IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ලං.වි.මේ තෝරාගත් සේවකයන්ට කෝටි ගණනින් මුදල් බෙදලා

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය අමාත්‍ය මණ්ඩල තීරණවලට සහ කළමනාකරණ සේවා චක්‍රලේඛයට පටහැනිව කාර්ය මණ්ඩල සඳහා පමණ ඉක්මවා වැටුප් සහ දීමනා ගෙවා ඇතැයි කියන සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මණ්ඩලය එලෙස නීති විරෝධී ආකාරයට වැටුප් සහ දීමනා සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි හාරදහස් පන් සිය එකොළහකට (4511) වැඩි බව එම විගණන කාර්යාලය පවසයි.

මණ්ඩලය පාඩු ලැබීමට මෙවැනි නාස්තිකාර වියදම්ද හේතුවී ඇතැයි විගණන නිලධාරීහු පෙන්වා දෙති.

ලංකා විදුලිබල මණ්ඩලය අමාත්‍ය මණ්ඩල තීරණවලට සහ කළමනාකරණ සේවා චක්‍රලේඛයට පටහැනිව 2019 වර්ෂයේදී ගෙවනු ලැබ ඇතැයි පැවසෙන කාර්ය මණ්ඩලයේ දීමනා සහ අනිකුත් වියදම්වල වටිනාකම රුපියල් කෝටි 171කි.

මේ අතර අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව 2009 වැටුප් සංශෝධනය යටතේ සේවකයන්ගෙන් අයකර ගත යුතුව තිබූ උපයන විට ගෙවීම් බදු එසේ අය නොකර ඒ වෙනුවෙන් රුපියල් කෝටි 491 ක මුදලක් මණ්ඩලය 2010-2019 අතර කාලයේදී අතිරේක වියදමක් ලෙස දරා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙයට අමතරව විදුලිබල මණ්ඩලයේ සේවකයන් සඳහා CA/WRIT/193/2015 දරණ උසාවි තීන්දුවට පටහැනිව 2019 වර්ෂයේදී රුපියල් කෝටි 3850 ක පමණ මුදලක් වැටුප් ලෙස ගෙවා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳවද විගණන අංශ තොරතුරු හෙළි කරගෙන ඇත.

මේ අතර විදුලිබල පනතට පටහැනිව රජයේ ප්‍රසම්පාදන නීති අනුගමනය නොකර ගි.වො පැය 2165ක විදුලිය වෙනුවෙන් රැපියල් කෝටි 5400ක් වැයකර ජනන බලපත්‍ර නොමැති බලාගාරවලින් 2019වර්ෂයේදී හදිසි මිලදී ගැනීම් කර ඇතැයි කියන සිද්ධියක් පිළිබඳවද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වූ බව විගණන කාර්යාලය පවසයි.

 



අදහස් (13)

ලං.වි.මේ තෝරාගත් සේවකයන්ට කෝටි ගණනින් මුදල් බෙදලා

යෝගා Saturday, 22 January 2022 09:13 AM

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් තමයි ලොකුවටම හොරා කන්නේ...

:       0       41

සුද්දාSunday, 23 January 2022 07:35 AM

රටට බරක් වෙච්ච පිළිල මේ ගොඩක් අය. ඔවුන්ගේ ගජයන් පුද්ගලික සමාගම් ලෙස පත්කරලා දෙගොල්ලොම කන ගමන් රටේ ජනතාව අමාරුවේ වැටෙන තුරු උඩ බලාගෙන ඉන්නවා. හොඳ එකෙක් හිටියොත් උන්ව කොහොම හරි එළව ගන්නවා.

:       0       9

කිරි පුතා Saturday, 22 January 2022 09:37 AM

තව තවත් සොයා බැලුවොත් විදුලි කණුවක් මිල දී ගැනීමේ හෝ නිෂ්පාදනය කිරීමේ සිටම හොරකම් කරන හැටිද, පිරී ඉතිරී යන ජලාශ ඉක්මනින් ම හිස් වී පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලට ගෙන කොමිස් ගන්න හැටිද ආදී මහා වංචා සොයාගත හැකිවෙයි. ඔවුන් වෘත්තිය සමිති දාගෙන කරන්නේ හොරකම් වලට පාරවල් කපාගන්න එක තමයි.

:       0       45

gunarathna Saturday, 22 January 2022 11:30 AM

විදුලිබල මණ්ඩලයේ බවුසර්වලින් ගහන ගැහිල්ල ගැන වෙනම හොයන්න ඕනේ. බවුසර්වල වැඩකරන රියදුරන්ගේ මාසෙකට වැටුප කීයද කියලා බැලුවා නම් තේරුම් ගන්න පුළුවන් මණ්ඩලේ පාඩු ලබන්නේ කොහොමද කියලා...

:       0       22

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 22 January 2022 12:02 PM

රටේ මුදල් මේ තරම් නාස්ති කරන්න පුළුවන් කාගේ හයියකටද කියා තමයි හිතන්නට තියෙන්නේ. ඒ වගේම මේ තරම් අති විශාල මුදල් සම්භාරයක් අයථා ලෙස පාවිච්චි කළ අයට විරුද්ධව වහාම දැඩි දඬුවම් නියම කළ යුතුයි නේද?

