IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘‘වැටුප් දෙන්න බැරිව තිබූ රටක් අද හොඳ පැත්තට යනවා‘‘

(තිසර සෝමරත්න)

වසරකට පෙර රාජ්‍ය සේවක වැටුප ගෙවීම පවා දුෂ්කර වූ රටක වැටුප් වැඩි කරන බව සැලවීමත් ජනතාවගේ පාර්ශ්වයෙන් සුබවාදී පනිවිඩයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

එය නිවැරැදි නායකත්වය යටතේ රට යහපත් ආර්ථික දිසාවකට ගමන් කරන බවට කදිම නිදසුනක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මීට වසරකට පෙර රාජ්‍ය සේවයක වැටුප කොටස් වශයෙන් ගෙවීම, නියමිත දිනය පමා කොට ගෙවීම ආදී පියවර අනුගමනය කිරීමට පවා රජයට සිදු වූ බව ඔහු පෙන්වා දුන්නේ ය.

එහෙත් අද වන විට සාකච්ඡා වන්නේ වැටුප් ගෙවන ආකාරය නොව වැටුප් වැඩි වන ප්‍රමාණය පිළිබඳව බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

සාම්ප්‍රදායික විපක්ෂයක් සමග ගමන් කරමින් රට නිවැරැදි දිශාවක් කරා ගමන් කරවමින් සිටින අවස්ථාවක මෙම වැටුප් වැඩිවීම විපක්ෂයට සටන් පාඨ අහිමි කිරීමක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

වැඩිවන වැටුප හිමි කර ගැනීම සේම ඒ වෙනුවෙන් දුෂ්කර ආර්ථිකයක් යටතේ ගමන් කරන රට වෙනුවෙන් සිය යුතුකම් ඉටු කිරීමට ද රාජ්‍ය සේවයකයන්ගේ වගකීම බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

 



අදහස් (14)

‘‘වැටුප් දෙන්න බැරිව තිබූ රටක් අද හොඳ පැත්තට යනවා‘‘

Asanga Wednesday, 01 November 2023 08:31 AM

ඔබ තුමගෙත් වැටුප වැඩි කර ගන්නවද​?

:       0       14

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 01 November 2023 08:53 AM

මොනවාද මේ සත්‍ය සඟවන සුරංගනා කතා ... ? රටේ සාරය තක්කඩි හොර දේශපාලුවන් උරා බිව්වා.ඒ වන්දිය ගෙවන්න රටේ ජනතාව බෙල්ලෙන් අල්ලා හිරකර ඔවුන්ව සුරා කනවා.හොරුන් යහතින් සුවෙන් වැජබෙනවා.ජල බිල් ලයිට් බිල් දැක්කම බඩ දනවා.ඒ අතරේ හොරුන් රකින පාලනයක් ඇති රටේ පොලීසිය රටේ ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරන ලෙස ඉල්ලා අධිකරණයට යනවා.අප වගේ අසාධාරණයට ලක්වූ මිනිසුන් ලොව තවත් නැතුව ඇති.

:       0       19

චන්දන Wednesday, 01 November 2023 09:22 AM

මේවට වග කියන්න ඕන අපිද? තමුන් ඔය ඇමති මණ්ඩලයේ දශක කීයක් හිටියද? රට විනාශ කරල රටේ මිනිස්සුන්ට දොස් කියන්න එපා. ඡන්දෙ තියපු දවසට උත්තර දෙනවා.

:       0       18

Perera Wednesday, 01 November 2023 09:44 AM

පඩි වැඩි කරන්න රටෙ නිශ්පාදනය වැඩි වෙලා තියෙනවද? අර මූකලන් බස්සගෙ තියරි දාන්න එපා මෙතන.

:       0       13

Pinjana Wednesday, 01 November 2023 10:12 AM

ඒ උඹලගේ ආර්ථිකය වෙන්න ඇති. අපි හාන්සි. බදු වැඩි කරලා, බඩු මිල වැඩි වෙලා . හිටපියවු රොත්තම හැඳි ගාල දාන්න.

:       0       16

duminda Wednesday, 01 November 2023 10:55 AM

පඩි වැඩිවෙද්දී, බදු වැඩිකරන එක ඔයාට සැල වුණේ නැද්ද? 

:       0       8

pakeer Wednesday, 01 November 2023 11:03 AM

අන්න ඒ අයව මතක් වෙනවා..!

