(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වැට් බද්දක් තිබියදී පිරිවැටුම් බද්දක් නැවත පැනවීම මඟින් ජනතාවට වැඩි බදු බරක් පැටවෙන බව සමගි ජන බලවෙිගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
කෝප් , කෝපා කමිටු පත් කළා නම් ගල් අඟුරු මිලදී ගැනීම ආදිය සම්බන්ධයෙන් සොයා බලන්න තිබූ බවද ඒ නිසා වහාම ඒ කමිටු පත් කරන්නැයි ද මන්ත්‍රීවරයා කීය.
මෙම බද්ද ප්‍රතිපත්තියක්,මූලධර්මයක් ලෙස පිළිගන්නට නොහැකි යැයිද ආණ්ඩුවට බදු ආදායම් වැඩිකර ගන්නට මීට වඩා දියුණු ක්‍රම තිබියදී මෙවැනි පිරිවැටුම් බදු පැනවීම මගින් ජනතාව පීඩාවට පත්වීම වළක්වන්නට නොහැකි යැයිද චම්පික රණවක මහතා පැවසීය.
ගතවූ අවුරුදු දෙක හමාරක කාලය තුළ බිලියන ගණනින් මුදල් අච්චු ගසා තිබෙන අතර හාල්, පොල්, සීනි ආදී හැම දේකම මිල තුන් ගුණයකින් වැඩිවී තිබෙන බවද භාණ්ඩ මිල ඉහළ යාම සඳහා සීමාවකින් තොර මුදල් අච්චු ගැසීමත් බලපා තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මේවාට වගකිව යුතු නිලධාරීන්ට කිසිම දඩුවමක් නැද්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැට් බද්දක් තිබියදී පිරිවැටුම් බද්දක් පැනෙව්වෙි ඇයි?
පුරවැසියෙක්..... Thursday, 08 September 2022 05:28 PM
ආහාර ද්‍රව්‍ය ඇතුලු සෑම භාණ්ඩයක්ම මිල ගණන් ඉහළ ගොස් තිබීම ජනතාවට දරාගත නොහැකි මට්ටමක පවතින බැවින් මේ සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබා දීම විය යුතුය. තවද ආහාර පාන ඇතුලු සෑම භාණ්ඩයක්ම මිල ගණන් වැඩි කිරීම සමාගම් සහ නිෂ්පාදකයින් හිතු මතේ සිදු කරන බැවින් , පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතිය මත පමණක් මිල වැඩි කිරීමට අවශ්‍ය පියවර ගත යුතුය.
ravin Thursday, 08 September 2022 06:02 PM
පිල්ලි ගැසීමේ ක්‍රමවේදයක් සකසා ගන්න. නැතිනම් මේ දවස්වල මන්දපෝෂණයලු.
" ලැට් බද්ද " Thursday, 08 September 2022 06:33 PM
බදු ගැහුවේ නැත්නම් රට ගොඩ ගන්න බැහැ මේ තියෙන ආර්ථික තත්වයෙන් ගොඩ එන්නනම්..! පාර්ලිමේන්තුවේ අය ගෙවනවද බදු.. ඔබතුමා කියන ඔය 'වැට් බද්ද'....'පිරිවැටුම් බද්ද' කියන එකක්වත් .... පිටරටවලනම් " ලැට් බද්ද " කියලත් එකක් ගහනවා මාසයකට වරක් ඒවා පිරුනාම පිරිසිදු කරන්ට සිද්ද වෙන නිසා!
SL Thursday, 08 September 2022 06:39 PM
සම්පුර්ණ ඇත්ත. වක්‍ර බදු වැඩි කරලා ආයෙත් ආදායම මත බදු වැඩි කරන්නේ මොන පදනමකින්ද. අපිට ලැබෙන ආදායමෙන් බදු ගෙවන්න ඕනේ එක ඇත්ත නමුත් වක්‍ර බදු ගොඩක් ගෙවන ගමන් , තවත් ලොකු බද්දක් ආදායමෙන් ගෙවද්දී කොහොමද අපේ වියදම් පියව ගන්නේ ? වාහන භාවිත කරන බහුතරයක් ලොකු බද්දක් ඉන්ධන වෙනුවෙන් ගෙවනවා,දුරකථන, සහ වෙනත් සේවාවන් වලටත් 15% වැට් බද්දක් වැටිලා තියෙනවා. දෙකෙන් එකක් කරන්න. ??? අනික ලැබෙන බදු ආදායමෙන් කරන්නේ නිකන් ඉන්න රජයේ සේවකයන්ට පඩි ගෙවන එක. අපි වැඩකට උන් ලඟට ගියහම උන්ට දොලපිදෙනියක් දුන්නේ නැතිනම් පැයේ වැඩේ මාසයක් අදිනවා