IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


වැට් බද්ධ සම්මතයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

භාණ්ඩ අනූ හතකට ලබන ජනවාරියේ සිට සියයට දහඅටක  වැට් බදු අය කිරීම සඳහා ප්‍රතිපාදන ඇතුළත්  එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත (වැට්)  පාර්ලිමේන්තුවේදී අද (11) පස්වරුවේ වැඩි ඡන්ද 45 කින්  සංශෝධන සහිතව සම්මතවිය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ  ඡන්ද 55ක් පමණි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක්, එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන  සහ  සමග ජන බලවේගයේ සිට ආණ්ඩුවට එක් වූ  හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරු
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි  ජන බලවේගය, ජාතික ජන බලවේගය, නිදහස් ජනතා සන්ධානය, දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරු වෙති.

අනුර පියදර්ශන යාපා , ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, වඩුවෙල් සුරේෂ්,නිමල් ලාංසා සහ   ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ  හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  මහත්වරු  පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා  ඡන්දය විමසන අවස්ථාවේදී සභාගර්භයේ නොසිටියේය.

මෙම වැට් විවාදයේදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලා පිටිය මහතා පැවසුවේ වැට් බදු සංශෝධනයෙන් කෝටි  37800 ක ආදායමක් බලාපොරොත්තු  වන බවයි.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය දෙවෙනි දිනයටත් අද (11)   පැවැත්විණ.

මෙම විවාදය  සඳහා ඊයේ (10) ඉරුදින  සම්පූර්ණයෙන්ම වෙන් කර තිබුණත්  විපක්ෂයෙන් ඝණ පූර්ණය ප්‍රශ්නය මතු කිරීම හේතුවෙන්
පාර්ලිමේන්තුව කල් තැබීම නිසා විවාදය අතරමග   නතර විය.

පනත් කෙටුම්පත පිළිබඳව ඊයේ කෙටි විවාදයකින් පසු  සම්මත කිරීමට කටයුතු සූදානම් කෙරිණ. පනත තවදුරටත් විවාද කිරීමට අවශ්‍ය බව පවසමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ දැඩි නොසන්සුන් තත්වයක් ඇති විය.

පනත් කෙටුම්පතේ යෝජනා අංක 6  සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී යෝජනා අංක 6 වැඩි ඡන්ද පනස් හතකින් සම්මත විය.

අංක 6ට පක්ෂව ඡන්ද අනුඅටක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 41කි.

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතේ අංක  7  සම්බන්ධයෙන් පැවැත්වුණු ඡන්ද විමසීමේදී  එම අංක හත  සම්මත විය.

පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම ඡන්ද විමසීමේදී  වැඩි ඡන්ද 45කින් සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද සීයක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද  55ක් පමණි.



අදහස් (5)

වැට් බද්ධ සම්මතයි

විජිත් Monday, 11 December 2023 07:09 PM

අයි එම් එෆ් එක කියපු ඒවාටත් වඩා එහාට ගිහින් , රටේ මිනිස්සුන්ගේ " ලේ " උරාබොන මේ නරුම අසික්කිත පාලකයින් කරන විනාශයේ නියම ප්‍රතිපලය පෙනෙන්නේ , විදේශීය නය ගෙවීම පටන් ගත් පසුයි. එදාට රටේ භාණ්ඩාගාරයේ ශතයක්වත් ඉතිරිවෙන්නේ නැහැ ...පෝලිම් යුගය තිබුනාටත් වඩා උග්‍ර වෙනවා. ජීවත්වෙන්න මිනීමරන යුගයක් ඒවි. රුපියල් 100ට මිනීමරන යුගයක් කරා මේ රට ඇදීයනවිට.. අයි එම් එෆ් එක කිව්වොත් .." අපෙනුත් සුළු අතපසුවීමක් වුණා සමාවෙන්න " කියලා පුදුම වෙන්න එපා. මේ අවුරුද්දේ මුලදී අයි එම් එෆ් එක ග්‍රීසියෙන් සමාව ඉල්ලුවා. කෙසේවෙතත් මේ අසාධාරණ පනත් වලට අත් උස්සන මිනිස්වෙසින් සිටින තිරිසනුන්ට (අහිංසක සතුන්ට අගවුරවයක් නොවේවා) අනාගතයේ දවසක මහාපාරේදීම ජනතාවගෙන් " රිටන් " එක මදිනොකියන්න ලැබෙනවා, එසේ නොකලොත් මේ රටේ සිටින්නේ මිනිසුන් නොව මැරිලත් නොමැරී වගේ පෙනෙන්න සිටින සොම්බින්ය.

