ජලය යනු සිරුරට අත්‍යවශ්‍ය සංඝටකයකි. සිරුර අභ්‍යන්තරයට ජලයෙන් ලැබිය යුතු නිසි පෝෂණය නොලැබීමෙන් බොහෝ ඉන්ද්‍රිය පද්ධතිවලට හානි පැමිණේ. එම තත්ත්වය වකුගඩු ක්‍රියාකාරීත්වයට බාධා ගෙනදීමට තරම්ද ප්‍රබල වේ. අපි සුලබව අසා ඇති පරිදි වකුගඩුවල ගල් ඇති වීමද ඉහත ක්‍රියාවලියේම අසුබ පෙරනිමිත්තකි. පුද්ගලයකුට ජීවිත කාලය තුළදී වකුගඩුවල ගල් ඇති වීමේ අවදානම 5%ත් 13%ත් අතර වේ.
සිරුරේ අධික ස්ථුල භාවයත්, දියවැඩියාව ඉහළ යාමත් සමග මෙම අවදානම තවත් වර්ධනය වී ඇතැයි දත්ත වාර්තාවල පෙන්නුම් කෙරේ. වාර්තාවල දැක්වෙන පරිදි පුරුෂ පක්ෂයටත් අවදානම වැඩිවේ.
වකුගඩුවල පිහිටීමේ ඇතිවන වෙනස්කම්, මුත්‍ර පෙරීමේදී ඇතිවන අවහිරතා, ඇතැම් පරම්පරාගත රෝග, ඉහළ උෂ්ණත්ව සහිත පාරිසරික වටපිටාවක ජීවත් වීම වැනි කරුණු කාරණා වකුගඩු ගල් ඇති වීමට හේතු වේ.
වකුගඩුවල ගල් යැයි සැක සිතිය හැකි මූලිකම ලක්ෂණය වන්නේ අධික වේදනාවයි. මෙය කොන්දේ සිට උදරයේ පහළ කොටස දක්වා පැතිරී යයි. මීට අමතරව වරින් වර මුත්‍ර කිරීමට සිදු වීම, රතු පැහැයෙන් මුත්‍ර පිටවීම, වමනය වැනි අපහසුතාද ඇති කරයි.
ඉහත රෝග ලක්ෂණ පවතින අවස්ථාවක ඔබ වෛද්‍යවරයකු වෙත යොමු වුව හොත් මුත්‍ර පරීක්ෂණ, x පසු පරීක්ෂණ මූලිකවම සිදු කෙරේ. ඇතැම් විටෙක x පසු මාර්ගයෙන් ගල් හඳුනා ගැනීම අපහසු විය හැකිය. එවන් අවස්ථාවකදී අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ සහ CT පරීක්ෂණ යොදා ගැනේ.
නිතරම වනුගඩුවල ගල් ඇති වන්නේ නම් සමහර විට පැය 24ක් පුරා එකතු කරන ලද මුත්‍ර සාම්පලයක් මගින් එහි ඇති සංඝටක නිර්ණය කළ හැකිය. එමෙන්ම කුඩා ප්‍රමාණයේ ගල් බොහෝ විට මුත්‍ර සමග පිටවේ. ඒවා රසායනාගාරයක් වෙත යොමු කිරීමෙන් එහි සංඝටක හඳුනා ගත හැකිය. සංඝටක හඳුනා ගැනීමෙන් ඒවා නැවත ඇති වීමට එරෙහිව ඖෂධ ලබා ගත හැකිය. බොහෝවිට සංඝටක හඳුනා ගැනීමෙන් නැවත ඇති වීම අවම කිරීමට වෛද්‍යවරයා ඖෂධ ලබා දෙයි.
බහුල වශයෙන් වකුගඩු ගල් කැල්සියම් ඔක්සලේඩ් හෝ කැල්සියම් පොස්පේට් යන සංයුතියෙන් සෑදුණු ඒවාය. මීට අමතරව යුරික් අම්ලය සහිත ගල්ද දැකිය හැකිය.
ඉහත සදහන් කළ පරිදි වකුගඩු ගල් කුඩා ප්‍රමාණයේ නම් මුත්‍ර සමග පිටවන හෙයින් ඒ සඳහා විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නොවේ. ඒත් ප්‍රමාණයෙන් විශාල නම්, වේදනාව ඉසිලිය නොහැකි නම් හෝ නිතර නිතර මුත්‍ර ආසාදනවලට ගොදුරුව මුත්‍ර මාර්ගයේ අවහිරතා මතු කරයි නම් ශල්‍යකර්මයක් මගින් හෝ බාහිරව යොමු කරන තරංග කදම්භයක් මගින් ගල් ඉවත් කිරීම හෝ කුඩු කිරීම සිදු කරයි.
වකුගඩු ගල් ඉවත් කිරීමට කළ හැකි සරල ක්‍රියා මාර්ග
1) දිනකට ජලය ලීටර් 02ත් දෙකහමාරත් අතර ප්‍රමාණයක් පානය කිරීම.
2) අධික ලුණු ආහාරයට එකතු කර ගැනීම නැවැත්විය යුතුයි.
3) අධික සත්ව ප්‍රෝටීන ආහාරයට එකතු කර ගැනීම පාලනය කරන්න.
4) කැල්සියම් සහිත ආහාර සාමාන්‍ය අයුරින් ආහාරයට ගන්න.
-සටහන- මාධවී ධර්මරත්න
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා ඝාතනය කිරීම සඳහා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 2008 වසරේදී වුවත් නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වකුගඩුවේ ගල් ඇති වන්නේ ඇයි?
Ruwan Monday, 06 March 2023 10:51 AM
මගේ තාත්තගෙත් වකුගඩුවල ගල්,,හොස්පිටල් ගියත් හරියට බලන්නෑ,,පිටින් E TRAY ගෙනිහිනුත් පෙන්නුවා ,,ප්‍රයිවට් කරනවානම් හරියට වැඩේ කරගන්න පුලුවන් ඩොක්ටර් කෙනෙක් කියන්න,,ලොකු උදව්වක්,,
V.G.Chathurika Tuesday, 06 June 2023 08:09 PM
මගේ මහත්තයාට මුත්‍රා මාර්ගයේ ගල් ඇතිවී දැනට ඉතා අපහසු තත්ත්වයක් පවතිනවා. ඔපරේශන් නොකර ගල් ඉවත්කර ගන්නට බෙහෙතක් කියන්න ඩොක්ටර්... බුදුසරණයි...!
Chaminda wimalasena Monday, 20 May 2024 04:30 PM
එතකොට මෙකෙන් ඇති වෙන්න පුළුවන් හානිය කුමක්ද ?
Chaminda wimalasena Monday, 20 May 2024 04:31 PM
එයින් ඇති වෙන්න පුළුවන් හානිය කුමක්ද ?