IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


විගණකාධිපති විශ්‍රාම යයි

 

(සුජිත් හේවාජුලිගේ)

රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා සිය සේවයෙන් ඊයේ  (8)  විශ්‍රාම ලැබුවේය.

මෙරට 41 වැනි විගණකාධිපතිවරයා වන ඔහු විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන පරීක්ෂකවරයකු ලෙස 1988 වර්ෂයේදී රාජකාරිය ආරම්භ කළේය.

අනතුරුව 1992  වර්ෂයේදී  විගණන අධිකාරිවරයෙකු ලෙසද  2007 වර්ෂයේදී නියෝජ්‍ය විගණකාධිපතිවරයකු  ලෙසද  2015 වර්ෂයේදී අතිරේක විගණකාධිපති  ලෙසද උසස්වීම් ලැබූ වික්‍රමරත්න  මහතා 2019 වර්ෂයේ දී  රජයේ විගණකාධිපතිවරයා ලෙස පත්විය.

විගණනය සම්බන්ධයෙන් වසර 37 ක  පළපුරුද්දක් සහිත වික්‍රමරත්න මහතා  කැලණිය විශ්වවිද්‍යාලයේ  ගෞරව උපාධිධරයෙකි. මෙයට අමතරව ඔහු   වෘත්තිය  සුදුසුකම් රැසක්ද  මේ රටින් සහ විදේශයෙන් ලබාගෙන තිබිණ.

පාර්ලිමේන්තුවේ කෝප් කෝපා ඇතුළු කමිටු කටයුතුවලදීද   සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ  වික්‍රමරත්න මහතා බදුල්ල ධර්මදූත සහ බදුල්ල මධ්‍ය මහා  යන විදුහල්වල ආදි සිසුවෙකි.



අදහස් (1)

විගණකාධිපති විශ්‍රාම යයි

Deepal Wednesday, 09 April 2025 04:43 PM

සුබ විශ්‍රාම දිවියක් පතමි... කෝප් එකේ වැඩ බලන්න...

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site