(යොහාන් භාසුර)
’යුරේනියම්’ නැමැති විකිරණය ගබඩාකර ඇති බව හෙළි නොකර හම්බන්තොට වරායට ඇතුල්වූ චීන භාණ්ඩ ප්‍රවාහන නෞකාව මේ වන විට වරායෙන් පිටතට යවා ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා අද (21) පස්වරුවේ පැවසීය.
කාර්මික දෝෂයක් හේතුවෙන් අදාල නෞකාව හදිසියේ පෙරේදා (20) හම්බන්තොට වරායට ඇතුල්කර ඇති බවත් එහි ’යුරේනියම්’ ගබඩා කර ඇති බව හෙළිවීමෙන් පසුව පිටත්කර හැරීමට පියවර ගත් බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම නැව පිළිබඳව කලබල වීමට අවශ්‍ය නොවන බවත් මෙවැනි විකිරණයන් ‘අන්තරාදායක නැව් භාණ්ඩ’ කාණ්ඩය යටතේ ප්‍රවාහනය කිරීම සාමාන්‍ය තත්වයක් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ නැව අලුත්වැඩියාව සම්පූර්ණ කරගත්තේ ද යන්න නොදන්නා බවත් මේ වන විට කිසිඳු අවදානමක් නොමැති බවත්ය.
නෙදර්ලන්තයේ සිට චීනය බලා යත්‍රාකරමින් තිබියදී කාර්මික දෝෂයකට ලක්වීම නිසා අලුවැඩියාවක් සඳහා හම්බන්තොට වරායට ඇතුල්වීමට ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාව අදාල අදාල නැවට අවසර ලබාදී ඇති බවත් එහි ’යුරේනියම්’ නැමැති විකිරණය ගබඩා කර ඇති බවට හෙළිවීමත් සමඟ වරායෙන් පිටතට යොමු කර තිබේ.
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
විකිරණ නෞකාව වරායෙන් එළියට
WCA Wednesday, 21 April 2021 03:12 PM
ඉතින් ඒ ගොල්ලන්ගේ වරායනේ...
seana Wednesday, 21 April 2021 03:30 PM
මට හිතෙන්නේ ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාව හරියට SLS ආයතනය වගේ එන ඕනෙම එකකට ඔහේ ඉන්න ඉඩ අරිනවා... රටට හෙණ ගැහුවත් එයාලට ඒකෙන් වැඩක් නැහැ.
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 22 April 2021 01:49 AM
සිතෙනා හැටියට,මෙය චීනාගේ අනාගත යුධ උපක්‍රමයක් වගෙයි පේන්නේ... ඉස්සෙල්ලා මුට්ටිය දාලා බලනවා.චීන ආරක්ෂක ඇමැතිගේ පැමිණීම,මේ නැව හිටිහැටියේම මෙහි පැමිණීම,නැවේ විකිරණශීලී ද්‍රව්‍ය තිබීම හා නැව ලංකාව කිට්ටුවේදීම කැඩීම යන මේ සියල්ලම එක ක්‍රියා දාමයක පුරුක් විය නොහැකිද ? චීනා හා සමඟ ලොව අමනාප රටවල් මේවා දැනගැනීම නිසා අප රටට ලෝකය තුළ අත්වන ඉරණම කුමක් විය හැකිද ? එදා චීනාව තලගොයා සේ පෙනුණු විපක්ෂයට අද චීනාව පෙනෙනුයේ, කබරගොයා මෙනි.ඒ තම පටු දේශපාලන වාසියටය. පක්ෂය හා විපක්ෂය එක්ව චීනාව මේ රටට වද්දාගෙන මේ රටට සිදුකළේ සුළුපටු අපරාධයක් නොවේ. එහි දරුණු ප්‍රතිවිපාක ඇස්වසා සිටින ජනතාවට ඉදිරි කාලයේදී හොඳහැටි ප්‍රදර්ශනය වනු ඇත.එදා ඉන්දියානු හමුදා පැන්නීමට හා ඉන්දියන් බඩු වර්ජනය කිරීමට මහා අරගල කළ අය චීනා පැන්නීමට හෝ චීන බඩු වර්ජනය කරවීමට එතරම් වෙහෙසක් ගන්නා බවක් නොපෙනේ.චීනාටම ගිය රට ... ?
Nuwan Thursday, 22 April 2021 05:33 AM
අපේ ලංකාව කෑවේ දේශපාලකයෝ... රටට කරන්න බැරි ණය කන්දරාවක් චීනාගෙන් අරගෙන කොමිස් ගහලා රට චීනාගේ අතඋඩ තිබ්බා..!!!
fairoos Thursday, 22 April 2021 07:52 AM
දේශපාලකයින්ට කඩේ යන මෙවැනි නිලධාරීන් ඉස්සෙල්ලාම අයින් කරන්න ඕනේ..