:       0       0

අරවින්ද මොනරවිල Monday, 11 December 2023 07:18 PM

කිසිම ජන පදනමක් නැති පල්හොරු රංචුවක් රට අල්ලාගෙන ඔවුන්ට හිතුණු හිතුණු දේ කරනවා... මේ දූෂිත හොරු රැල පන්නා දමන්න තරම් ශක්තිමත් නායකත්වයක් අද රටේ නැහැ. අරගලයෙන් සිදුවුණු එකම හොඳ එක හොරෙක් වෙනුවට තව හොරෙක් ගෙනාව එක විතරයි. මෙයා මේ හදන්නේ මිනිසුන්ගෙන් පළිගන්නයි...

:       0       0

Ruwan Monday, 11 December 2023 07:41 PM

මේ තිරිසන් පාලකයින්ට ජනතාව කෙතරම් දුක් වින්දත් බදු ගහන එක ඇරෙන්න රාජ්‍ය ආදයම වැඩි කරන්න කිසිම වැඩ පිළිවෙලක් නෑ... මේ රටේ මිනිසුන් තමන්ගේ දරුවන්ට හරි හමන් කෑම වේලක් දීගන්න. ලෙඩකට බෙහෙත් ටිකක් ගන්න, පාසල් යන දරුවට පොත් ටික, ඇදුම් පැළඳුම් ටික ගන්න බැරිව කෙතරම් දුක් විඳිනවාද? ඒත් මේ අමන පාලකයින් හැමදාම හිතුවේ බලය රැකගන්න එක විතරයි. රටක් දියුණු කරන්න බදු ආදයම විතරක් මදි... රටට අලුත් විදේශ ආයෝජන ගේන්න කිසිම වැඩ පිළිවෙලක් නෑ. ඒ වගේම රටේ අපනයන දිරිමත් කරන්නවත් කිසිම දෙයක් නොකර බදුගහන එක විතරක් කරන මිලේච්ඡ ආන්ඩුවක්. මේ දේශපාලුවන් බොහෝමයක් වැඩිවියට පත්වෙනකම් දෙමව්පියන්ගෙන් යැපිලා, ඉන් පස්සේ දේශපාලනයෙන් ලැබෙන වරප්‍රසාද සහ අමතර ප්‍රතිලාභ මත යැපෙන හිඟන රැලක්, මහ පොළවේ යතාර්තය ගැන කිසිම අවබෝධයක් නෑ... මිනිසුන් ජීවත් වෙන්න කරන කැපකිරීම් ගැන කිසිම හැඟීමක්වත් නැති මෙවන් අමනයින්ගෙන් මීට වැඩිය දෙයක් මේ රටේ මිනිසුන්ට බලාපොරොත්තු වෙන්න බෑ...

:       0       0

නිමල් Monday, 11 December 2023 09:59 PM

මස් කට්ටට රහ වැටිච්ච බල්ලො වගේ, ජනතාවම මරාගෙන කාලා බදු වලින් එන අදායම දැක්කම බදු ගහන එකේ නිමාවක් නෑ.

:       0       3

Sellakkara Kolla Tuesday, 12 December 2023 02:56 PM

අපිනෙ හොරකම් කරේ අපෙන් අයකරගන්න. උසාවියෙනුත් තීන්දු කරලා ඉවරයි. ආර්ථික අර්බුදයට වග කියන්න ඕනේ කවුද කියලා. මේක නම් ඉන්නම හිතෙන රටක්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචියට අවසර
2025 අප්‍රේල් මස 22 123 0

විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වෙනස් වෙයි
2025 අප්‍රේල් මස 22 130 0

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සූදු ක්‍රීඩාවට නියාමන අධිකාරියක්
2025 අප්‍රේල් මස 22 103 0

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බදු මුදල්වලට වෙනදේ සෙවීමට ජනතාවට අයිතියක් තියෙනවා
2025 අප්‍රේල් මස 22 131 0

ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස


ලක්ෂ 80ක ‘කුෂ්‘ සමඟ අයෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 22 184 0

රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.


මෝටර් රිය අඩි 300ක් පහළට
2025 අප්‍රේල් මස 22 518 0

නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 535 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 447 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site