(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොටස් ගෙන්වා එකලස් කරන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝගී මෝටර් රථයක් නීති විරෝධී බව දැන දැන නිවස තුල සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී දින 10 කට පසු අධිකරණයට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ අනිද්දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ, ගංගොඩවිල ප්‍රධාන මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය නියෝග කළාය.
සැකකාර රශි පබා රත්වත්තේ මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක්ද යොදවා තිබිණි.
නීති විරෝධී මෝටර් රථයට අදාළව ඉකුත් 31 වෙනිදින කටුගස්තොට නිවසේදී අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එදිනම නුගේගොඩ අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් සංජය විජේසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනිද්දා 7 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ වන රශි පබා රත්වත්ත මහත්මියට අයත් මිරිහාන ඇඹුල් දිනය ශාලාව පාරේ නිවසේ ගරාජයක තිබී රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝගී මෝටර් රථය ඉකුත් 26 වෙනි පොලිස් භාරයට ගැනීමත් සමග රත්වත්ත පවුලම අතුරුදන්ව විය.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.