:       0       25

සුද්දාSunday, 23 January 2022 07:39 AM

මේවා අද ඊයේ නෙවෙයි අවුරුදු තිහක් හතලිහක් තිස්සේ වෙන වැඩ. 1960 ගණන් ඉඳලා විශේෂයෙන් 70 දශකයේ එහෙම විශ්වවිද්‍යාල වලින් පිටවුණු විදුලි ඉංජිනේරුවන් විසින් සෑදූ ක්‍රම සහ විධි. අදත් ඒ කීප දෙනෙක්ම මණ්ඩලයෙන් යැපෙනවා බව සහසුද්දෙන්ම දන්නවා.

:       2       2

Shan Saturday, 22 January 2022 01:56 PM

වීරයෙක් පත්කරගෙන අවුරුදු 2කටත් වැඩියි. මොන මගුලක් කරනවද මන්දා තාම? විරයගේ බලය 20වැනි සංශෝධනයෙන් වැඩිකරගත්තු එක විතරයි හරියට කළේ...

:       6       17

Ajantha Saturday, 22 January 2022 09:22 PM

රටේ සාමාන්‍ය පුරවැසියෙක් විදියට මම ගැනම දුකයි.

:       0       6

Demuni Uduwara Sunday, 23 January 2022 06:04 AM

සභාපතිවරු මොකද කළේ.?

:       0       6

M.H.Deeganatha Sunday, 23 January 2022 05:21 PM

මහජනතාවට සපයන සේවාවන් අතුරින් විදුලියට ප්‍රමුඛත්වයකි. ආලෝකය ලබාගැනීමට පළමු තැන හිමිවන අතර කර්මාන්ත/ සේවා දෙවැනුවයි. ලංවිමහි විදුලි විද්‍යාර්ථයින්ට එම මණ්ඩලයේ ඉහළම පිළිගැනීමයි. නමුත් ලංවිම ආරම්භයේ සිටම එහි විද්‍යාර්ථයින්, දේශපාලුවන් හා සම්බන්ධ වී හෝ නොවී හෝ මණ්ඩලය රැගෙන ගොස් ඇත්තේ අවගමනයකට බව සනාථව ඇත. ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සභාපති, නීතීඥ අතුල ද සිල්වා මහතා මෑතකදී තම අදහස් දක්වමින් කියා සිටියේ විද්‍යාර්ථයින් නිවැරැදිව කටයුතු කරන අය බවයි. අධිකරණයට සම්බන්ධ නීතීඥවරුන්ටද වරදින බවට මෙය හොඳ නිදසුනකි. එහි සාපය භුක්ති විඳින්නේ සමස්ත ජනතාවමයි... ඔය කියන විදුලි විද්‍යාර්ථයින් විදුලිය සම්බන්ධ කිසියම් හෝ නව නිර්මාණයකට පේටන්ට් හිමිකරගෙන සිටිත්ද? අපූරුව නම් 13913 විදුලිය සඳහා වූ නව නිමැවුමකට පේටන්ට් හිමිකරගෙන ඇත්තේ පාසල දරුවෙකු වීමයි. තවත් එවැනිම විදුලිය සඳහා වූ නව නිමැවුමකට 2009 සිට පේටන්ට් නොගෙන ඕනෑම අයෙකුට ඊට පේටන්ට් ගැනීමට වසර 20ක කාලයක් ඉඩතබා ඇත්තේ මේ කියන දූෂිත විදුලි විද්‍යාර්ථයින්ට සිතීමට හෝ ඉඩ තබමින්මය.

:       0       5

අනුරුද්ධ Sunday, 23 January 2022 10:08 PM

මෙබඳු දෙයක් අපේ රටේ වීම ගැන කණගාටු වීමට තරම් කාරණා නැත. ඒ මෙසේ නොවුණා නම් පුදුමයට කාරණයක් නොවන බැවිනි. අනාගතය පුරෝකථනය ඉංජිනේරුවන් සතු කාර්යයක්... වැඩේ හරි නම්, අවශ්‍ය කටයුතු ඉටුවෙලා තියෙනවා නම් මෙලෙස කරන එක සාධාරණයි. වැරදි ලෙස ගෙවන ලද මුදලුත් ඊට අදාළ පොලියත් සියල්ල නැවත අයකර ගත යුතුවෙනවා. එසේ නොමැති නම් දේපළ රාජසන්තක හරි, එම මුදල අය කර ගන්න වෙනවා.

:       0       2

Nimal Monday, 24 January 2022 07:37 AM

මේක අපේ කරුමෙට ඇතිවෙච්ච හොර ගුහාවක්. පෙට්‍රෝලියම් ගත්තත්, ජල සම්පාදනේ ගත්තත් හොර ගුහාවල්. මේ සියලු දෙනාට ජාතික පඩි ප්‍රතිපත්තියක් දෙන්න බැරි ඇයි? ඒකට එකඟ වෙන්න බැරි අය මේ රටට එපා. සෙන්ට්‍රල් බැංකුව වෙනම ගමනක. ජනාධිපති කාර්යාලය තවත් ගමනක් යනවා. දොස්තරලා අමුතුම කාල සටහනක. දුම්රියේ කට්ටියට කොච්චර දුන්නත් මදි. මේ රට හැදෙන්න අලුත් බලවේගයක අවශ්‍යතාවය දැන් නම් පැහැදිලියි. අනේ මන්දා අපේ කාලේ ඉවරයි. අපේ දරුවන්ට මොනවා වෙයිද? තනිව මේවා කල්පනා කරන්න කාලේ හොඳයි.

:       0       2

Bamunuarachchi Monday, 24 January 2022 09:32 AM

මේවා හෙළිදරව් කරන්නේ දේශපාලකයින් නොවෙයි, ජාතික විගණන කාර්යාලය...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1546 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 299 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 554 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 799 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 153 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 560 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 726 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 507 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site