IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


වට පණු රෝගයට හේතුව කාබනික පොහොරද?

(අංජුල මහික වීරරත්න)

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වී වගාවට වැළදී ඇති මූල ගැටිති වටපණු රෝගය හෙවත් Nematode නැමැති රෝගය වැළඳීමට හේතුව විධිමත් ක්‍රියාවලියක් අනුගමනය නොකරමින්  නිසි ප්‍රමිතියට සකස් නොකරන ලද කාබනික පොහොර නිසා ද? යන්න පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පවසයි.

 කෘෂිකර්ම , වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමු වූ අවස්ථාවේ දී ලේකම්වරයා අමාත්‍යවරයාට මෙි බව දැනුම් දුන්නේය.

2021 මහ කන්නයේ දී රසායනික පො‌හොර තහනම් කරනු ලැබීමෙන් අනතුරුව කාබනික පොහොර විවිධ ආයතන මගින් ගොවි ජනතාව වෙත බෙදා හැරීමට කටයුතු කරනු ලැබීය. එම වකවානුවේ විශාල වශයෙන් විවිධ ආයතන කාබනික පොහොර සකස් කර ඇති අතර ඔවුන්  අදාල විදිමත් ක්‍රියාවලිය අනුගමනය කළා ද යන්න ගැන සැකයක් පවතින බව පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ  අවධානය යොමු කර තිබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂා කර ඇති කොම්පෝස්ට් සාම්පලවල නෙමටෝඩා බහුල වශයෙන් පවතින බව තහවුරු වී ඇතත්, මේ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ පවත්වන බවත්, එමෙන්ම නෙමටෝඩා හෙවත් මූල ගැටිති වටපණු රෝගය මර්දනය සඳහා ගන්නා ක්‍රියාමාර්ග  සම්බන්ධව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇති බව ද කෘෂිකර්ම  ලේකම්වරයා  සඳහන් කළේය.



අදහස් (3)

වට පණු රෝගයට හේතුව කාබනික පොහොරද?

චින්තක Friday, 13 January 2023 09:10 PM

ඇති යන්තම් දැන්වත් ඇත්ත තේරුනාට. කොම්පෝස්ට් කියලා දුන්නු පොහොර කියපුදේවල් ගැහුවම වල් පැලෑටිත් නොසෑහෙන්න හැදුනා. කොම්පෝස්ට් හදන්න අවසර ලැබෙන්න ඇත්තෙත් පොහොට්ටුගාමීන්ටම වෙන්න ඇති නේද ? කොහොමින් කොහොම හරි ලොකු ඉලක්කම් කියන්න බැරිකමට ඔහේල කියන ලෙසට විස්සයි විසිතුනේ (අපි කියන ලෙසට දෙදහස් විසිතුනේ ) සාගතයක් පැමිණීම වලක්වන්න බැරිවේවි නේද?

:       0       3

nanda Saturday, 14 January 2023 06:58 AM

කෘෂිකර්ම උපදේශක නන්දසේන මහතාගෙන් ඕකට විසදුම ඇහුවනම් හරි. මේ රටේ එම ක්ෂේත්‍රයේ මහාචාර්යවරුන්ටත් වඩා දැනීමක් තිබුණ කෙනෙක්.

:       0       3

චන්දිම ෆොන්සේකා Saturday, 14 January 2023 08:55 AM

ඇත්තටම මහා ලැජ්ජනැති කතාවක්නේ මේ කියන්නේ. මෙතැනින්ම තේරෙනවා මේ රටේ කෘෂිකර්මය කියන එක පාලනය කරන්නේ කිසිම විද්‍යාත්මක කෘෂිකර්ම මුලික මුලධර්මයක් වත් දන්නේ නැති උදවිය කියාලා. අපි මුලික කෘෂිකර්ම උපාධිය කරනකොට තමයි ඔය ශාක නිරෝධායනය කියන දේ ඉගෙන ගත්තේ. අද ඉන්න අමාත්‍යංස ලේකම් ලෙඩ පතුරුනාට පස්සේ දැන් තමයි හොයන්නේ කොම්පෝස්ට් ගැන.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 42 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 40 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 8819 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1396 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 659 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 1209 1

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 352 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1806 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site