IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


‘‘ලසන්තට යුක්තිය ඉටුකරනවා”

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සන්ඩේ  ලීඩර් පුවත්පතේ ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන්  යුක්තිය ඉටු කරන බවත් ඔහුගේ  දියණිය අහිම්සා වික්‍රමතුංග මහත්මිය ඒම  නඩුව සම්බන්ධයෙන් නීතිපති වරයාට  චෝදනාවක්  කරමින් ඒවා ඇති ලිපිය  සම්බන්ධයෙන් ඇයට පෞද්ගලිකව පිළිතුරු  ලිපියක් යැවීමට     බලාපොරොත්තු වන බවත්   අගමැතිනී  ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය  පාර්ලිමේන්තුවේදී අද (7)   පැවසුවාය.

සන්ඩේ  ලීඩර් පුවත්පතේ කතෘ ලසන්ත වික්‍රමතුංග  මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවේදී නීතිපති පාරින්ද රණසිංහ මහතා  ක්‍රියාකර ඇති ආකාරය සැලකිල්ලට ගෙන ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එන්නැයි  ඒ මහතාගේ දියණිය අගමැතිනී  හරි නි අමරසූරිය මහත්මිය ට ඊයේ (6)  ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කළාය.

හරිනි අමරසූරිය මෙනවිය මෙසේද පැවසුවාය

ලසන්ත වික්‍රමතුංග  මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු වෙන්න ඕන.  ඒ්ක තමයි අපේ ස්ථාවරය.  ඉදිරියටත් එහෙමයි. ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය මතුකර ඇති කරුණු සහ ඇයගේ වේදනාව අපට හොඳින් තේරෙනවා.  යුක්තිය සාධාරණය ඉටු කරන බවට   අප ඇයට සහතිකයක් දෙනවා.නීතියේ නිසි ක්‍රියාදාමය අනුව කටයුතු කරන්න අප බලාපොරොත්තු වෙනවා. ඒ අයට යුක්තිය ඉටු වෙන්න ඕන.  ඒක තමයි රජයේ මතය.



අදහස් (12)

‘‘ලසන්තට යුක්තිය ඉටුකරනවා”

යෝගා Friday, 07 February 2025 01:58 PM

තවත් පුස් පොරොන්දුවක් පමණක් නොවේවා.

:       9       59

රම්බොඩ Friday, 07 February 2025 02:10 PM

ලසන්ත කවුද? මොනවා කරන්න ගිය නිසාද මෙහෙම වුණේ කියලා මෙයාලා දන්නවා ඇති. නමුත් දේශපාලනික නිවටකම් ඉදිරියේ අසූචිත් බුදින පක්ෂයක සාමාජිකයින් ගැන කතා කරන්න අවශ්‍ය නෑ...

:       15       94

Asela Friday, 07 February 2025 02:39 PM

ලසන්ත මිනීමැරුම පිළිබඳ විමර්ශනය බොරු කඩතුරාවක් යටතේ වාසි ලබා ගැනීමට අවස්ථාවක් නම්, ඔව්. අපි ජවිපෙ ක්‍රමයට ඒක කඩිනම් කරනවා. හේ හරිනි, මිනීමැරුම් සහ වෙනත් එවැනි සිදුවීම් දහස් ගණනක් තිබේ. ඔබේ දේශපාලන පැවැත්ම සඳහා මෙම නඩුව ඉදිරිපත් නොකර සැමට යුක්තිය ඉටු කිරීමට අධිකරණය ඉක්මන් කරන්න.

:       10       80

යුක්තිය Friday, 07 February 2025 02:40 PM

ලසන්තට යුක්තිය ඉටු කිරීම යනු ඔහුගේ දියණිය හෝ ඒ සමාජ ස්ථරයේ දෝෂදර්ශනයට ලක් වූ, වෙසෙසින්ම එල්ටීටීඊ ත්‍රස්තවාදයට බැට දුන් අයවලුන් දඩයම් කිරීම නොවන වගත් අගමැතිනියට වැටහිය යුතුය. ලසන්තලා එකල ක්‍රියා කළේ ශ්‍රී ලංකා රාජ්‍යය සුරැකීමට වඩා එල්ටීටීඊ ත්‍රස්තවාදයට සුදු හුණු ගෑමට වග, බොහෝ දේ ඉක්මනින් අමතක කර දමන ශ්‍රී ලාංකිකයනට වුව මතක තිබිය යුතුය.

