(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බත්තරමුල්ල සමුපාකාර රක්ෂණ සමාගමේ උප සභාපතිවරයාට මීගොඩ ගැමුණු මාවතේ දී වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් සමුපාකාර මණ්ඩලයේ සභාපති මෙන්ම සමුපකාර රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂකවරයකු ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර බස්රථ හිමි ව්‍යාපාරිකයකු යුද හමුදාවේ සේවය හැර ගිය සෙබළකු සහ බස් කොන්දොස්තරවරයකු ද වන බව පොලිසිය කියයි.
වෙඩි වැදී තුවාල ලැබූ මීගොඩ වල්පිට තිසර උයන පදිංචි සමුපකාර රක්ෂණ සමාගමේ හිටපු උප සභාපතිවරයා අධ්‍යක්ෂක මණ්ඩලය කැමැත්තෙන් හා අධිකරණයේ පවතින ලද නඩු තීන්දුවක් අනුව ඉකුත් 2 දෙවෙනි දින සභාපතිවරයා ලෙස නම් කර තිබූ බව පොලිසිය කියයි.
එයට හිටපු සභාපති වරයා අමනාපෙන් පසු වී ඇති අතර ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයකු වන මාතර දිස්ත්‍රික් සමුපාකාර මණ්ඩලෙ සභාපතිවරයා වත්මන් සභාපති ලෙස වැඩ භාර ගැනීමට යමින් සිටි දර්ශන සමරවික්‍රම මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වි ඇත.
ඒ සඳහා සැකකාර මාතර සමුපාකාර මණ්ඩල සභාපති ගේ ගෝලයකු වන කළුතර වරකාගොඩ ප්‍රදේශයේ බස්රථ හිමි ව්‍යාපාරිකයාට පවසා ඇති අතර ඔහු විසින් අනෙක් පිරිස සම්බන්ධ කර ගනිමින් අපරාධය සිදුකර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ අනුව අවස්ථා කීපයකදීම වර්තමාන සභාපතිවරයාට වෙඩි තැබීම සඳහා පැමිණියද එම අවස්ථා කීපයම මගහැරී ඇතැයි පොලිසිය කියයි.
වෙඩි තැබීම සඳහා හිටපු සෙබළා ත්‍රීරෝද රථයෙන් පැමිණ සැඟවී සිට වෙඩි තැබීමෙන් අනතුරුව කිලෝමීටරයක් පමණ දිව ගොස් යතුරු පැදියේ නැගී හයිලෙවල් පාරට පැමිණ එතනින් බස් රථ හිමි ව්‍යාපාරිකයා රැගෙන ආ තිරෝද රථය නැගී පලා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වෙඩි තැබීම සඳහා ගිනි අවිය හා උණ්ඩ හයක් ලබාදී ඇත්තේ මාතර දිස්ත්‍රික් සමුපාකාර මණ්ඩල සභාපතිවරයා බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඔහුට ද ගිනි අවිය ලද ආකාරය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බවත් පොලිසිය කියයි
ගිනි අවිය විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියකි.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැඩ බාර ගන්න ගිය සභාපතිට වෙඩි තැබූවාට හතරක් මාට්ටු