IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


වඩා බලවත් මිනිස් බුද්ධියද? කෘතිම බුද්ධියද?

වසර ගණනාවක පුහුණුවක් ලැබූ සහ පළපුරුද්දක් ඇති වෛද්‍යවරුන්ට වඩා කෘතීම බුද්ධියට සාර්ථකව කාන්තාවන්ගේ පියයුරු පිළිකා හඳුනා ගැනීමට හැකියාව තිබෙන බව නවතම වාර්තාවකින් සොයාගෙන ඇත.

එමගින් මැමෝග්‍රෑම් පරීක්ෂණ වාර්තා කියවීමේ වෛද්‍යවරුන්ගේ කාර්යය අඩකින් අඩු කළ හැකි බව නවතම මුල් අදියරේ අධ්‍යනයකින් හෙළි වී ඇත.

වෛද්‍යවරුන් දෙදෙනකු මැමෝග්‍රෑම් පරීක්ෂණ වාර්තා කියවීමේදී පියයුරු පිළිකා හඳුනා ගැනීමේ ප්‍රතිශතයට වඩා කෘතීම බුද්ධියෙන් බල ගැන්වූ පරිගණක වැඩසටහනක් මාර්ගයෙන් මැමෝග්‍රෑම් පරීක්ෂණ වාර්තා කියවීමේදී පියයුරු පිළිකා හඳුනා ගැනීමේ ප්‍රතිශතය සියයට 20 කින් පමණ වැඩි වන බව ස්වීඩන පරීක්ෂණ කණ්ඩායමක් සිදු කළ එම අධ්‍යනයෙන් හෙළි වී ඇත.

මැමෝග්‍රෑම් පරීක්ෂණ වාර්තාවක් කියවීමේ සාම්ප්‍රදායික ක්‍රමය වන වෛද්‍යවරුන් දෙදෙනෙකු පරීක්ෂණ වාර්තා කියවීමේ ක්‍රමයට වඩා කෘතීම බුද්ධිය පරීක්ෂණ වාර්තා කියවීමේදී සියයට 20 කින් පමණ පියයුරු පිළිකා හඳුනා ගැනීමේ ප්‍රතිශතය වැඩි වීමක් සිදු වුණත් ඉන් ව්‍යාජ ධානාත්මක වාර්තා ප්‍රතිශතය කිසිම විටකත් වැඩි වීමක් සිදු නොවූ බව පර්යේෂකයන් කණ්ඩායම පෙන්වා දී තිබේ.

මෙම අධ්‍යනය පිළිබඳ සම්පූර්ණ ලිපියක් ද ලාන්සෙට් ඔන්කොලොජි සඟරාවේ අගෝස්තු මස කලාපයේ පළවී ඇත.

ව්‍යාජ ධානාත්මක වාර්තාවක් යනු මැමෝග්‍රෑම් පරීක්ෂණ වාර්තාවේ පියයුරු වල අසාමාන්‍ය ගැටිත්තක් පෙන්නුම් කළත් එම ගැටිත්ත පිළිකාවක් නොවන අවස්ථාවන්ය. එවිට වෛද්‍යවරුන් කිහිපදෙනකුගේ උපදෙස් ලබා ගැනීමට සිදුවන අතර අමතර පරීක්ෂණ සිදුකිරීමටද සිදු වේ.

කෘතිම බුද්ධියට මැමෝග්‍රෑම් පරීක්ෂණ වාර්තා කියවීම ඉගැන්වීම සඳහා පරීක්ෂණ වාර්තා මිලියන ගණනක් කෘතිම බුද්ධියට ඇතුලත් කර ඇති අතර එම වාර්තා මත පදනම්ව සාමාන්‍ය මැමෝග්‍රෑම් වාර්තාවක් කෙබඳුද යන්න සහ පිළිකාවක් සහිත මැමෝග්‍රෑම් පරීක්ෂණ වාර්තාවක් කෙබඳුද යන්න පිළිබඳ ඇල්ගොරිදමයක් (ගණිතමය නිරූපනයක්) කෘතිම බුද්ධියෙන් බලගැන්වුණ මෘදුකාංගය නිර්මාණය කර ගෙන තිබෙන බව පර්යේෂණ කණ්ඩායම පවසා ඇත.

