IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


විග්නේෂ්වරන් ඉන්දියාවේ මැදිහත්වීමෙන් උතුරට ජනමත විචාරණයක් ඉල්ලයි

(ලක්ෂ්මී ජයකොඩි)

 

ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාව වෙනුවෙන් තිරසාර දේශපාලන විසඳුමක් ලබාගැනීමට නම් ජාත්‍යන්තර මැදිහත්වීම මත උතුරු නැගෙනහිර පළාත්වල ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත් ඒ සඳහා ඉන්දියාව මුලිකත්වය ගෙන කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

ශ්‍රී ලංකාව ඉන්දියාව රවටමින් සිටින බවද කොළඹ නැගෙනහිර වරාය පර්යන්තය සම්බන්ධයෙන් සිදුව ඇත්තේ ද එය බවද ඒ මහතා පෙන්වා දෙයි.

විග්නේෂ්වරන් මහතා මේ බව පෙන්වා දී ඇත්තේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

ඉන්දියාව සම්බන්ධයෙන් මා මෙතෙක් කාලයක් පැවසු දෙයම අද සිදුවී තිබේ. එදා සිට අද දක්වාම මෙරට ආණ්ඩු කළ ආණ්ඩු විසින් ඉන්දියාව රවටමින් සිටී. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ද සිදුව ඇත්තේ එයයි. ජීනීවා මානව හිමිකම් කවුන්සල සැසිවාරයෙන් පසුව එය සිදුවනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි. මෙවර එය ටිකක් වේලාසනම  සිදුව ඇත. යාපනය  ආසන්නයේ පිහිටි දුපත් තුනක් බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන්  චීනයට ලබාදී ඇති බව වාර්තා මාධ්‍ය වාර්තා කරයි. එය සැබැවින්ම බරපතල කාරණයකි.

එබැවින් ඉදිරියටවත් ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාව තමන්ගේ විශ්වාසදායකයින් බව සිතා ඔවුන්ගේ නිජබිම වන උතුරු නැගෙනහිර පළාත් වල බලය ඔවුන්ට තහවුරු කරදෙමින් ඉන්දයාව තමන්ගේ ප්‍රතිපත්තිය වෙනස් කර ගත යුතු යැයි ඉල්ලා සිටිමි.

ඉන්දියාවේ දකුණු ප්‍රදේශය සුරක්ෂිතව පැවතිය යුතු නම් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් දෙමළ ජනතාවට උපරිම බලතල ලැබී එහි පාලනය සිදුවිය යුතුය. එය සනාථ වන ආකාරයෙන් දෙමළ ජනතාවට ඔවුන් නියෝජනය වන ආකාරයේ තිරසාර දේශපාලන විසඳුමක් ලබා ගැනීම සඳහා වන ජනමත විචාරණයක් ජාත්‍යන්තර මැදිහත්වීම මත පැවැත්වීමට ඉන්දියාව මුලිකත්වය ගෙන කටයුතු කළ යුතුය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් සිදුවු දෙයම හෙට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද සිදුවිය හැකියි. ඒකීය රාජ්‍යය යටතේ මෙවැනි දේවල් කවර අවස්ථාවක වුවද සිදුවිය හැකි බව ඉන්දියාව අවබෝධ කර ගත යුතුය.

1987 වසරේදි ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳ සාකච්ඡා කළ අවස්ථාවේදි ශ්‍රී ලංකාවේ පළාත් වලටත් ඉන්දියාවේ ප්‍රාන්ත රජයන්ට ලබාදී ඇති බලතලම ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිණි. නමුත් ජේ . ආර් ජයවර්ධන ඒ සියල්ල වෙනස් කර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමම්ත කර ගනු ලැබීය. පසුව බලයට පත් හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විසින් ඔහුට වැඩි පියවරක් ඉදිරියට ගොස් පළාත් ලේකම්වරන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ග්‍රාම නිළධාරිවරුන් පළාත් බලතල වලින් ඉවත් කර මධ්‍යම රජය යටතට අනුයුක්ත කරනු ලැබීය.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ලබාදී ඇති ඉතා අල්ප බලතල වන ඉඩම්, පොලිස් බලතල පවා සිංහල ආණ්ඩු විසින් ලබාදීමක් සිදු කර නැත. සිංහල ආණ්ඩු යනු ලණුදීමෙහිලා  සක්විති රජවරුන්ය. මෙය ඉන්දියාව තේරුම් ගත යුතුය. ඔවුන් තමන්ගේ කාර්යය ඉටුවන තෙක් කකුල අල්ලති. එයින් පසුව බෙල්ල අල්ලති. ඉන්දියාවත් ශ්‍රි ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාවත් එකිනෙකාට උපකාර කර නොගන්නේ නම් එය දෙපාර්ශවයට එකම ඉරණමක් අත් කර දෙනු ඇත.



