IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වැඩිම වියදම ආරක්ෂක අංශවලට

(සුජිත්  හේවාජුලිගේ)

පසුගිය වසරේ මධ්‍යම ආණ්ඩුවේ සෙසු සියලු  සේවකයන්ට  වැටුප්  ගෙවීම සඳහා වැය කළ මුදලට  ආසන්න මුදලක්  පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ වැටුප් සඳහා වැය කර ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල සඳහන් වන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ  මහාචාර්ය වසන්ත අතුකෝරළ  මහතා ලංකාදීපයට පැවසීය.

මධ්‍යම ආණ්ඩුවේ සෙසු අංශවල  සේවකයන්ට පසුගිය වසරේදී වැටුප් සඳහා  රුපියල් කෝටි 32729 ක් වැය  කරද්දී  ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහාපමණක්  එම වර්ෂයේදී රුපියල් කෝටි 31200ක් වැය කර ඇති බවද   මහාචාර්යවරයා කීවේය.

එසේම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන්ට පසුගිය වසරේ වැටුප් ගෙවීමට වැය කළ මුදල පළාත් පාලන ආයතන වල සියලුම  සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා එම වසරේදී වැය කළ මුදලට වඩා වැඩි බවද ඔහු සඳහන් කළේය.

පළාත් පාලන ආයතන සේවකයන්ට පසුගිය වසරේදී වැටුප්  ගෙවීමට වැය කර ඇති මුදල රුපියල් කෝටි 30021 ක් බවද වසන්ත අතුකෝරළ මහතා  කීය.

හමුදා සහ පොලිස් සාමාජිකයන්ට පසුගිය වසරේදී ගෙවූ වැටුප රාජ්‍ය සේවයේ වැටුප්වලින්  සියයට තිස්තුනක් බව පැවසූ මහාචාර්යවරයා පසුගිය වසර පහේ දී ආරක්ෂක අංශවල වැටුප් ගෙවීමට වැය කරන මුදල සියයට දාහතකින් වැඩි වී ඇතැයිද  සඳහන් කළේය.

ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහා පසුගිය වසරේදී රුපියල් කෝටි 21787 ක්ද පොලිසියේ සහ සිවිල්  ආරක්ෂක බලකායේ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් කෝටි 9413ක්ද වැය කර ඇති බවත්  ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ වැටුප් ගෙවීම සඳහා මෙපමණ මුදලක් දරද්දී රජයේ ආයතනවල ආරක්‍ෂාව සඳහා පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් බඳවාගෙන වෙනම වැටුප් ගෙවා ඇති බවත්  අතුකෝරළ මහතා සඳහන් කළේය.



අදහස් (11)

වැඩිම වියදම ආරක්ෂක අංශවලට

සුපුන් චාමර Saturday, 06 July 2024 11:42 AM

ඔවුන් විතරයි... හැබැයි ගන්නා පඩියට වැඩක් කරන්නේ. ඒ වගේම ස්ට්‍රයික් උද්ඝෝෂණ නොකර රට අමාරුවේ දාන්නේ. අනිත් එක රටේ මොන කරදරයක් ආවත් ඔවුන් තමයි රට බේරාගන්නේ...

:       22       21

සෞදි-සිංහ Saturday, 06 July 2024 11:59 AM

ලෝකේ කොහෙත් ජාතික ආරක්ෂාවට තමයි වැඩිම වියදමක් කරන්නේ...

:       17       20

සමන් විමල් Saturday, 06 July 2024 12:09 PM

එකී සේවාවන්වල ඵලදායිතාවයන් පිළිබඳ සාපේක්ෂකව විග්‍රහයක්ද කරන්නේ නම් මැනවි...

:       5       22

රංබොඩ Saturday, 06 July 2024 12:31 PM

රටේ ආරක්ෂාව තියෙන්නේ ඔවුන්ගේ කැප කිරීම් මත. ඒ නිසා එය එසේ විය යුතුයි.

:       24       25

VipulaSaturday, 06 July 2024 01:21 PM

ඔබත් සමග 100 % ක් එකඟයි.

:       11       8

සමන්ත Saturday, 06 July 2024 01:52 PM

ජාතික ආරක්ෂාව කෙසේ වෙතත් සාගලගේ රථ පාලිය වීඩියෝ කරපු එකාවනම් අල්ලලාලු. තාම බැරිඋනා පාස්කු ගහපු උන් අල්ලන්න හැබැයි...