කෘතිම බුද්ධිය මැමෝග්‍රෑම් පරීක්ෂණ වාර්තාවක් කියවන විට මිනිස් ඇස දකිනවාට වඩා වැඩි යමක් දැකීමට හැකියාව තිබෙන බවත් සියුම් හෝ අසමානතාවයක් තිබේදැයි සෙවීම සඳහා ප්‍රමිතීන්ට අනුකූලව කෘතිම බුද්ධිය සෑම වාර්තාවක්ම කියවන බවත් පරීක්ෂණ කණ්ඩායම පවසා තිබේ.

රෝග විනිශ්චය නිවැරදි දැයි සහතික කර ගැනීම සඳහා මැමෝග්‍රෑම් පරීක්ෂණ වාර්තාවක් වෛද්‍යවරුන් දෙදෙනෙකු කියවිය යුතු යැයි වෘත්තීය මාර්ගෝපදේශ නිර්දේශ කර සිටියත් එක් වාර්තාවක් වෛද්‍යවරුන් දෙදෙනකු කියවීම සිදු කරන විට වැඩි කාලයක් ගතවනවා සේම නිවැරදි නොවන හඳුනා ගැනීමකට ඇති ඉඩකඩද වැඩි කරන බව පර්යේෂකයන් පෙන්වා දී ඇත.

කෘතීම බුද්ධිය මත පදනම් වූ මැමෝග්‍රෑම් සහාය පද්ධතිය වෛද්‍යවරයකුට අවශ්‍ය දෙවැනි ඇස් යුගලය බවට බොහෝ විශේෂඥයන් විශ්වාස කරන බව පර්යේෂකයන් පවසා තිබේ.

පළමු වරට මැමෝග්‍රෑම් පරීක්ෂණයක් සිදු කර පිළිකාවක් නොමැති බවට තහවුරු කරගත් සෑම කාන්තාවන් 1000 කගෙන් තුන් දෙනකුට අවුරුදු තුනක් ඇතුලත පියයුරු පිළිකාවක් වැළදීමේ අවදානමක් තිබෙන බවත් මෙම අධ්‍යනයේ අරමුණ වූයේ එම කාන්තාවන් තිදෙනා හඳුනා ගැනීමට ඇති හැකියාව වැඩි කර ගැනීමට අවස්ථාවක් තිබේ දැයි සොයා බැලීම බවත් පර්යේෂකයන් පෙන්වා දී ඇත.

මෙම අධ්‍යනය සඳහා වයස අවුරුදු 40 ත් 80 ත් අතර ස්වීඩන ජාතික කාන්තාවන් 80020 ක් සහභාගී කරගෙන ඇති අතර ඔවුන් අහඹු ලෙස කණ්ඩායම් දෙකකට බෙදා තිබේ. එම කාන්තාවන් 2021 වසරේ අප්‍රේල් මස 12 වැනිදා සිට 2022 වසරේ ජූලි මස 28 වැනිදා දක්වා ලබා ගත් මැමෝග්‍රෑම් වාර්තා අධ්‍යනය සඳහා භාවිත කර ඇත.

එහිදී කාන්තාවන් 39996 දෙනකුගේ පරීක්ෂණ වාර්තා කෘතිම බුද්ධිය සහායෙන් කියවා ඇත.ඉතිරි කාන්තාවන් 40024 දෙනාගේ පරීක්ෂණ වාර්තා වෛද්‍යවරුන් දෙදෙනකු විසින් කියවනු ලැබ ඇත.

එහිදී වෛද්‍යවරුන් දෙදෙනාගේ කණ්ඩායමට වඩා කෘතීම බුද්ධි කණ්ඩායමේ කාන්තාවන්ගේ පියයුරු පිළිකා හඳුනා ගැනීමේ ප්‍රතිශතය ඉහළ වූ බවත් අමතර පරීක්ෂණ සඳහා කෘතීම බුද්ධි කණ්ඩායමේ කාන්තාවන් වැඩි පිරිසක් ආපසු කැඳවූ බවත් පර්යේෂකයන් කණ්ඩායම පෙන්වා දී තිබේ.

බුද්ධියේ සහායෙන් පරීක්ෂණ වාර්තා කියවූ කණ්ඩායමේ කාන්තාවන් 244 දෙනකුට පියයුරු පිළිකාවක් තිබෙන බවට කෘතිම බුද්ධිය හඳුනාගත් බවත් එම කණ්ඩායමේ කාන්තාවන් 861 දෙනකු වැඩි දුර පරීක්ෂණ සඳහා නැවත කැඳවූ බවත් පර්යේෂකයන් කණ්ඩායම පවසා ඇත.

