(අංජුල මහික වීරරත්න)
ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සියේ (KOICA) ඉහළ පෙලේ නිලධාරීන් කණ්ඩායමක් අද (27) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූ අවස්ථාවේ මෙම එකඟත්වය පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව අනුව ණය ආධාර ලබාදීම පිළිබඳ අවධානය යොමු කරන බව ද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සියේ නියෝජිතයින් ජනාධිපති ලේකම්වරයා හමුවේ ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී (Miyon Lee), නියෝජ්‍ය තානාපති සොන්ග්යි ජියොන්ග් (Songyi Jeong), KOICA හි දේශීය අධ්‍යක්ෂ යුන්ග්ජින් කිම් (Myungjin Kim), නියෝජ්‍ය දේශීය අධ්‍යක්ෂවරන් වන යොන්ග්වන් කිම් (Yongwhan Kim) සහ යුන්සූ ජියොන් ( Yunsoo Jeon), DIMO හි සාමාන්‍යාධිකාරී රොෂාන් සේරසිංහ සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බී.එම්. යූ.එස් බන්නහැක යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
nalaka Friday, 27 September 2024 07:34 PM
හොරුන්ට ඇඬෙනවා නේද?