IMG-LOGO

2024 දෙසැම්බර් මස 24 වන අඟහරුවාදා


ලාභ නොබෙදුවාට මණ්ඩලේ කචල්

(සුජිත් හේවාජුලිගේ)

විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා මෙවර නොදීමට ගෙන ඇති තීරණය හේතුවෙන් මණ්ඩලයේ මතුවූ අර්බුදකාරී තත්වය ලොකු පිපිරීමක් දක්වා වර්ධනය වෙමින් තිබෙන බව වාර්තාවේ.

මේ හේතුවෙන් සේවකයන් සහ පාලනාධිකාරිය අතර දැඩි මතභේදාත්මක තත්වයක්ද නිර්මාණයවී තිබෙන බව එම මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විදුලි බල මණ්ඩලයේ පොදු ජන ප්‍රගතිශීලී සේවක සංගමය පවසන්නේ විසි දෙදාහක් වන විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනාව ලබාදීමට යන්නේ සමස්ත විදුලි බල මණ්ඩලයේ ආදායමෙන් සියයට එකකටත් වඩා අඩු ප්‍රමාණයක් බවයි. ලක්ෂ 40 කින් පමණ මෙම දීමනාව ලබාදීමට හැකියාව ඇති බවද සංගමය පෙන්වා දෙයි.

ප්‍රසාද දීමනා ලබාදීමට නොහැකි යැයි කියන කාරණයට එකඟ නොවන බවත් ප්‍රසාද දීමනාව දීමට මුදල් ඉතිරි වී පවතින බවත් සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.

එසේම පසුගිය රජය සකස් කළ සැලසුම් වලට අනුකූලව විදුලි බිල අඩු කිරීමටද හැකියාව ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර ප්‍රසාද දීමනා ලබා නොදීමට ගෙන ඇති තීරණයට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සංගම් කිහිපයක් තීරණය කර ඇත

 



අදහස් (6)

ලාභ නොබෙදුවාට මණ්ඩලේ කචල්

විදුර Tuesday, 24 December 2024 07:55 AM

විදුලි බලය ඉතා සංවේදී මාතෘකාවක්. ලගදි දවසක් රෑ මගේ ගෙදරට එන රැහැනේ අවුලක් වෙලා ලයිට් නැති උනා, හොට්ලයින් කෝල් කරලා කීවා, ගෙදර පොඩි ලමයෙක් ඉන්නවා කියලත් කීවා, පැයයි ගියේ ඇවිත් රෙපෙයාර් කරලා ගියා, ගොඩක් ස්තූති විදුලිබල මණ්ඩලයේ නඩත්තු කණ්ඩායමට. ඔබට පාරිතෝශික ලැබේවා.

:       0       2

Hasith Tuesday, 24 December 2024 09:23 AM

"මිනිසුන්ගෙන් මංකොල්ල කාල, බෝනස් එල්ලගෙන කන්න හදන්නේ මොන පැත්තෙන්ද ? ඔහොම බැලුවොත් ඔක්කොම සේවා වල දූෂණ අක්‍රමිකතා වහගන්න මිල හිතු මතේ ඉහල දාලා, ලාභ ලබනවා කියලා පෙන්න්න පුළුවන්නෙ. මේවා මේ රට විනාශකාරී සංගම්

:       1       4

udara Tuesday, 24 December 2024 09:44 AM

විදුලිබලමණ්ඩලේ සාමාන්‍ය සේවකයකුගේ වැටුප පවා පෞද්ගලික අංශයේ සේවකයකුගේ වැටුපට වඩා ඉතා ඉහල අගයක්. එහෙම එකේ දුප්පත් මිනිස්සුන්ගෙන් පවා සුරා කලා බිල් වැඩිකරලා ලාභ පෙන්නලා බෝනස් ඉල්ලන්න මුන්ට ලැජ්ජාවක් නෑ. ලාභ නම් ණය ගෙවලා ඉවර කරන්න.බිල අඩු කරන්නත් බැරිනම්.

:       1       4

saliya Tuesday, 24 December 2024 11:12 AM

අසාධාරණ ලයිට් බිල ගන්නෙත් අපෙන් නම්, බලාගාර හැදුවෙත් අපේ මුදලින් නම්, වහින වැස්සත් ලැබෙන්නේ මේ රටේ මිනිස්සුන්ට නම්, අපිට දඩ ගහලා නුඹලා බෝනස් ඉල්ලීම කොතරම් කැතද​?

