(රංජිත්රාජපක්ෂ)
කොරෝනා පැතිර යාමේ අවදානමත් සමඟ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ නිකුත් කර ඇති උපදෙස් උල්ලංඝනය කරමින් වටවල ටෙම්පල්ස්ට්‍රෝ ජන පදයේ ප්‍රජා ශාලාවේ පැවති රැස්විමක් විසුරුවා හැරිමට අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා සහ වටවල පොලිසියේ නිලධාරින් (11) දින පස්වරුවේ කටයුතු කළහ.
වටවල මවුන්ජින් ප්‍රදේශයේ මැණික් ඉල්ලම් සහිත ඉඩමක නිත්‍යනුකුලව මැණික් ගැරිම සදහා වටවල ප්‍රදේශයේ ප්‍රදේශවාසින් එක්ව පිහිටුවාගත් සමිතියකට ගිනිගත්හේන ගොවිජනසේවා මධ්‍යස්ථානය මගින් ලබා ගැනිමට එම රැස්විම (11) දින පස්වරුවේ කැදවා තිබුණි.
ගිනිගත්හේන ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන නිලධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වු එම රැස්විම සදහා වටවල මහජන සෞඛ්‍යය පරික්ෂකවරයාගේද අවසරය ලබාගෙන තිබුණද එම අවසරයේ අනුමත ප්‍රමාණයට වඩා නිසි සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රමවේද නොපිලිපදිමින් අදාල රැස්විම පැවැත් වු නිසා එම රැස්විම විසුරුවා හැරිමට තමන් පොලිසිය සමඟ එක් ව කටයුතු කළ බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පැවසීය.
එම රැස්විම සංවිධානය කළ වටවල ටෙම්පල්ස්ට්‍රෝ ජනපදයේ ප්‍රදේශවාසින් චෝදනා කර සිටියේ තමන් සෞඛ්‍යය උපදෙස් පිළිපදිමින් රැස්විම පැවැත් වු බවත්, අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා මවුන්ජින් ප්‍රදේශයේ වතු කම්කරුවන් විශාල පිරිසක් සමග පැමිණ තම රැස්විම විසුරුවා හැරිමට කටයුතු කළ බවත්ය.
රැස්විම විසුරුවා හැරිමේදි දෙපාර්ශවය අතර දැඩි උණුසුම් තත්ත්වයක්ද ඇති විය.
අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.
දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.
විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වටවල ප්‍රජා ශාලාවේ රැස්විමක් විසුරුවා හරී