:       7       61

රනේ Friday, 07 February 2025 03:12 PM

අනේ අසේල..? මතකද සමහර බලල්ලුත් ඒ කාලේ දඩයම් කළා....!

:       42       7

Jayani Friday, 07 February 2025 03:36 PM

කිව්වොත් මෙයාලා අනිවාර්යයෙන්ම කරයි... මෙච්චර දවසක් කිව්වා සියලු දේවල් කරානේ...! බොරු කියන්නේ නැහැනේ..!

:       5       20

Bunny Preena Friday, 07 February 2025 03:52 PM

මිනීමරු දේශපාලන සංස්කෘතිය ලංකාවෙන් තුරන් කළ යුතුයි....

:       1       12

saraboy Friday, 07 February 2025 05:44 PM

මෙන්න මේ අත්තනෝමතික මාරු වීම් නිසා අගතියට පත් නිලධාරින්ටත් යුක්තිය ඉටු කරන්න. ඉහළ තලවල නිලධාරින් කීප පොලක් මාරු කරා. මාරු කරලා දාලා තියෙන්නේ මාලිමාවට උපරිම කඩේ ගිය (අන්තිම මාස වල /කලින් මහින්දලාගේ හුරතලුන්) සෙට් එකක්. මාරු කරේත් මාලිමාව පතන ආකාරයේ අවංක කිසිදා රාජ්‍ය මුදල් වංචා නොකරපු අයයි. කරුණාකරලා මේ ගැන හොයන්න. ආන්ඩුව අන්දන මේ සෙට් එක කවුද? අවංක නිලධාරින් මාරු කරන්න නිර්දේශ දෙන්නේ කවුද...? ඔබලා හොයලා බලන්න මේවා. කීව පලියට විශ්වාස කරන්න එපා. අනික පක්ෂයේ දිස්ත්‍රික් ලේකම්ලාට තේරුම් කරලා දෙන්න මේ ගැන. රටක් දිනන්න පක්ෂයක් අවශ්‍යයි... නමුත් රටක් පාලනය කරන්න නිලධාරින් අවශ්‍යයි. පහුගිය රජයන්වල වංචා වල යෙදුණු නිලධාරින් දැන් අවංක නිලධාරින් කපනවා.. ඒක රටට අවදානමක් ගේනවා. අපි හිතුවේ ඔයාලා ආවම අඩුම ගානේ ප්‍රධාන තනතුරුවලට සම්මුඛ පරීක්ෂණ තියලා දක්ෂයන් දාවි කියලා... ඇත්තටම ඔයාලා විවේචන බාර ගන්නවද? අපි සමහර දිස්ත්‍රික් ලේකම්ලාට මේ ගැන දැන්නුවා. එයාලා ගණන් ගත්තේ නැහැ..

:       0       8

GAMA VARESE Friday, 07 February 2025 07:58 PM

මෙයා යුක්තිය ඉටුකරනවා කිය කියා බයිලා ගහනවා. අරහේ බඩු මිල අහස උසට නැගලා.. කයිවාරු ගහන එක නවත්තලා ඒවා ගැන සොයා බලන්න..

:       5       21

prasanna Saturday, 08 February 2025 12:17 PM

ඔයා නඩු කාරයාද? අගමැතිද?

:       2       7

අරුණි Saturday, 08 February 2025 05:41 PM

හෙජින් ගනුදෙනු, පැන්ඩෝරා පේපර්ස්, උගන්ඩා ඩොලර්, ලසන්ත වික්‍රමතුංග, රත්තරං අස්සයෝ, ලැම්බෝගිනි මේ සියල්ල අවසානයේ පුස්වෙඩිල්ල වී අවසන් වී යනු ඇත. නමුත් පොල් නැති, හාල් නැති, ලුණු නැති, වතුරත් නැති - යංතං විපක්ෂයේ පිහිටෙන් බේරුණු රටකි.

:       0       0

Asanga Sunday, 09 February 2025 10:18 AM

ලාල්කාන්ත සේරම දන්නවා. එයාව උසාවි ගෙනිච්චා නම් හරි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 2134 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 408 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 700 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1061 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 184 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 652 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 731 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site