:       1       4

CC Tuesday, 24 December 2024 11:46 AM

අපේ රට යාන්තමින් බංකොලොත් භාවයෙන් මිදීමට ආරම්භ කලා පමණි,පෙර සිටි දේශපාලකයින් ඉවක් බවක් නොමැතිව රටට හා ජනතාවට අවශ්‍ය සංවර්ධනය වෙනුවට රට ගැන කැක්කුමක් නොමැතිව කල බලලෝභී දේශපාලනයේ අවසන් ථලය වූවේ රට සෑම අතින්ම පිරිහුණු බංකොලොත් රටක් බිහිවීමයි.මේ රට නිදහස් රටක් , රට දියුණුකිරීමට ජනතාව මහන්සිවී කැපවීමෙන් වැඩ කල යුතුයි.කැපකිරීම් කල යුතුයි .උපයන දෙයින් රට වෙනුවෙන් තම නොටස රාජ්‍ය භාරය එසේ නැතිනම් බදු පුමාණය ගෙවිය යුතුයි.එවිට අප රටට දියුණු සංවර්දිත දේශයක් විනය ගරුක නීති ගරුක රටක් සිහිනය සැබෑකර ගත හැකියි.එසේ නැතිව රාජ්‍ය සේවකයින්ට රජය මේ අවස්තාවේදී වැටුප් වැඩිකිරීම් යනාදිය සිදුකිරීමට පියවර ගනිමින් තිබියදී තම වරප්‍රසාද ඉල්ලමින් කටයුතු කිරීම සුදුසු නොවන බව කාරුණිකව මතක් කරනු කැමැත්තෙමි. විදුලිබල මන්ඩලය දියුණු කර ජනතාවට සහන දී ප්‍රසාද දීමනා ලැබුවාට ජනතාව විරෝධය පලකරනු නොමැති බව සඳහන් කරමි.

:       2       5

Lalla Tuesday, 24 December 2024 11:48 AM

කෝ ඕකෙ ඵලදායිතාවය වර්ධනය. බිල වැඩිකර ඒකාධිකාරයක් ලාභ ගැනීම නීතිය කොහොම වෙතත් සදාචාරාත්මක නෑ.ඔය සේවක පැවැත්ම කොහොමත් අවිචාරවත්...

:       1       6

ඔබේ අදහස් එවන්න

දියත

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂක ජනරාල් පත් කරයි
2024 දෙසැම්බර් මස 24 125 0

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා නිලධාරියකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


‘කුෂ්‘ සමඟ තවත් අයෙක් කටුනායකින් අල්ලයි
2024 දෙසැම්බර් මස 24 39 0

රුපියල් හාර කෝටි තිස් අට ලක්ෂ අසූ දහසක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත් , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel )


තෙරපි වේශයෙන් ඇවිත් දොස්තරගේ සේසතටම සුද්දයක් දීලා
2024 දෙසැම්බර් මස 24 446 0

පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු අන්තර්ජාලයෙන් සිදු කළ ඇනයුමක් අනුව නාරහේන්පිට මළලසේකර මාවතේ නිවසකට තෙරපීවරයකු වේශයෙන් පැමිණි පුද්ගලයකු වෛද්‍යවරයා මත්


චීන රෝහල් නෞකාව බලන්න අග්‍රාමාත්‍ය හරිනි යයි
2024 දෙසැම්බර් මස 24 659 0

කොළඹ වරායට ළඟාවී ඇති චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාව නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එක්වූවාය.


ජාතික රූපවාහිනියේ සභාපති ඉල්ලා අස්වෙයි
2024 දෙසැම්බර් මස 24 3208 0

ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා ජාතික රූපවාහිනියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.


90 අච්චි බර ඉසිලීමේ තරගෙට
2024 දෙසැම්බර් මස 24 576 0

තායිවානයේ තායිපෙයි අගනුවරදී විශේෂ බර ඉසිලීමේ තරඟයක් පසුගිය 21 වැනිදා පැවැත්වුණු අතර එහිදී වයස අවුරුදු 90 ක පාර්කින්සන් රෝගයෙන් පෙළෙන ආච්චි අම්මා කෙනෙක


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 16 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 79 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 48 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site