IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


වගාවට වතුර දුන්නොත් දකුණට විදුලිය කපනවා

(අංජුල මහික වීරරත්න) 

උඩවලවේ ජලාශයට වගා කටයුතු සඳහා සමනල වැවෙන් ජලය නිකුත් කළහොත් දකුණු පළාතට පැය තුනක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

මේ වනවිට සමනල වැව ජලාශයේ ජල ධාරිතාවය MCM 87.9 දක්වා පහත බැස තිබෙන බවද දින දහයක් ජලය ලබා දුනහොත් එම ජල මට්ටම MCM 60 දක්වා පහත බසින අතර දකුණු පළාතට පැයේ සිට පැය තුන දක්වා වූ විදුලි කප්පාදුවක් කිරීමට ද සිදු වන බව විදුලි බල මණ්ඩල නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

මේ දිනවල පවතින දැඩි නියඟය හේතුවෙන් උඩවලවේ ජලාශය යට‌තේ වගා කර ඇති කුඹුරු ඉඩම් අක්කර 50,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වීමේ අර්බුදයකට මුහුණ පා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

සමනල වැවේ සිට උඩවලවේ ජලාශයට දින 10කට සෑහෙන ජලය ලබා ගැනීම සම්බන්ධව කෘෂිකර්ම, මහවැලි, වාරිමාර්ග හා විදුලි බල අමාත්‍යාංශ නිලධාරීන් සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍යවරයා මෙි බව කීය.

සමනල වැවට හා උඩවලවේ ජලාශයට පසුගිය කාලයේ අපේක්ෂිත වර්ෂවෙන් ලැබී ඇත්තේ සියයට 50ක ජල ධාරිතාවක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව එහිදී පැවසීය. ජලය ප්‍රමාණවත් නොවීම නිසා ඉදිරි සතියක කාලයේ වී වගාවෙන් රුපියල් බිලියන 16.81ක අලාභයකුත්, විදුලිබල නිෂ්පාදනය අඩාලවීම නිසා රුපියල් බිලියන 1.6ක අලාභයකුත් සිදු විය හැකි බව මෙහිදී අනාවරණය විය.

මේ හැර ජලය නොලැබීම හේතුවෙන් කෙසෙල් හා අනෙකුත් බෝග වගාවන්ට සිදුවන හානිය නිසා සමස්තයක් ලෙස රුපියල් බිලියන 30ක පාඩුවක් සිදු විය හැකි අතරම මෙම වසරේ සහල් නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල විය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

උඩවලවේ ජලාශයේ දැනට තිබෙන ජලය තවදුරටත් ඇලමාර්ගයක් කපා හෝ ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇතැයි ද ඒ සඳහා අදාල අංශ සමග සාකච්ඡා කර විසදුමක් ලබා දීමට අපේක්ෂා කරන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම තත්ත්වය කිසිවකුගේ වැරැද්දක් නිසා සිදු වුවක් නොවේ යැයිද නියඟය නිසා ඇති වූ තත්ත්වයක් යැයි ද කීය.

 



අදහස් (8)

වගාවට වතුර දුන්නොත් දකුණට විදුලිය කපනවා

Bamunuarachchi Sunday, 30 July 2023 10:31 PM

විදුලිය පැය දෙකක් කපලා හරි වගාවට වතුර දෙන්න.

:       0       1

ජයලත් Monday, 31 July 2023 06:16 AM

ඒ මුදාහරින ජලයෙන් විදුලිබලය නිපදවන්න බැරිද?

:       0       0

පැරකුම් Monday, 31 July 2023 07:14 AM

ණය අරගෙන අපි ජලාශ හදලා කයිවාරුව විතරයි නිසි නඩත්තුවක් නෑ. කල්යාමේදී රොන්මඩ පිරී ධාරිතාව බිංදුවටම බහිනවා. අන්තිමට ජනතාව වද විඳිනවා. ඔය උඩ ඉඳගෙන සැප විඳින බලධාරීන්, නිලධාරීන් මොනවද කරන්නේ?

