IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වැටුණු ආර්ථිකයක් වසර දෙකෙන් හරි ගැස්සුවේ ලංකාවේ පමණයි

(අංජුල මහික වීරරත්න)

රටක බිඳ වැටුණු ආර්ථිකයක් වසර දෙකක් වැනි කෙටි කාලයකදී  ස්ථාවර මට්ටමකට ගෙන ආවා නම් එය සිදු වූයේ ශ්‍රී ලංකාවේ පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටක් ලෙස ලැබු එම ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමින් ර‍ටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සියලුදෙනා එක්විය යුතු බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති “දියවර දිරිය” ජාතික ධීවර සම්මේලනය අමතමිනි.

දිවයින  පුරා ප්‍රධාන ධීවර සමිති සහ ශාඛා සමිති සභාපතිවරුන් ඇතුළු නියෝජිතයන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ. 

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහත්වරුන් සහ ජාතික ධීවර මහා සම්මේලනයේ නියෝජිතයන් විසින් ධීවර ප්‍රඥප්තිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි. 



අදහස් (15)

වැටුණු ආර්ථිකයක් වසර දෙකෙන් හරි ගැස්සුවේ ලංකාවේ පමණයි

DHARMATILEKE Sunday, 11 August 2024 12:23 PM

මට ඒකෙ දැනෙන්නේ නැත්නම් ඔය හිස් වචන කියලයි මම කියන්නේ... අපි ණය කාරයෝ කරලා ගොඩනගන ආර්ථිකය හිඟාකෑමක් මිස වෙන දෙයක් නෙවෙයි.

:       12       38

රංජිත් Sunday, 11 August 2024 12:33 PM

ඒ කියන්නේ සෑර් දැං අපි ලෝකෙට ණය නැත්ද? එහෙමත් නැත්තං ගෙදරට මරගාතේද?

:       10       38

Rata Perata Sunday, 11 August 2024 12:51 PM

මේ මනුස්සයා මේ කරන ජනතාව මුලා කිරීම වහාම නැවැත්විය යුතුයි. බිලියන ගණන් ගෙවන්න තිබුණු ණය ගෙවන්න තිබුණු ණය ගෙවන්න බෑ කියලා කල් ඉල්ලගෙන කියනවා. ආර්ථිකය හැදුවලු.. ගෙවන්න තිබුණු ණය ගෙව්වේ නෑ... විතරක් නෙවෙයි... මේ මනුස්සයා තව ඩොලර් බිලියන 4ක ණයත් අරගෙන...

:       11       26

Pradeep Kumara Sunday, 11 August 2024 01:14 PM

ආර්ථිකය කොයිතරම් ස්ථාවරද කියනවානම් පුළු පුළුවන් හැමෝම රට අතහැරලා යනවා. එහෙම බැරි අය නොකා නොබී, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරගෙන නොමැරී බැරි කමට ජීවත් වෙනවා. නමුත් ගජ මිතුරු කල්ලිය බදු වංචා කරමින් දිනෙන් දින මඩි තර කර ගන්නවා. සංඛ්‍යා ලේඛන වලට අනුව ආර්ථිකය ස්ථාවර ඇති. නමුත් ඒක රටේ මිනිස්සුන්ට දැනෙන්නේ නැත්නම් ඇති වැඩක් තියනවද?

:       12       27

Asanga Sunday, 11 August 2024 01:17 PM

ඇත්තද අම්මපා... මාර මැජික් එකක්නේ මෙයා කරලා තියෙන්නේ. එතකොට තවතවත් ණය අරගෙන නෙවෙයිද? මෙයා හිතන් ඉන්නේ අපි ගොන්නු කියලද? තවම...

:       7       25

Lankika Sunday, 11 August 2024 01:19 PM

අනේ යන්න... පච කියන්නේ නැතිව... ගත්තු ණය එහෙම්මමයි.

:       7       22

Lakmal Sunday, 11 August 2024 01:32 PM

හරි ගැස්සුවා... අරලියගහ මන්දිරේ සජිත්ගේ ඇඳ...!

:       6       18

පොඩිඑකා Sunday, 11 August 2024 01:41 PM

අඩේ අප්පා.., මම බෝම අමාරුවේ අෂ්තාවර කරපු රට මේ යෝදයා කාටත් හොරෙන් තනියම ස්ථාවර කරලා... කැතයි හොඳේ...!

:       6       17

ගමේ එකාලා Sunday, 11 August 2024 03:08 PM

රටේ ආර්තිකය බන්කොළොත් කෙරුවේ ඔය කියන දූෂිත දේශපාලුවන්ම තමයි. හතර අතේ ණය වෙලා, ජනතාව මත උහුලන්න බැරි තරමට බදුබර වැඩි කරලා ආර්තිකය ගොඩ දාපු හැටි නියමයි...

:       4       17

කීර්ති Sunday, 11 August 2024 03:13 PM

හරි ගැස්සුවා? හිඟා නොකා හිඟා කනවා..!

:       4       16

නිශාන්ත Sunday, 11 August 2024 03:43 PM

හරි ගස්සපු පාටක් නම් පෙන්නේ නෑ. ඒත් අවුරුදු 75ක් තිස්සේ මේ රට වට්ටපු හැටි නම් මැවිලා පේනවා...!

:       5       10

ජයනාත් Sunday, 11 August 2024 05:34 PM

කොහේද මහත්තයා එහෙම වෙලා තියෙන්නේ. බදු වැඩි කලා. එච්චරයිනේ. කෙරෝනා කාලේ ලංකාවට ආපු විදෙස් ශ්‍රමිකයින් ආපහු ගිහිල්ලා සල්ලි ටිකක් එවනවා. කොරෝනා නිසා රටට ආපු නැති විදේශිකයින් දැන් ආපහු එනවා. මේක රනිල්ගේ විජ්ජාවක් නෙවෙයි. ආර්ථිකය වර්ධනය කරන්න අපනයන ආර්ථිකය වැඩි කළාද? රටේ නිෂ්පාදන අඩු මිසක් වැඩි වුනේ නැහැ. නිකං බොරුවට මිනිස්සු රවටන්න එපා. රට තවමත් ප්‍රපාතයේ තියෙන්නේ...

:       7       10

පිටරැටියා Monday, 12 August 2024 02:00 AM

මහා පරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා ,නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා, අපේ රට හිගාකන ජාතියක් බවට පත්කරපු දූෂිත නායකයෝ ඉන්නෙත් ලන්කාවේ පමණයි .

:       2       2

Nishan Monday, 12 August 2024 04:31 AM

ඒ ඔබතුමා වගෙ දක්ෂයෙක් හිටපු නිසයි. ඒක අපේ වාසනාව. අනිත් රටවල් වල ඔබතුමා වගේ බය නැතුව ඉදිරියට ඇවිත් අභියෝග බාර අරගෙන වැඩ කරපු නායකයෙක් නැති නිසා අදටත් ඒ රටවල් බංකොලොත්. රටේ ජනතාව මේ ඇත්ත තේරුම් අරන් ඉන්නේ.

:       3       4

fairoos Monday, 12 August 2024 11:39 AM

හොඳට තිබුණු රට වට්ටපු පොහොට්ටුවේ අය එතකොට?

:       2       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 220 0

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


තිරප්පනය අනතුරු
2024 සැප්තැම්බර් මස 24 6 0

තිරප්පනය සහ කැකිරාව යන පොලිස් වසම්තුල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා සෙබළෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 2283 2

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 287 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 3005 5

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1849 2

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33570 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23925 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 213 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site