IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


වැටලීම්වලින් බාරයට ගත් සීනි කිලෝ ලක්ෂ 906 ජනතාවට

(යොහාන් භාසුර)

ගබඩා වැටලීමෙන් බාරයටගත් සීනි මෙට්‍රාක්ටොන් 90,683 ක් හෙවත් කිලෝ ලක්‍ෂ 906 කට අධික ප්‍රමාණය වෙළෙඳ අමාත්‍යංශය හරහා ජනතාවට පාලන මිලට ලබාදීමට කටයුතු කරමින් සිටින බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා ‘ලංකාදීප’යට පැවසීය.

මෙම සීනි තොගයෙන් මෙට්‍රාක්ටොන් 13,500 ක් පමණ මේ වන විටත් පාලන මිලට වෙළෙඳපොලට නිකුත් කර ඇති බව කී මේජර් ජෙනරාල් නිවුන්හැල්ල මහතා ඉතිරි තොග අවශ්‍යතාව අනුව වෙළෙඳපොළට යොමු කරන බව ද සඳහන් කළේය.

වැටලීම්වලින් බාරයට ගෙන ඇති සමස්ත සීනි තොගයේ ඇතැම් තොග වෙළෙඳපොළට සැපයීමට නියමිත තිබූ අතර සමහර තොග සඟවා තිබූ ඒවා බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා ලෙස තමන් එම තොගය පාලන මිලට වෙළෙඳපොලට නිකුත් කිරීමට අවශ්‍ය මැදිත්වීම පමණක් කරන බවත් කීය.

පාලන මිලට වෙළෙඳපොලට නිකුත් කිරීම වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ආහාර කොමසාරිස්වරයා හරහා ක්‍රියාත්මක වන බව පැවසූ මේජර් ජෙනරාල් නිවුන්හැල්ල මහතා පාරිභෝගික කටයුතු අධිකාරිය ද සීනි පාලන මිලට ඇත්තවශයෙන්ම ජනතාවට ලැබීම සදඟා විශාල කාර්යක් කරන බව සඳහන් කළේය.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ගේ උපදෙස් අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතාගේ මැදිහත් වීමෙන් ගබඩා වටලා මෙම සීනි තොගය බාරයට ගත්තේය.   

 



අදහස් (2)

වැටලීම්වලින් බාරයට ගත් සීනි කිලෝ ලක්ෂ 906 ජනතාවට

සෙනෙවිරත්න Monday, 13 September 2021 03:34 PM

අපොයි රණවිරුවන්ට ගිය කලක්, තරු පටි ගහගෙන ඉන්න පින්තූර, රටේ ගබඩාවල සීනි අල්ලනව, වෙන රටවල සතුරන් ජයගන්න අය. ඒත් කමක් නැහැ මේ ⁣ගජමිතුරන් රඟක නාට්‍යයේ නලුවො වෙලා.

:       6       3

පිටිගල මිලානෝ Monday, 13 September 2021 03:57 PM

ඔක්කොටෝම ඉස්සෙල්ලා රටට බිලියන් ගානක් වංචා කරපු සීනි හොරාව අල්ලලා ඉන්න...

:       4       6

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 14 1290 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


රත්නපුර තැපැල් ඡන්දවලින් ජාජබ ඉදිරියෙන්
2024 නොවැම්බර් මස 14 87 0

රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ඡන්ද තැපැල් ඡන්ද ඡාතික ජන බලවේගය ඡන්ද 24,776ක් ලබා ගත් අතර සමගි ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛයාව 2969කි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරම


ගාල්ල තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 14 1551 1

පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි.


චාල්ස් රජුට 76 යි
2024 නොවැම්බර් මස 14 132 1

තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව


’’ප්‍රතිඵලෙන් පසු පෙළපාලි බෑ’’
2024 නොවැම්බර් මස 14 224 0

මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස


මනාප ඡායාරූප ගත කළ තවත් අයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 14 167 0

ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 234 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 556 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1666 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site