(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයේම පසුගිය වසර දහයක කාලයේ සම්පූර්ණ වියදම් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
එම කාර්යාලය මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ සියලුම දෙපාර්තමේන්තුවල වියදම් සම්බන්ධයෙන් කඩිනම් විගණන වාර්තාවක් දෙන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා කළ ඉල්ලීමක් අනුවය.
ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට පාර්ලිමේන්තුවේ සියලුම දෙපාර්තමේන්තු ආවරණය වන පරිදි මෙවැනි පුලුල් විගණනයක් කෙරෙන පළමු අවස්ථාව මෙයයි.
විගණන නිලධාරීහු කණ්ඩායම් කිහිපයක් එම විමර්ශනවල යෙදී සිටිති. විගණන නිලධාරීන් මෙම වියදම් සම්බන්ධයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිතය.
පසුගිය පාර්ලිමේන්තුවලදී
(හත අට සහ නවය) සිදුකර ඇති වියදම් සම්බන්ධයෙන් විනිවිදභාවයක් තිබී නැති බව සහ ඇතැම් වියදම් සම්බන්ධයෙන් සෑහීමට පත් නොවීම සැලකිල්ලට ගෙන කතානායකවරයා එ් ගැන විමර්ශනයක් පවත්වන ලෙසට මෙසේ ඉල්ලීම් කර තිබිණි.
පාර්ලිමේන්තුවේ ඇතැම් අංශවල විගණන කටයුතු පසුගිය කාලයේදී පෞද්ගලික ආයතනවලින් කර තිබෙන බවද මෙම විමර්ශනවලදී දැනටමත් තොරතුරැ හෙළිවී ඇත.
හිටපු කතානායකවරුන්ගේ නියෝජ්‍ය කතානායකවරුන්ගේ සහ නියෝජ්‍ය කාරක සභාපතිවරුන්ගේ මෙන්ම පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ ඉන්ධන වියදම් වාහන පාවිච්චිය, කතානායක නිල නිවාසයේ ආහාර වියදම්, පාර්ලිමේන්තුවේ විදුලි සහ වෙනත් වියදම් ඇතුළු වියදම් මෙම විගණනයේදී පුළුල්ව සොයා බැලෙනු ඇත.
අනතුරුව එම වියදම් සම්බන්ධයෙන් විශේෂ විගණන වාර්තාවක් කතානායකවරයාට භාර දීමට නියමිතය. කතානායකවරයා විසින් එම වාර්තාව අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
මේ අතර වර්තමාන දස වැනි පාර්ලිමේන්තුවේ වියදම් විශාල වශයෙන් කපා හැරීමට කතානායකවරයා පියවර ගෙන ඇතැයි කතානායක කාර්යාලය පවසයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
විගණනය මැතිසබය පීරයි