අදහස් (13)

විග්නේෂ්වරන් ඉන්දියාවේ මැදිහත්වීමෙන් උතුරට ජනමත විචාරණයක් ඉල්ලයි

JANAMATHA Tuesday, 09 February 2021 06:18 AM

චීනය මැදිහත් වුණාම ඔය ඉල්ලීම ඉවත් වෙනවා සිකුරුයි. මහත්තයෝ ලංකාව දෙකඩ කරන්න ඉන්දියාවට වුවමනාවක් නැහැ.

:       4       35

දිමුත්Tuesday, 09 February 2021 11:52 AM

ඉන්දියාවටත් කාශ්මීරෙන් පාඩම් ඇතිනේ නේද?

:       1       10

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 09 February 2021 06:54 AM

කොටි අවතාර නැවතත් නැගිටීමට වෙරදරණු පෙනේ. මේ මොහු ඉන්දියාවත් සමග ඇතිවී තිබෙන මතභේදය දඩමීමා කරගෙන තම අන්තවාදී අදහස් මුදුන්පත්කර ගැනීමට කරනා වෙරදැරීමකි. මොහු සිතාසිටින්නේ මොවුන් මේ ඉන්නේ තමිල්නාඩුවේ කියාය. ඉන්දියාවෙන් අප රට සම්බන්ධව මෙවැනි ඉල්ලීම් කරනුයේ එහෙයිනි. පාඩුවේ නිදාසිටින දෙමළ වැසියන් උසිගන්වා නැවතත් රටේ අරගල ඇතිකොට තම විකෘති මනස තෘප්තිමත් කරගැනීම මේ අනිසි උත්සාහයේ එක් අරමුණක් බව පෙනේ. ඉන්දියාවෙන් මෙරට සම්බන්ධව මෙවැනි ඉල්ලීම් කළහැකි වනුයේ මේරට ඉන්දියාවේ ප්‍රාන්තයක් නම් පමණෙකි. මෙවැනි උමතු වදන් පිළිගැනීමට ඉන්දියාව අනුවණ නොවන බව මොහු අවබෝධ කරගත යුතුයි. තම වර්ගයාගේ නිජබිම වන තමිල්නාඩුවේ සිට එම නිජබිම ගැන මෙවැනි ඉල්ලීමක් කළහැකි බවත්, මෙහි සිට එවැනි දෙයක් කිරීම දෝෂ හා ද්වේෂ සහගත බවත්, ඔහු දැනගත යුතුයි.

:       4       96

පොඩි මල්ලි Tuesday, 09 February 2021 07:01 AM

අපිත් කැමතියි මෙහේ ජනමත විචාරණයක් තියලා මේ රටෙන් පන්නන්න ඕනෑද නැද්ද කියලා තීරණයක් ගන්න.. ඔබලයි, තමිල්නාඩුවයි දෙකම මහවදයක්... අපිටයි ඉන්දියාවටයි. ඇත්තම කතාව ඉන්දියාවේ අනික් මිනිස්සු තමිල්නාඩු අය ඉන්න හෝටලයකින් කන්නත් කැමති නෑ.. ඒ වුණාට ලංකාවේ අපි නුඹලාට කවදාවත් එහෙම සලකලා නෑ.

:       3       49

nihal Tuesday, 09 February 2021 07:02 AM

තමුන්ට පුළුවන් කිසිම බාධාවක් නැතිව ඉන්දියාවට යන්න. මෙයා එදා ඉඳන් සිදුකළේ තම මව් බිමට අරියාදු කරන එක... තමුන් ඔය පුටුවේ වාඩි වෙලා ඉන්නේ යුද හමුදාවේ පිනෙන් බව තරයේ මතක තබාගත යුතුය.

:       3       51

Rata Perata Tuesday, 09 February 2021 07:18 AM

මෙයාගේ මස්සිනා වාසුගේ වගේ මෙයාගෙත් ටිකක් ඔලුව හොඳ නැහැ. කොරෝනා ඔබ කොහේද? 

:       4       29

මුණසිංහ Tuesday, 09 February 2021 07:21 AM

ඔයා ගිහිල්ලා ඉන්දියාවෙම ඕක තියාගන්න. ඔයාගේ නායකයා ඉන්නේ ඉන්දියාවේ නම් මෙහේ ඒව බැහැ...

