(විනීතා එම් ගමගේ)
මහනුවර දිස්ත්‍රික්කයේ වික්ටෝරියා ජලාශය ආසන්න ප්‍රදේශයන්හි ඉකුත් දා සිදුවූ භූ කම්පන කිහිපය එහි සිදුවන හුණුගල් කැඩීම නිසා සිදුවන්නක් නොවන බව එම භූ කම්පන පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාවේ සඳහන් වේ.
රිච්ටර් මාපක 2ට අඩුවෙන් වාර්තාවූ එම කම්පන සුලු භූ කම්පන ලෙස සැළකෙන අතර ඒවා සියල්ල ස්වභාවික ඒවා බව ද එම වාර්තාව කියයි.
එහෙත් සුළු හෝ අවදානමකින් මිදෙනු පිණිස වික්ටෝරියා ජලාශය මායිමේ සිට මීටර් 100 ක් දක්වා දුරක පවතින හුණුගල් කොරි වසා දැමීමට කටයුතු කරන්නැයි ද එම විද්වත් කමිටුව නිර්දේශ කර ඇත.
එවැනි කම්පන තුලින් බරපතල තත්ත්වයක් ඇති නොවන බව ද එම ප්‍රමාණය මෙන් දස ගුණයක ප්‍රබල කම්පනයකට වුව ද වික්ටෝරියා වේල්ල ඔරොත්තු දෙන බව ද එම වාර්තාව පෙන්වා දී තිබේ.
ඉකුත් අගෝස්තු 29 වැනිදා සිට දෙසැම්බර් 5 වැනිදා දක්වා අවස්ථා දහයක දී සිදුවූ එම භූ කම්පන පිළිබඳ සොයා බැලීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙකී කමිටුව පත් කරන ලද අතර භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතාගේ ප්‍රධානත්වයෙන් වූ එම කමිටුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න, මහාචාර්ය එල් ආර් කේ පෙරේරා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් ගුණතිලක, මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කිත්සිරි දිසානායක, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් එස් රණසිංහ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ගාමිණි ජයතිස්ස, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් ආර්කේ අරුප්පොල, හා ප්‍රධාන ඉංජිනේරු වසන්ත ඉහළපිටිය, භු විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ නලින් ද සිල්වා, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න හා ජ්‍යෙෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විය.
එම කමිටුවේ වාර්තාව කමිටු සභාපති අනුර වල්පොල මහතා විසින් අමාත්‍යවරයා වෙත පරිසර අමාත්‍යංශයේ දී අද(05) භාර දෙනු ලැබීය.
කෙසේ වෙතත් කෙටි කාලින, මධ්‍ය කාලින හා දිගු කාලින ක්‍රියා මාර්ග ගත යුතු බවත් මෙම කණ්ඩායම දිගටම ක්‍රියාත්මක වෙමින් දීර්ඝ කාලින පර්යේෂණයක නිරත විය යුතු බවත් අමාත්‍යවරයා එම වාර්තාව භාර ගනිමින් කමිටුව වෙත පැවැසීය.
මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.
දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක
දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තොරතුරු හා ප්‍රචාරක කොට්ඨාසය තුළ වැටී තිබූ රුපියල් 17000 ක මුදලක් බිම වැටී තිබියදී ඩී.කේ රොහාන් ප්‍රදීප් මහතා විසින් එය අයි
පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වික්ටෝරියා ජලාශය ආසන්නයේ භූ කම්පන හුණුගල් කැඩීම නිසා නොවේ
gal kadamu rata rakimu Tuesday, 05 January 2021 10:17 AM
මහනුවර දිස්ත්‍රික්කයේ වික්ටෝරියා ජලාශය ආසන්න ප්‍රදේශයන්හි ඉකුත් දා සිදුවූ භූ කම්පන කිහිපය එහි සිදුවන හුණුගල් කැඩීම නිසා සිදුවන්නක් නොවන බව එම භූ කම්පන පිළිබඳ සොයා බැලීමට පත් කළ හුණුගල් කඩන්නන්ගේ කමිටුවේ වාර්තාවේ සඳහන් වේ. තවද මීටර් 100ක් ඇතුළත හුණුගල් කොරි නොමැති නිසා එම සීමාව තුළ හුණුගල් කැඩීම තහනම් කරන ලෙස එම හුණුගල් කඩන්නන්ගේ කමිටුව නිර්දේශ කර ඇත.
janahitha Tuesday, 05 January 2021 10:18 AM
අනිවාර්යයෙන්ම ඔය කමිටුවේ ඉන්නේ හුණුගල් කඩවන්නන්ගේ සංගමයේ බව පෙනෙනවා.
prabha Tuesday, 05 January 2021 02:00 PM
එහෙමනම් මෙතෙක් කලක් භූ කම්පන සිදු නොවුණේ මොකද? වාර්තාව බෝතලයකටවත් යට වුණාද?
de silva Tuesday, 05 January 2021 10:15 PM
වික්ටෝරියා ජලාශයේ ඇති ජලයේ පීඩනය සමග සසඳන විට මීටර 100 කියන්නේ සැලකිය යුතු දුරක් නොවේ. මෙය අනිවාර්යයෙන්ම අවම වශයෙන් මීටර 1000 දක්වා නිවැරැදි විය යුතුය.
Jaya Wednesday, 06 January 2021 03:48 AM
"එවැනි කම්පන තුලින් බරපතල තත්ත්වයක් ඇති නොවන බව ද එම ප්‍රමාණය මෙන් දස ගුණයක ප්‍රබල කම්පනයකට වුව ද වික්ටෝරියා වේල්ල ඔරොත්තු දෙන බව ද එම වාර්තාව පෙන්වා දී තිබේ." දැනට වෙලා තියෙන්නෙ ඒකක 2ට අඩු ඒවා. අපි හිතමු ඒකක 1යි කියලා. ඒ කියන්නේ ඒකක 10ක කම්පනයකටත් ඔරොත්තු දෙනවා. දැනට ලෝකයේ ඒකක 8ට වැඩි කම්පනත් වෙලා තියෙන්නේ ඉතා සුලු ප්‍රමාණයක්... ඒකක 7ක් කියන්නෙත් ඉතා බිහිසුණු කම්පන තත්වයක්.... මොනවා කියනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ...