IMG-LOGO

2024 දෙසැම්බර් මස 18 වන බදාදා


ලාල්කාන්ත - ජුලී එක්ක ’’රිලව්’’ගැන කතා කරයි

(අංජුල මහික වීරරත්න)

කෘෂිකාර්මික කටයුතු වලදී වගාවට වන සතුන්ගෙන් සිදුවන හානිය සහ එම හානිය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගත හැකි ආකාරය පිළිබඳව කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇමරිකා තානාපතිනිය සමඟ සාකච්ඡා පැවැත්වීය.

ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිය ජූලි චන්ග් මහත්මිය සහ කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර විශේෂ හමුවක් අද (18)  කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණ. 

මෙහිදී කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සහ දේශීය ගොවියාගේ ආර්ථිකය නඟා සිටුවීම සඳහා අවශ්‍ය  ඇමරිකානු සහාය ලබා ගත හැකි ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය.

අමාත්‍යවරයා මෙහිදී දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය විදේශ වෙළඳපොළ සොයාගැනීම, දේශීය ගොවි සමාගම් සංකල්පය ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීම මෙන්ම වනසතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ උපදේශක සහාය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කළේය.

 එසේම දේශීය කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට හා දේශීය ගොවි සමාගම් සඳහා ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සහාය ලබා ගැනීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ පොල් කිරි හා පොල් ආශ්‍රිත නිෂ්පාදන නවීකරණයට අවශ්‍ය සහාය ලබා දීමට මෙහිදී ඇමරිකා තානාපතිනිය එකඟතාව පළ කළාය.



අදහස් (2)

ලාල්කාන්ත - ජුලී එක්ක ’’රිලව්’’ගැන කතා කරයි

Dharmasena Wednesday, 18 December 2024 03:24 PM

රිලව් මර්දනයට ඇමැරිකාවේ සහය මොකටද බං. ඉස්සර වගේ ගොවියන්ට තුවක්කු බලපත් නිකුත් කරා නම් ඉවරයි. එහෙම නැත්නම් ග්‍රාම ආරක්ෂක පස් දෙනෙක් ටික කාලයකට ගමකට වෙන් කරන්න ඒ කාර්යය වෙනුවෙන්.

:       17       12

Vinod Wednesday, 18 December 2024 03:24 PM

දැන් සියලු ප්‍රශ්න විසඳන්නේ ජුලි චැන්, ඒ දවස්වල මෙයාව පේන්න බැරිව නේද හිටියේ?

:       14       25

ඔබේ අදහස් එවන්න

දියත

හිටපු ජනපතිට සුභ පතන්න ගිය ඩිපෝ කළමණාකරු ඇතුළු හයකගේ වැඩ තහනම්
2024 දෙසැම්බර් මස 18 84 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදෙන දිනයේ ඔහුට සුභ පතන්නට ලංගම බස් රථයකින් බොරැල්ල මැතිවරණ කාර්යාලය අසලට ගි


හිටපු ජනපතිට සුභ පතන්න ලංගම බසයකින් ගියැයි රැකියාවෙන් දොට්ට
2024 දෙසැම්බර් මස 18 4 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදෙන දිනයේ ඔහුට සුභ පතන්නට ලංගම බස් රථයකින් බොරැල්ල මැතිවරණ කාර්යාලය අසලට ගි


චන්ද්‍රිකාගෙන් අපේක්ෂා රෝහලට බෙහෙත්
2024 දෙසැම්බර් මස 18 450 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මහරගම අපේක්ෂා රෝහලට අද ඖෂධ පරිත්‍යාගයක් කළාය.


රට සහල් මෙට්‍රික්ටොන් 16,000ක් කොළඹ වරායට
2024 දෙසැම්බර් මස 18 179 0

බලපත්‍රයක් නොමැතිව සහල් ආනයනය කිරීමට ආණ්ඩුව අවසර දීමෙන් පසුව පෞද්ගලික ආනයනකරුවන් ආනයනය කළ සහල් මෙට්‍රික්ටොන් 16,000 ක් කොළඹ වරාය වෙත ළඟාවී ඇති බව රේගු මා


යෝධ ඇළ රක්ෂිතයේ සිටවූ පැළ 2000 විනාශ කරලා
2024 දෙසැම්බර් මස 18 217 0

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එප්පාවල,නල්ලමුදාව,යෝධ ඇල රක්ෂිතයේ අක්කර 75 ක භුමි භාගයක සිටුවන ලද මී, කුඹුක්, කොහොඹ හා කරද පැල 2,000 කට ආසන්න ප්‍රමාණයක් කි


අනුර - මෝදි ගිවිසුමේ දොස් විමල් දකී
2024 දෙසැම්බර් මස 18 647 6

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය සංචාරයේදී ඇතිකරගත් ගිවිසුම් හේතුවෙන් අනාගතයේදී ලංකාව ඉන්දියාවේ රූකඩයක් බවට පත් වීමේ අනතුරක් ඇතැයි ජාතික න


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21354 8




ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13841 10

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 282 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 274 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

Our Group Site