. තවද ලෝකේ හොඳම මුදල් ඇමතිත් ඉන්නේ මෙහේ. නමුත් ලෝකේ ලොකුම බැංකු වංචාවත් මෙහේ... ඒ වගේම ලෝකේ හොඳම සෞඛ්‍ය ඇමැතිත් ඉන්නේ මෙහේ. නමුත් ඒ සෞඛ්‍ය ඇමැතිත් ප්‍රතිකාරය සඳහා යන්නේ සිංගප්පූරුවට.

:       85       88

vijayakumaraMonday, 13 December 2021 03:07 PM

නියමයි, ලකුණු හයයි!!

:       0       1

ලේක්කෝ ගලබඩ Sunday, 12 December 2021 01:48 PM

ඩෝන්.. ගාලා විශාල ශබ්දයක් ඇසුණා.. සක්වල ගල ප්‍රකම්පිත කරගෙන විශාල මැණිකක් මතුවුණා. ස' ගේ සහ රටේ වාසනා මහිමය...

:       102       78

Perera Sunday, 12 December 2021 01:58 PM

හරකුන්ට පුන්නක්කු තමයි දෙන්න තියෙන්නේ...

:       0       78

Asintha Sunday, 12 December 2021 02:22 PM

මෙන්න අලුත්ම තිරරචනය...!

:       0       80

jagath Sunday, 12 December 2021 02:34 PM

දැන් මාස 3න් 3ට වගේ ටොන් භාගයක මැණික් ගල් මතුවෙනවනේ... මේක තමයි 69 ලක්ෂය ඉල්ලපු ආශ්චර්යය.

:       6       85

චම්පිකා Sunday, 12 December 2021 02:46 PM

මැණික් ගලේ වාසනාවේ සතුට සමරන්න බෝක්කු කටක චිත්‍ර අදිමුද? කෝ ඒ චිත්‍ර මල්ලිලා දැන් පේන්නවත් නැහැනේ.

:       60       60

සමුද්‍රී Sunday, 12 December 2021 03:35 PM

රටේ වර්තමාන ආර්ථික තත්වය සලකාබලා නාගලෝකෙන් එවන ආධාර තමයි මේ පොකුරු පිටින් එන්නේ... ලොකු සද්දයක් එහෙම ඇහුනේ නැද්ද?

:       51       68

lankasri Sunday, 12 December 2021 04:27 PM

නිධන් හාරහාර ගත්තු ඒවාද කොහෙද, දැන් හෙමින් හෙමින් එළියට එන්නේ....

:       35       23

රිතික් Sunday, 12 December 2021 05:10 PM

ඔය මැණිකට වඩා මයේ මැණික මට වටිනවා...

:       24       25

Raheem Sunday, 12 December 2021 05:42 PM

‘‘අම්මෝ මැණිකේ මගේ හිතේ....‘‘

:       4       35

සාම Sunday, 12 December 2021 05:59 PM

මැදපෙරදිග ස්වාභාවික තෙල් සම්පතෙන් රටේ සියලු පුරවැසියන් හට ප්‍රතිලාභ ලබාදෙන අතර අපේ රටේ මැණික් ස්වභාවික සම්පතෙන් ඉතාම සුලු පිරිසක් අතරේ විශාල මුදලක් කැරකෙනවා. මේ ක්‍රමයයි වෙනස් වෙන්න ඕනෑ.

:       20       26

සුරනිමල Sunday, 12 December 2021 06:27 PM

ලෝකයේ ලොකුම දේවල් කීයක් හම්බවුණත් ජනතාවට එයින් කිසි ප්‍රතිලාභයක් නැහැ. මොනවා හම්බවුණත් ජනතාවට ඒවයින් ප්‍රයෝජන නැත්නම් එය ප්‍රවෘත්තියක් විතරයි. අරාබියේ තෙල්වල ප්‍රතිලාභ රට වැසියන්ට.... අනිත් රටවල්වලත් එහෙමයි. මෙහේ පාලකයන්ට සේරම...

:       11       25

මැණිකේ මගේ හිතේ... Sunday, 12 December 2021 08:19 PM

පර්යේෂණ කරලා මැණික හොයගත්තා කියන කතාවේ ලොකු බොරුවක් තියෙනවා. එහෙම නම් අනවශ්‍ය විදිහට පතල් හාරන්නේ ඇයි. හැම පතලෙකින්ම මැණික් හම්බවෙන්නෙත් නෑ. මෙයා කියන විදිහේ තාක්ෂණයක් මැණික් සොයා ගන්න පුලුවන්නම් මේ වෙද්දී මේ රටේ මැණික් ඔක්කොම ගොඩට අරගෙන. එකත් එකටම නිධානයක් ගොඩදාලා. ඒකට හොද පර්යේෂකයන් මේ රටේ අපමණයි.

:       0       23

SISIRA Monday, 13 December 2021 12:43 AM

මේ කතාව ගැටලු සහගතයි ,මොහු පර්යේෂකයෙක් පතල් හිමියෙකුට මැනික් ලැබෙන්නේ. එත් හවුල් උනු සියළු දෙනාටත් කොටස් බෙදෙනවා .

:       0       1

Nimal Silva Monday, 13 December 2021 01:36 AM

මුදල් විශුද්ධිකරණයට හොඳම ක්‍රමය මේක තමයි..!

:       0       0

විපරමා Monday, 13 December 2021 04:52 AM

කටුගෙයි වටිනා පුරාවස්තු වලට උනා වගේ ඔය මැණිකත් බහිරවයා ගෙනියන්ඩ බැරී නැහැ

:       0       0

Saththaya Monday, 13 December 2021 08:55 AM

පොලොව යට තියෙන දේවල් අයිති වෙනම කට්ටියකට .ඊට පස්සේ මේ කතාව පුස්සක් , මොන කථාත් නැහැ .

:       0       1

sampath Wednesday, 15 December 2021 06:56 PM

මුලු පොළවෙන්ම මැණික් ලැබුණත් කණාට මැණික් ගලේ පය හැපුණාට දන්නේ නෑ වගේ ජාතියක්නේ.... මොනවා කරන්නද... ලොකු ලොකු ඒවා ලැබෙනවා ... පෝලිම්වල ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 31 0

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 25 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 1599 3

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 492 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 792 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 241 3

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 568 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site