IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


වගා නොකරන ඉඩම් වලට බද්දක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මෙරට වගා නොකළ ඉඩම් සඳහා මෙවර අය වැයෙන් බද්දක් පනවන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම බද්දෙන් උපයා ගන්නා මුදල් සමෘද්ධි  පවුල්වල වගා කටයුතු දියුණු කරන්නට යොදා ගන්නැයි තමන් යෝජනා කරන  බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

වවන්නේ නැති ඉඩම්වලින් ජපානය පවා බදු අයකර ගන්නා බව අනූප පැස්කුවල් මහතා සඳහන් කළේය.

රාජ්‍ය මෙන්ම පෞද්ගලික ඉඩම් නොයෙක්  හේතු මත වගා නොකර අතහැර දමා ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය වැවිලි සංස්ථාවේ ද වගා නොකළ ඉඩම් අක්කර සිය ගණනක් තිබෙන බවද ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු යැයිද කීය.



අදහස් (7)

වගා නොකරන ඉඩම් වලට බද්දක්

වසන්ත Tuesday, 19 September 2023 05:16 PM

පළාත් පාලන ආයතන ගැසට් කල මාර්ග විශාල වශයෙන් ඒ ඒ ප්‍රදේශවල තියෙනවා ඒත් සමහරක් මිනිස්සු ඒවා පුද්ගලික ඉඩම් වලට ඇතුළු කරගෙන පාරවල් වල ගමනාගමනය අපහසු වෙන්න කටයුතු කර තියෙනවා එහෙම මාර්ග විනාශය කරන අයගෙන් අදාල පළාත් පාලන ආයතන වලට මාසිකව බද්දක් ගැනීමට නීතියක් ගෙනාවොත් රජය මගින් එම ආයතන සදහා ලබාදෙන ප්‍රතිපාදන අඩුකරන්න පුළුවන් වේවි කියලා හිතෙනවා

:       0       2

jaya Tuesday, 19 September 2023 06:20 PM

අනේ හොඳයි. රටේ ඉඩම් වලින් සියට 80ක් අයිති රජයටනේ. එතනින්ම පටන් ගන්න

:       0       0

රාජේශ් ඛන්නා Wednesday, 20 September 2023 05:13 AM

වගා කරන්න කීවට වියදම් කර සිදුකරන වගාවල අස්වැන්නට වගා කරුවාට සාධාරණ මිලක් නැහැ. ඉඩම් එක අමාත්‍යංශයකට, වගා නීති එක අමාත්‍යංශයකට. අස්වැන්නේ මිල, ප්‍රවාහණය, වෙනත් අමාත්‍යංශවලට. වගා කරනවා නම් එය අනිවාර්යයෙන්ම පස සංරක්ෂණය වන පරිදි සෝදා පාළු නොවන පරිදි සිදු කළ යුතුයි. එය වියදම් සහිතය. උදාහරණයකට කෘෂිකර්ම ඇමතිගේ කෘෂි චාරිකා සීමා කළා නම් සෑහෙන අනවශ්‍ය වියදමක් නතර වේවි. බදු ගහන්න ඕනේ මේවගේ ඇමති වරුන්ගෙ වැටුපෙන්. අගමැතිතුමා ඇයි මේවාට මැදිහත් නොවන්නේ...? නොවැවූ ඉඩම්වලට බදු අය කරන්න හදන්නේ තද නින්දේ ඉඳිමින්ද?

:       0       2

CC Wednesday, 20 September 2023 08:23 AM

වගා නොකරන ඉඩම් සඳහා බද්දක් අයකිරීමට කටයුතු කිරීම යුගයට ගැලපෙන කාලෝචිත වැඩපිලිවෙලක් බව කිව යුතුමය. නමුත් එකී ඉඩම් වගාකිරීම පැහැර හැර ඇත්තේ ඇයිදැයි සාධාරණ පරීක්ෂනයකින් හේතු සොයා ගතයුතුය එමෙන්ම වගා කිරීම සඳහා පවතින ගැටළු දුෂ්කරතාවලටද විසඳුම් ලබා දියයුතුය නැතිනම් කොපමණ හොද වුවත් ස්වභාවික පොහොර හදුන්වාදීමේ වැඩපිලිවෙලට වූ දේ වියහැකිය.පීඩාවට පත්වූවෝ කබලෙන් ලිපට වැටිය හැකිය. රටේ වගා නොකල ඉඩම් ඇති බොහෝ ප්‍රදේශවල ප්‍රවේශ මාර් ග අති දුෂ්කරය මේනිසා ප්‍රවාහනය කිරීමට විශාල පිරිවැයක් දැරිමට සිදුවී ඇත. පොහොර ඇතුළු අනෙකුත් යෙදවුම්ද සුලභ විය යුතුය, සාධාරණ මිළ විය යුතුය.

:       0       6

Nimal Wednesday, 20 September 2023 10:48 AM

ජපානයෙ කරන ඔක්කොම මෙහෙ කරා නම්, සමුසෙලගෙන් වැඩි දෙනෙක් හිර ගෙවල් වල

:       0       1

අනුරාධ Wednesday, 20 September 2023 12:42 PM

මේ මොට්ට ඇමැතියන්ට පිස්සු. රිලවු හා අලි එක්ක කොහොමද වගා කරන්නේ...? ඇමතියා ඇවිත් පැල් රකිනවද? තිරසාර ඒකාබද්ධ විසඳුම් වෙනුවට එක එකට හිතෙන දෙවල් මාධ්‍යයට කියන ඔලමොට්ටලයින්...!

:       0       2

සරත් කුමාර Wednesday, 20 September 2023 01:04 PM

"වවන්නේ නැති ඉඩම්වලින් ජපානය පවා බදු අයකර ගන්නා බව අනූප පැස්කුවල් මහතා සඳහන් කළේය" ලංකාවේ ඉන්න මෝඩ මැති-ඇමැති හරක්ට හැමදාම වැරදුනේ අන්න එතන. කොහේ හරි රටක දෙයක් සාර්ථක වෙනවා දැක්කාම, ඒක මුල ඉඳලා හැමදේම අධ්‍යයනය කරලා මුල ඉඳන් පටන් ගන්නේ නෑ. අවසාන තැන බලාගෙන එතැනින් තමයි වැඩේ පටන් ගන්නේ... ඉතින් හැමදාම නාගෙන, අනාගෙන, පස්ස බිම ඇණගන්නවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ආපදා සහන දෙන්න මිලියන 50ක්
2024 ඔක්තෝබර් මස 12 20 0

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන


දුම්රියේ ගැටී තිදෙනෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 393 0

මාතර සිට කොළඹ මරදාන දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 8564 3

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 5375 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 1010 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1515 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40199 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26012 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 277 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 411 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1332 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site