:       0       5

nimal Monday, 31 July 2023 07:31 AM

යෝජිත විදුලිය කැපීමේදී දකුණ පමණක් කොන් කරන්නේ ඇයි...?

:       0       2

de silva Monday, 31 July 2023 07:44 AM

සති කිහිපයක් කලුවරේ හිටියට කමක් නැහැ. මිනිස්සු දුක් මහන්සි වෙලා කරගත්තු වගාවල් ටික බේරගන්න ජලය දෙන්න...!

:       0       5

jayasekara Monday, 31 July 2023 11:22 AM

විදුලි බිල අහස උසට නැගලා... තව විදුලිය කපන්න හදනවා. මොවුන් නම් යකාගේ එවුන් තමයි.

:       2       5

Bamunuarachchi Wednesday, 02 August 2023 12:56 AM

විදුලිය කපන්නේ වතුර නැති නිසා. විදුලි උත්පාදනයට ඕනේ සල්ලි නොවෙයි හලෝ වතුර. වතුර ඉතුරු කරන් විදුලි බලය නිකන් ලැබුණත් වැඩක් නැහැ කන්න නැතිනම්... විදුලි බලය කන්නද? ඒ නිසා වතුර වැව්වලට දීලා වගාව රැකගන්න...

:       0       0

himal Monday, 31 July 2023 02:26 PM

විදුලිය නිපදවන්න නම් ජලය උසක සිට පහලට කඩා හැලෙන්න සලස්වලා ඒකෙන් ටර් බයිම කරකවන්න ඕන. ඒ නිසා මුදා හැරලා ආයි විදුලිය හදන්න ගන්න බෑ. ඒ වගේම විදුලිය කලාප විදිහට බෙදද්දි ඒ ඒ කලාප වලට තමයි බලපෑම වෙන්නේ. අනික රොන් මඩ පිරෙන්න මූලිකම හේතුව ඉඩම් වල පස සංරක්ෂණය කරන්න පියවර අරන් නැති එක. ඔය වගා ඉඩම් වල ගොවියො හෝදා පාළුව වළක්වන්න නිසි පියවර අරන් තියෙනවද බලන්න. අනික ඔය ජලය ඉල්ලන පැති වලත් වගාවට අවම ජලයකින් වැඩ කරන්න හිතලා නෑති බවක් තමයි පේන්නේ. උතුරේ ගොවියො කොහොමද වගා කළේ කියලා හොයන්න වතුර ටික ‍රැකගෙන.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඩුබායි මත් ජාවාරමාගේ ගෝලයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 15 96 0

ඩුබායිහි සැගව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන රොහාන් නැමැත්තාගේ ගෝලයකු හෙරොයින් ග්‍රෑම් 250 ක් සහ මිලිග්‍රෑම් 590 ක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ


අලුත් විදෙස් ගමන් බලපත් තොගය සෙනසුරාදා ලංකාවට
2024 ඔක්තෝබර් මස 15 361 0

නව විදෙස් ගමන් බලපත්‍ර තොගය ලබන සෙනසුරාදා(19) ලංකාවට ලැබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 39 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් ඉල්ලා අස් වෙයි
2024 ඔක්තෝබර් මස 15 1020 0

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීම කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙි.


ත්‍රිරෝද රියදුරු පුංචි ලෝකාන්තයට දැමීමේ සිද්ධියට තවත් අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 15 654 0

හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකුට මඩොල්සිම දී පහරදී ඝාතනය කර සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට විසිකර දැමීමේ සිද්ධිය ස


වැස්සෙන් පවුල් 39,522ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 15 134 0

දිවයින පුරා පවතින අධික වැසි තත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් පවුල් 39,522 කට අයත් පුද්ගලයින් 1,54,782 කු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණකරණ මධ්‍යස්ථාන


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 460 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 462 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1448 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site