(විනීතා එම් ගමගේ)
බොරැල්ලේ පිහිටි ජාතික විගණන කොමිසමේ කාර්යාලයෙන් මෙතෙක් කිසිදු සේවාවක් සිදු නොවෙතත් එය පිහිටුවා මේ වනතුරුත් ගත වූ මාස 58ට එහි වියදම් ලෙස රුපියල් කෝටි 232 කට අධික මුදලක් ගෙවා ඇතැයි වාර්තා වේ.
ජාතික විගණන කොමිසම පිහිටවනු ලැබුයේ 2015 නොවැම්බර් මාසයේ වන අතර එම කාර්යාලයේ මාසික වියදම රුපියල් මිලියන 40කට ආසන්න වේ.
ඒ අනුව මෙම කාර්යාලයට අගෝස්තු මාසය අවසන් වනවිට රුපියල් කෝටි 232 කට අධික මුදලක් වැය වී ඇතත් එය මේ වනතුරුත් ක්‍රියාත්මක කළ නොහැකි වූයේ ජාතික විගණන සේවාව තවමත් ක්‍රියාත්මක නොවීම හේතුවෙනි.
විගණන පනත සම්මත වී මාස තුනක් ඇතුළත විගණන සේවාව පිහිටුවන බව කියා සිටියත් මේ වනතුරුත් එය කළ නොහැකිවී ඇතැයි විගණන සේවා නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව් ජේ සී තිසේරා මහතා පැවසීය.
මේ වනවිට එහි ව්‍යවස්ථාව පවා හදා අවසන් වී ඇතැයි කී තිසේරා මහතා ජනාධිපති ලේකම්වරයාගේ අනුමැතිය පවා ලැබී ඇති බවත් කැබිනට් අනුමැතිය ලබාගැනීම අපහසු නැති බවත් මේ වනවිට එය සිරවී ඇත්තේ වැටුප් කොමිසමේ බවත් පැවසීය.
විගණන කොමිසමේ නිලධාරින්ගේ වැටුප තීරණය කිරීමේ දී අදාළ ආයතනවල අදහස් ලබාගෙන ජාතික වැටුප් කොමිසම විසින් එය තීරණය කළ යුතුව ඇති අතර මේ වනතුරුත් එහි තීරණය නොලැබීම මත මෙසේ ජාතික විගණන සේවාව ස්ථාපිත කිරීම ප්‍රමාද වන්නේ යැයි කී තිසේරා මහතා මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා ලිපියක් ද යැවූ බව කියා සිටියේය.
ජාතික විගණන කොමිසම 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආරම්භ වූ කොමිෂන් සභා පහෙන් එකකි. එම පනත සම්මත වූ පසු 2015 නොවැම්බර් මාසයේ දී කොමිෂන් සභා කාර්යාලය බොරැල්ලේ පිහිටවනු ලැබූ අතර මේ වනතුරු එය අක්‍රියව පැවැතියත් නිලධාරින් පස්දෙනෙකු ද සහිතව නඩත්තු කරනු ලබයි.
මිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විම
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් සිව් දෙනකුගේ සිරුරු මේ වන විට සො බව කාර්තිව් පොලිසි
අල්ලස් දූෂණ වලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කළේය.
පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි .
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වයේ දැඩි අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර ඇතැයි ජනාධි
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 29ක් කැඩීගොස් අැතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විගණන කොමිසමේ කාර්යාලය කෝටි 232 ක් ගිල ගනී
Demuni Uduwara Tuesday, 01 September 2020 12:34 PM
සියලු රජයේ සේවකයෙක්ම,.. ඇත්තෙන්ම ඛේදවාචකයකි.
Bandara Tuesday, 01 September 2020 02:18 PM
විගණන කොමිසමට අකමැති වංචාකාරයින් මිස සැබෑ රජයේ සේවකයන් නොවේ.
Ana Tuesday, 01 September 2020 03:17 PM
මේ දිනවල ස්වාධීන රාජ්‍ය සේවය අකර්මණ්‍ය කීරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
අමරපාලTuesday, 01 September 2020 06:37 PM
ජනතාව ඡන්දය දීලා තියෙන්නේ රට ජාතිය රැක ගැනීමටත්, සීඝ්‍ර සංවර්ධනයක් සඳහාත් මිසක් විගණනය කරන්න නොවේ. ඒ නිසා අපි ඇඟට පතට නොදැනී විගණන කොමිසමට පහර ගහමු. ඊට පස්සේ කොමිසම ඈවර කර, කැමති විදියට වියදම් කරමු. එය කෙතරම් සුන්දර ලොවක්ද?
chandana Tuesday, 08 September 2020 08:36 PM
කොහොමත් 2015දී පිහිටවපු ස්වාධීන ආයතනවල ස්වාධීනකම් දෝරෙ ගලන බව අපි දැක්කා. ඒ දෝරෙ ගැලිල්ලෙ අවුල ලිහන්නත් එක්ක තමයි 2/3 ක ඡන්දයක් ලැබුනේ.