:       0       7

Kazi Shajahan Wednesday, 01 November 2023 11:17 AM

ඔබතුමාලානේ රට පාලනය කළේ... ඒ කාලේ.. අපි ජනතාව නෙවෙයිනේ... ලැජ්ජා නැතිව තවත් කියවන්න කරපුවා මතක නැහැ...

:       0       7

kumara Wednesday, 01 November 2023 11:35 AM

වැටුප් වැඩිවීම් පවා දීපු රටක් වැටුපක්වත් දී ගන්න බැරි තියා, ජීවත් වෙන්නවත් බැරි රටක් වෙලා...

:       0       6

Rata Perata Wednesday, 01 November 2023 12:52 PM

ඇයි, ගෙවන්න තියෙන ණය රට බංකොළොත් කියලා ගෙවන්නේ නැති වුණාම ඒ සල්ලි ටික ඉතුරු වෙනවා කියලා වත් තේරෙන්නේ නැද්ද? මේ වගේ අයද මුදල් ඇමැතිලා වෙන්නේ?

:       0       8

Aravinda Monarawila Wednesday, 01 November 2023 02:50 PM

කවුද බන් රට ඒ තත්වයට පත්කළේ? අපිද? ඔබලාද?

:       0       5

නන්දන Wednesday, 01 November 2023 03:10 PM

රජයේ සේවකයින් කියන යක්ෂයෝ ටික ඡන්දයක් ළංවෙනකොට පඩි වැඩිකරන්න ඉල්ලා හිටිනවා. රටේ නායකයෝ රට බංකොලොත් කරලා පඩි වැඩිකරනවා. හැබැයි මේ පාර සල්ලි අච්චු ගහලා නම් පඩි වැඩිකරන්න එපා. පිටරට වැඩකරලා ලංකාවට මුදල් එවන අයගේ මුදලේ නොම්මරය විතරයි වටිනාකම හොරකම් කරගෙන. කිසිම බැංකුවකින් ඒ අයට ණයක් දෙන්නෙත් නැහැ... පඩියෙන් හම්බ කරලා ණය ගෙවන්න පුළුවන් විදිහට... රජයේ සේවකයින් අනිත් අතට බැංකුවලින් ණය අරගෙන පසුව පඩි වැඩිකරගෙන ඒ ණය ගෙවනවා. මැද පෙරදිග රටවල්වල වැඩ කරලා ලංකාවට මුදල් එවන අයට හරිම අසාධාරණයක් වෙන්නේ... ඇමරිකාවේ, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ වැඩකරන අය ලංකාවට මුදල් එවන් නෑ. මේ විදියට මිනිසුන්ගේ මුදල් සොරකම් කරන්න එපා. රජයේ සේවකයිනි, කල්පනා කරලා බලන්න ඔබ කරන්නේ හරි දෙයක් ද කියලා...!

:       1       1

Bamunuarachchi Thursday, 02 November 2023 07:28 PM

රට මේ තත්වයට පත්කළේ දෙගොල්ලෝම. පිනට කන්න පහසුම් ලබන්න ඒ පහසුකම් දෙන දේශපාලයින්ට අපි බලය දුන්නා. අපේ ඡන්දෙ ලබාගන්න දේශපාලයින් ලෝකෙට ණය වෙලා අපිට පිනට කන්න හා අනිකුත් පහසුකම් සැලැස්සුවා. හාල් සේරුවක මිල සත 10කින් වැඩිකළා කියලා හර්තාල් කරපු රටක් මේක. අයිතිවාසිකම් පමණක් බලන ජනතාවක් බිහිකලේ වාමාංශික දේශපාලකයෝ. දැන් ජෙප්පෝ කරන්නෙත් ඒ ටිකයි...

:       0       0

නන්දන Friday, 03 November 2023 10:58 AM

ඔන්න සීනි කිලෝවක් සඳහා අයකරන ආනයන බද්ද සත විසිපහේ සිට රුපියල් 50 දක්වා වැඩි කළා. ඔන්න රජයේ සේවකයින්ට පඩි වැඩිකරන්න අපේ කහට කෝප්පය පූජා කළා. ඔය ගොල්ලෝ රට බංකොළොත් රටක් (ගත් විදේශ ණය නොගෙවා සිටින) බව දැනගෙනනේ පඩි වැඩිකරන්න ඉල්ලා සිටියේ..., ඔන්න ඔය විදියට තමයි පඩි වැඩි වෙන්නේ. දැන් සැපද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 133 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 67 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 343 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1713 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 241 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 3287 2

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39687 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25806 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 371 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1224 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 409 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site