මාස කිහිපයකට ඉහතදී ඉතාලි ජාතිකයෙකුගේ අනූ දැනුම මත තම බාල වයස්කාර දියණිය පැහැරගෙන ගොස්ඇති බවට මවක කළ පැමිණිල්ලක් විභාග කිරීමේ දී ඇය පැහැර ගැනීමකට ලක්ව නැති බවත් මව දියණිය විවිධ පුද්ගලයින්ට විකිණීම නිසා බේරී සිටීම සඳහා කටුනායක ප්‍රදේශයේ නිවසක කල් ගත කර ඇති බවත් හෙළි වී ඇතැයි බඩල්ගම පොලිසිය කියයි.
මවගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ දී හෙලි වූ තොරතුරු මත මෙම දැරිය කටුනායක කුලී නිවසක සිටියදි සොයා ගැනීමෙන් පසු මේ බව අනාවරණය වී ඇත.
මාතර ප්‍රදේශයේ පදිංචිකාරියක බව කියන මෙම කාන්තාව විදේශ ගතව සිට පැමිණීමෙන් පසු වසර ගණනාවක සිට බඩල්ගම ප්‍රදේශයේ පුද්ගලයකු හා කල්ගත කර ඇතැයි ද විදෙස් භාෂා චතුර ලෙස කතා කිරීමේ හැකියාව ඇති ඇය නිතරම විදේශිකයින් ඇසුරු කිරීමට පෙළඹී ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත .
එසේ සිටින අතර ඇය සිය දියණිය ද විවිධ පුද්ගලයින්ට විකිණීමේ යෙදී ඇතැයි ද එසේ දියණියගේ පහස ලබාගත් පුද්ගලයින් දියණිය දූෂණය කළ බවට පොලීසිවලට පැමිණිලි කර ඇති බව ද අනාවරණය වී ඇතැයිි පොලිසිය සඳහන් කරයි.
මෙසේ සිටියදී මාස කිහිපයකට ඉහතදී දියණිය අතුරුදන් වී ඇති අතර මව බඩල්ගම පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඉතාලි ජාතිකයෙකුගේ අනු දැනුම මත ඇය පැහැරගැනීමට ලක්වී ඇති බවයි.
තමන්ගේ පැමිණිල්ල පිළිබඳ නිසි පරීක්ෂණයක් නොකරන බවට මෙම කාන්තාව පොලිස් මූලස්ථානය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත නිතර පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර ළමා හා කාන්තා කාර්යාංශය හෝ මේ සම්බන්ධයෙන් සොයා නොබලන බවට මාධ්‍ය ඔස්සේ ද දිගින් දිගටම චෝදනා කළ බවද පොලිසිය සඳහන් කරයි.
දැරිය රැකියාවක යෙදෙමින් කල් ගතකර ඇතැයි ද ඇය ස්වාධීනව සිටීමට කැමැත්තෙන් සිටින අතර මව සමග යාමට අකමැත්ත පල කිරීම නිසා සුදුසු බාරකරුවකු යටතට පත් කිරීම සදහා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලද බව පොලිසිය කියයි .
උප්පැන්න සහතික නොමැති ළමුන්ට ඒවා ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.
තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්
කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.
වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය
ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විකුණනවාට බයේ හැංගුණු දැරිය කටුනායකින් හමුවෙලා