:       6       30

කරුණාරත්න Saturday, 06 July 2024 02:17 PM

ඒක එහෙම වෙන්න ඕන. මොකද කවුරු කොහොම කිව්වත් අදත් හෙටත් රාජ්‍ය සේවයේ කාර්යක්ෂම ආයතන තමයි පොලිසිය සහ ආරක්ෂක අංශ. ඔවුන් අවම මානව සම්පතක් මගින් වැඩි වැඩක් කරනවා. වෙනත් රාජ්‍ය ආයතන වෙත ගොස් බලන්න ඔවුන්ගේ ප්‍රතිචාර කෙසේද යන්න...!

:       9       15

suamansiri Saturday, 06 July 2024 03:25 PM

මේ මිනිහ කරන්නේ ඔහේ කොලයක් බලාගෙන ඉලක්කම් ටිකක් කියවලා සාමාන්‍ය මිනිස්සුන් තුල රජය කෙරෙහි වෛරයක් ඇතිකිරීම තමයි. අපේ මිනිස්සුත් ඉතින් කිසි සෙවිල්ලක් බැලිල්ලක් නැතිව හිටු කියල ආණ්ඩුවට බනිනවා . මෙයා සජියට කඩේ යන කෙනෙක්නෙ . දැන් සජිය ආවොත් මේ අසමතුලිත බව නැති කරනවද ? එහෙම නම් එක්කෝ ආරක්ෂක වියදම අඩු කරන්න ඕන . නැති නම් අනෙක් අංශ වල වැටුප් ඇති විශාල ලෙස වැඩි කරන්න ඕන . ඔය දෙකම භයානක ප්‍රතිපල ගෙන දෙන වැඩ . වත්මන් ආණ්ඩුව හමුදා වල බට පිරිස් ක්‍රමානුකුලව රටට ගැලපෙන ලෙස අඩුකරමින් ඉන්නවා . ඒ බව මෙතන කියන්නේ නැහැනේ .

:       13       6

Ruwan De Silva Saturday, 06 July 2024 07:25 PM

මම ඉන්නේ නෙදර්ලන්තයේ හින්දා දන්නවා මෙහේ යුද හමුදාවේ ඉන්නේ පොඩි ගාණක් (ලංකාවේ ප්‍රංශයේ, බ්‍රිතාන්‍යයේ හමුදාවට වඩා සෙබළු ඉන්නවා)... අනිත් එක ලංකාවේ වගේ හමුදාවේ ලොක්කන්ගේ නෝනාට ශොපින් යන්න. ළමයාට ටියුෂන් යන්න රජයෙන් වාහන දෙන්නේ නෑ. ලංකාවේ වගේ කානු කපන්න, බිල්ඩින් හදන්න හමුදාවේ අයව ගන්නේ නෑ, එහේ ලංකාවේ වගේ හමුදාවේ පාසල්, විශ්වවිද්‍යාල, හෝටල්, ආපනශාලා, ක්‍රිඩා සංගම් නෑ. හැබැයි ලංකාවේ වගේ අවුරුදු 40-50ක් පරණ ආයුධ... පිටරටවල් පාවිච්චි කරපු කැඩිච්චි යුද ටැංකි, අහස් යානා නෑ. වැඩිම වියදමක් යන්නේ ආයුධ, අධිතාක්ෂණික මෙවලම්, ගුවන්යානා, රහස් ඔත්තු, සයිබර් ආරක්ෂාව වගේ දේවල් වලට...

:       4       14

Guys Saturday, 06 July 2024 07:29 PM

ලෝකයේ අංක 10ට විශාලම හමුදාව තියෙන රටේ පාස්කු ප්‍රහාරය වළක්වන්න බැරි වුණා නම් මොකටද ලක්ෂ 3ක හමුදාවක්. බ්‍රිතාන්‍යයේ වත් නෑ ලංකාවේ තරම් ලොකු හමුදාවක් නිකං පඩි ගෙවනවා විතරයි. අපරාදේ අපේ බදු සල්ලි...!

:       5       16

Lakmal Sunday, 07 July 2024 06:53 AM

හමුදා ලොක්කන්ගෙ නෝනලට ශොපින් යන්න බදු ගෙවන ජනතාවගේ මුදලින් රියදුරැ සහිත වාහන දීම නවතනු. සාමාන්‍ය රියදුරෙකුට වඩා හමුදා සාමාජිකයින්ගේ වියදම ඉතා වැඩියි. යුද්ධයක් නැති විටක පවුලේ සාමාජිකයන්ට විශේෂ ආරත්ෂාවක් අවශ්‍ය නැත.

:       1       5

ඔබේ අදහස් එවන්න

දියත

ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 565 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 204 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 581 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 435 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 2483 4

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 2383 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37073 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24421 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 605 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site