:       3       34

Indhika Tuesday, 09 February 2021 07:28 AM

ඉන්දියාව රැවැට්ටුවා කියලා ඔයාට අමාරුද? ඔයා ලාංකිකකයෙක්ද? ඉන්දියානුවෙක්ද? ඉන්දියාව රැවැට්ටුවා කියලා ඔච්චරම අමාරු නම් යන්න ඉන්දියාවටම...

:       3       49

Ssd Tuesday, 09 February 2021 07:58 AM

ඇයි මේ ද්‍රෝහීන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ? රට බෙදන්න කටයුතු කිරීම ව්‍යවස්ථා විරෝධියි, හැබැයි මේ අයට ඕනෑ ඒවා කියන්න කරන්න පුළුවන්...

:       3       19

බද්රානි Tuesday, 09 February 2021 09:12 AM

මෙන්න මොහු තමයි නියම "සිංහල දෙමළ" කොටියා. මේ රටේ ජාතිවාදය අවුස්සා බලය ලබා ගන්නා සිංහල තක්කඩි දේශපාලකයින්ගේ පරම හිතවතා. මොහු කරන නිහීන රංගනයෙන් කුල්මත්වී, උගත්, ද්‍රවිඩ දේශපාලකයින්වත් මොහුගේ මට්ටමට ඇද දමන මෝඩ සිංහලයින් මේ දෙපිරිසේ වෙනස හඳුනා ගත යුතුයි. ජාතිවාදය අවුස්සා බහුතර සිංහල මෝඩයින්ව රවටා, බලයට පැමිණි ආණ්ඩුව ඇයි මොහු ගැන නිසි නීතිමය පියවරක් නොගන්නේ? මම ඉහත සඳහන් කළ තක්කඩිකම තමයි එයට හේතුව. නමුත්, මේ නිහීන රංගන දකිමින් ඇතිදැඩි වෙන ද්‍රවිඩ දරුවන් හා තරුණ පරපුර මතුයම් දවසක, නියම රංගනයක යෙදෙනවා නොඅනුමානයි. අන්න එදාට මෝඩ සිංහලයින්ට තරු පෙනෙයි.

:       5       18

beau Tuesday, 09 February 2021 09:13 AM

ඔන්න තව කෙනෙක්... ලංකාව ඉන්දියාවෙන් කොටසක්ද? ඉන්දියාව තාම මව්රට කියලා හිතනවා නම්, තමිල් නාඩුවට යන එකයි තියෙන්නේ.

:       3       57

Asanga Tuesday, 09 February 2021 10:50 AM

හිතාමතාම ජාතිවාදය පතුරවන මෙවැනි අයට ඇයි රටේ නීතිය ක්‍රියාත්මක නොකරන්නේ? ලංකාවේ ඉන්න බැරි නම් යන්න තමිල්නාඩුවට... බහුතර දෙමළ අය මොහුට විරුද්ධයි. මෙයාගේ පැවැත්මට කරන රංගනයක් මේක...

:       2       14

ජයන්ත මිලානො Tuesday, 09 February 2021 11:15 AM

මෙයා කියන විදිහට එයාලගේ නිජබිම දෙන්න.. එතකොට ඒ ගොල්ලො සීඝ්‍රයෙන් දියුණු වෙන හැටි බලලා අපිටත් පුලුවන් අපේ ඉතිරි සම්පත් ටික මෙයාලාටම බදුදීලා කොමිස් කුට්ටි වලින් සැප විඳින්න. එහෙව් මෝඩයින් ටිකක් තමයි දැන් ‍රටේ ඉතිරි වෙලා ඉන්නේ....

:       7       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දළදා වඳින්න ආ සැදැහැවතුන් කසල ටොන් 600ක් ගෙනල්ලා
2025 අප්‍රේල් මස 27 718 0

දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ


දළදා වන්දනාව සාර්ථකව අවසන් වෙයි
2025 අප්‍රේල් මස 27 1532 0

වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.


මහනුවර නගර සභා සේවකයන්ට දළදා සමිඳුන් වඳින්න අවස්ථාවක්
2025 අප්‍රේල් මස 27 1152 0

දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා


සාපෙළ සිසුවියත් උසස් පෙළින් ජය ලබයි
2025 අප්‍රේල් මස 27 1914 0

අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා


නුවරඑළිය වැසි ජලයෙන් යටවේ
2025 අප්‍රේල් මස 27 1618 0

නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.


බිරියට පිහියෙන් ඇන සිරුර කොටස් කර ඇළකට දාලා
2025 අප්‍රේල් මස 27 1840 0

සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 937 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 414 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 564 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site