IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ලෝක බැංකුවෙන් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 200ක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබා දීමට අනුමැතිය ලැබී තිබේ.

ඊට අදාළ ණය ගිවිසුමට අත්සන් තැබීම අද (7) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිදු වූ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලෙන් මහතා විසින් ඊට අත්සන් තැබීය.

මෙම මූල්‍ය පහසුකම ලබා දීම ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ප්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා ලෝක බැංකුව විසින් දක්වනු ලබන අඛණ්ඩ සහයෝගීතාවය පිළිඹිබු කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ, ස්ථාවරත්වය සහ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ (RESET) සංවර්ධන ප්‍රතිපත්ති මුල්‍යකරණ (DPF) වැඩසටහනේ දෙවන අදියර යටතේ මේ මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට හිමිව ඇත.



අදහස් (3)

ලෝක බැංකුවෙන් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 200ක්

R.T.sarath Monday, 07 October 2024 02:16 PM

අල්ලස් ගන්න දූෂිත අනවශ්‍ය රජයේ සේවකයෝ ප්‍රතිවියුහගත කරගෙන එහෙම නැතිනම් වන්දියක් ගෙවලා හෝ ඔවුන් කරන වැරැදි වලට දඬුවම් වශයෙන් ඉවත් කරලා දමලා, රාජ්‍ය සේවය කාර්යක්ෂම කරගතහොත් අපට ඩොලර් මිලියන 200 එක මාසෙට ඉතුරු කරගන්න පුළුවන්..., කමක් නැහැ දැනට ඔහොම යමු., ඡන්දෙන් පස්සේ ශක්තිමත් ආණ්ඩුවක් හදාගෙන ඉතුරු ටික කරමු, දැන් රජයේ සේවකයින්ට වැඩිපුර ප්‍රෙෂර් එක දෙන්න ගියොත් ඔවුන් ඡන්දෙට කලින් වැඩේ අවුල් කරනවා. දිය හැලියේ නටන කකුළුවෝ වගේ අය තව මාසයක් දෙකක් ඔහේ ඉඳීවි..

:       0       15

Kamal Monday, 07 October 2024 02:25 PM

ඕවත් ණය නේද ...?

:       2       11

රටවැසියා Monday, 07 October 2024 03:31 PM

මෙච්චර කලක් ණය ගත්තා කරපු දෙයක් නැහැ කිව්ව කයියනායක ජනාධිපතිට පුළුවන් මේ සල්ලි වියදම් කරපු ව්‍යාපෘති මොනවාද? ඒවා ලබාගත්තු කොන්ත්‍රාත්කරුවන් කවුද? ප්‍රතිසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය යනාදිය පොදු මහ ජනතාවට නිවැරදි සංක්‍යා ලේඛන ලබාගන්න පුළුවන් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම...!

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

නෙළුම් කුලුණෙන් වැටී කතක් මරුට
2024 ඔක්තෝබර් මස 07 11 0

නෙළුම් කුළුනෙන් පහළට වැටී කාන්තාවක් මියගොස් ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගම පවසයි.


දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 133 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 83 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 698 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 387 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1959 8

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39291 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site