IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


විජයදාස රාජපක්ෂ මහතාට සෙත්පතා ජය පිරිත දේශනා කරති

(දයාරත්න ඇඹෝගම සහ යොහාන් භාසුර)

ජාතික ප්‍රජාත්‍රන්වාදි පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ජනාධිපති නිතිඥ විජයදාස රාජපක්ෂ මහතාට ආශිර්වාද පතා මහා සංඝරත්නය විසින් ජය පිරිත් සජ්ජායනයක්  අනුරාධපුර, කොරකහවැව පළාත් සභා පුහුණු මධ්‍යස්ථානයේදි ඊයේ  සිදු කෙරිණි.

‘‘නීති ගරැක රටක් දැහැමි පාලනයක්” උදෙසා ජාතික ප්‍රජාත්‍රන්වාදි පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ජනාධිපති නිතිඥ විජයදාස රාජපක්ෂ මහතාට ආශිර්වාද පතා මහා සංඝරත්නය විසින් සිදුකළ මෙම ජය පිරිත් සජ්ජායනයට මහා සංඝරත්නය විශාල පිරිසක් වැඩම කළහ.

අනුරාධපුර පාරම්පරික වෛද්‍ය විශ්වවිද්‍යාලයේ කුලපති, ලෝටස් ජාත්‍යන්තර පාසලේ නිර්මාතෘ,  පොතානේගම සෝමරතන ස්වාමීන් වහන්සේ සහ පඩුවස්නුවරල රත්මුළුකන්ද පුරාණ රජමහා විහාරාධිකාරී  මායාකඩවර ධම්මික ස්වාමීන් වහන්සේලා අනුශාසනාවන් සිදු කළහ.

මෙම අවස්ථාවට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මාලින්ද, එම පක්ෂයේ ජාතික සංවිධායක සුදත් ජයසිංහ යන මහත්වරැ සහ ජාතික භික්ෂු සම්මේලනයේ ආගමික හා සංස්කෘතික කටයුතු ලේකම් වජිර රූපසිංහල,  ජාතික ප්‍රජාත්‍රන්වාදි පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක ජයලත් බණ්ඩාර මහතා ඇතුළු  පිරිසක් එක්ව සිටියහ

 

 

 



අදහස් (1)

විජයදාස රාජපක්ෂ මහතාට සෙත්පතා ජය පිරිත දේශනා කරති

Priyantha Dissanayake Monday, 02 September 2024 01:40 PM

ඔබතුමා කෙරේ පැහැදීමක් තිබෙනවා සහ යම්කිසි විශ්වාසයක් තිබෙනවා. නමුත් ඔබතුමා තේරුම් නොගත් දෙයක් තිබෙනවා. පැමිණිය යුත්තේ ඔය ආකාරයට නොවෙයි මැතිතුමණි. ඔය ක්‍රමයට මෙවර නොවෙයි තව පනස්වරක් ඉදිරිපත්වුවත් ජනාධිපති වෙන්න බැහැ. ඔබතුමත් සරත්ෆොන්සේකා මහතා වගේ හරිම අදූරදර්ශී තීරණයක් කරගෙන තිබෙන්නේ... මැතිතුමනි, හිතන්න සාරධර්ම, සිංහලකම, බෞද්ධකම, උගත්කම, හැදිච්චකම, දක්ෂකම, ජනප්‍රියත්වය, පිරිසිදුභාවය, ශිෂ්ඨ සම්පන්න සැබෑ බෞද්ධයෙක් ගෞරවණීය ස්වාමීන් වහන්සේලාගේ විශ්වාසය, ආශිර්වාදය, බෞද්ධ ජනතාවගේ විශ්වාසය, ආශිර්වාදය දිනාගත්, තහවුරු කරගත් එවන් සුවිශේෂ අය පාර්ලිමේන්තුවේ ඉන්නේ අතක ඇඟිලි තරම්වත් දැයි සැකයි. ඒ තරම් දුර්ලභ පිරිස අතර කෙනෙක් ඔබතුමා. ඔබතුමා සුවිශේෂයි. ඔබතුමාගේ අසලකින්වත් තියන්න බැරි ගෝඨාභය, මෛත්‍රීපාල සිරිසේන වගේ අය ජනාධිපති වූවා. ඔබතුමා මේ ඉදිරිපත්වූ ක්‍රමය වැරැදියි මැතිතුමනි. ඔබතුමා මෙතැනට ඇද දැම්මේ මෛත්‍රිපාල සිරිසේන උන්නැහේ එතුමා හරිම අදූර දර්ශීයි. ඔබතුමා 21 වැනිදාට තේරුම් ගන්න. ඉන්පසු බොහෝම ඉවසීමෙන් සහ මෙතෙක් රැකගත් පිරිසිදු චරිතය මතු මතුවට ගුණධර්ම රැකගන්න මතු ජනාධිපතිවරණයක ජය ඔබතුමාට හිමියි...

:       2       6

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 368 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5369 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 929 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4386 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3914 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2511 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16932 13




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 267 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site