(ඩයනා උදයංගනී)
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් රජයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
එම පරීක්ෂණයේ වාර්තා පැමිණෙන තුරු ඔහුට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මත ප්‍රකාශ කිරීම වරදක් බව ද ඇමතිවරයා සඳහන් කළේය.
නමුත් ලොහාන් රත්වත්ත මහතා තමාට චෝදනාවක් එල්ල වී ඇති අවස්ථාවක මෙසේ ඉල්ලා අස්වීම හොඳ ප්‍රවණතාවයක් බව ද ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීවේය.
හිටපු බන්ධනාගාර රාජ්‍ය ඇමතිවරයා ලෙස ඔහුට එල්ලුම්ගහ බලන්නට යාමේ අයිතියක් ඇතැයි ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
‘වරදක් සිදු වුණාම වෙනත් රටවල අය ඉල්ලා අස්වෙනවා. මෙහෙ අය එහෙම ඉල්ලා අස්වෙන්නේ නැහැ’ යැයි කී පිරිස් දැන් ලොහාන් රත්වත්ත මහතා ඉල්ලා අස්වූ පසු ඊටත් වඩා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් සිටින බව ද ඇමතිවරයා කීවේය.
මෙවැනි දෙයක් සිදුවීම තුළින් වත්මන් රජයට විනයක් ඇති බව පැහැදිලි විණි යැයි කී ඇමතිවරයා මීට පෙර මහ බැංකුවංචාව පිළිබඳ චෝදනා එල්ල වූ අය ඉල්ලා අස්වූයේ නැතැයි ද ප්‍රකාශ කළේය.
ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ පාමංකඩ මාර්ගයේ දෙපස පැළ සිටුවීමේ වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
ලොහාන් රත්වත්තේ මහතාගේ සිද්ධිය නිසා මානව හිමිකම් චෝදනා ද එල්ලවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා පැවසුවේ රටට මානව හිමිකම් ප්‍රශ්න ප්රභාකරන් මරණයට පත්වූ දා සිටම තිබූ බවත්, මේ ප්‍රශ්නයටත් මුහුණ දිය යුතු බවත්ය.
ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 37049, සජිත් ප්‍රේමදාස 17042, රනිල් වික්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලොහාන් රත්වත්තේට එරෙහිව රජයෙන් පරීක්ෂණ
de silva Sunday, 19 September 2021 04:54 PM
හොඳ ක්‍රියාමාර්ගයක්
K Perera Sunday, 19 September 2021 05:17 PM
ඔන්න බලලා මල්ලෙන් ඒලියට පනින්න හදනවා
Senevirathne Sunday, 19 September 2021 05:41 PM
මේවා ඉතින් කෙරෙනකල් විශ්වාස කරනනපුලුවන් දේවල්ද
සෑම් Sunday, 19 September 2021 06:19 PM
නොදකින් මේ වගේ බූරු ඇමති කෙනෙක්. මූ හිතාගෙන ඉන්නේ මේ කතා පිළිගන්න මිනිස්සුත් මූ වගේම බූරුවෝ කියලා.
lasantha ranasingha Sunday, 19 September 2021 06:27 PM
මේ හොරා අර හොරා බේරගන්න ගතු කියනවා .ඒ හොරා මේ හොරා බේරා ගන්න ගතු කියනවා .කොච්චර කාලයක් මේ නාඩගම් අපිට බලන්න වෙයිද ?
Perera Monday, 20 September 2021 12:19 AM
ඔය පරීක්ෂණයත් දැනට ආණ්ඩුවෙන් කරලා තියෙන්නේ අනිකුත් පරීක්ෂණත් වගේ වෙයි කියලයි මමනම් හිතන්නේ
siri Monday, 20 September 2021 04:22 AM
එල්ලුම්ගහ බලන්නට යාමේ අයිතියක් ඇත. මහරෑ හෙළිකොප්ටරයකින් එසේ බලනන යැමේ අවශ්‍යතාවය කුමක්ද? ගිය වැඩේ කරගත්තද? මෙට රටේ සල්ලි කොපමන වැය වුනාද? මේ කෙවෙිඩ් කාලයේ එසේ කිරිම හරිද? වෙනත් නිති කඩකරතිබේද? වරදක් කර ඇත්නම් අස්විම පමණක් පමණක් ප්රමානවද්ද? කල වරදට රටේ නිතය ප්‍රකාරව දඩුවම් නැද්ද?
naushi Monday, 20 September 2021 09:15 AM
කාලකන්නි දේශපාලුවන්
sam Monday, 20 September 2021 10:10 AM
රෑ වෙලා එල්ලුම් ගහ බලන්න තියා හිර ගෙදරවත් යන්න අයිතියක් නැහැ.
nimelen Monday, 20 September 2021 11:00 AM
ඒකනේ අවුරුදු 70ක් මාරුවෙන් මාරුවට මේ හොරු දෙගොල්ලන්ට රට බාර දුන්නෙ හොරා කන්න.
swene Monday, 20 September 2021 04:12 PM
පරීක්ෂණ නිදොස් කොට නිදහස් කරන්නනේ. ඉන්පසු හිටියටත් වඩා හොඳ තැනක්...