එසේම විකිරණවේදීන් දෙදෙනා විසින් මැමෝග්‍රෑම් පරීක්ෂණ වාර්තා කියවූ කණ්ඩායමේ කාන්තාවන් 203 දෙනකුට පියයුරු පිළිකාව තිබෙන බවත් තවත් කාන්තාවන් 817 දෙනකු අමතර පරීක්ෂණ සඳහා නැවත කැඳවූ බවත් පර්යේෂකයන් කණ්ඩායම පෙන්වා දී තිබේ.

මෙම ප්‍රතිඵලවලින් පෙනී යන්නේ කෘතිම බුද්ධි කණ්ඩායමේ පියයුරු පිළිකා හඳුනා ගැනීමේ ප්‍රතිශතය කාන්තාවන් 1000 කට 6.1 බවත් වෛද්‍යවරුන් දෙදෙනාගේ කණ්ඩායමේ පියයුරු පිළිකා හඳුනාගැනීමේ ප්‍රතිශතය කාන්තාවන් 1000 කට 5.1 ක් බවත් යැයි පර්යේෂකයන් කණ්ඩායම පවසා ඇත.

එසේම කෘතිම බුද්ධි කණ්ඩායමේ අමතර පරීක්ෂණ සඳහා ආපසු කැඳවූ කාන්තාවන් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස සියයට 2.2 ක් බවත් වෛද්‍යවරුන් දෙදෙනාගේ කණ්ඩායමේ අමතර පරීක්ෂණ සඳහා කැඳවූ කාන්තාවන් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස සියයට දෙකක් බවත් පර්යේෂකයන් කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.

කෘතිම බුද්ධි කණ්ඩායමේ ආපසු කැඳවූ කාන්තාවන් අතරින් සියයට 28 කට පියයුරු පිළිකාව තිබෙන බවට තහවුරු වූ බවත් වෛද්‍යවරුන් දෙදෙනාගේ කණ්ඩායමේ ආපසු කැඳවූ කාන්තාවන් අතරින් සියයට 25 කට පියයුරු පිළිකා තිබෙන බවට තහවුරු වූ බවත් පර්යේෂකයන් කණ්ඩායම පෙන්වා දී ඇත.එසේම කණ්ඩායම් දෙකේම ව්‍යාජ නිවැරදි වාර්තා ප්‍රතිශතය සියයට 1.5 ක් බවද පර්යේෂකයන් කණ්ඩායම පවසා තිබේ.

මෙම අධ්‍යනයේ ප්‍රතිඵල මත ඇතැම් රටවල තිබෙන විකිරණවේදීන්ගේ හිඟයට පිළිතුරක් ලෙස කෘතිම බුද්ධිය අනාගතයේදී භාවිත කිරීමට හැකියාව තිබෙන බව අධ්‍යනය සිදු කළ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය ක්‍රිස්ටිනා ලැන්ග් මහත්මිය පවසා ඇත. 

නමුත් පියයුරු පිළිකා හඳුනාගැනීම සඳහා කෘතීම බුද්ධිය සූදානම් යැයි මෙම අධ්‍යනයේ ප්‍රතිඵල මත පමණක් පදනම්ව ප්‍රකාශ කළ නොහැකි බව ආචාර්ය ලැන්ග් ප්‍රකාශ කර තිබේ.

කෘතිම බුද්ධිය පියයුරු පිළිකා හඳුනා ගැනීමට සූදානම් යැයි ප්‍රකාශ කිරීමට ප්‍රථමයෙන් පරීක්ෂණ ගණනාවක් සිදු කළ යුතු බවත් පසුගිය මැයි මාසයේ කෘතීම බුද්ධියෙන් බලගැන්වුණු පරිගණක වැඩසටහනක් මැමෝග්‍රෑම් පරීක්ෂණ වාර්තාවක් කියවීමේදී වෛද්‍යවරයකුට නිවැරදි නොවන රෝග විනිශ්චයක් ලබා දී තිබූ බව හෙළි වූ බවත් ආචාර්ය ලැන්ග් පෙන්වා දී ඇත.

(අන්තර් ජාලය අසුරින් පරිවර්ථනය කළේ විමුක්ති එස් රුද්‍රිගු)



අදහස් (4)

වඩා බලවත් මිනිස් බුද්ධියද? කෘතිම බුද්ධියද?

SARA Thursday, 10 August 2023 07:27 AM

වඩා බලවත් මිනිස් බුද්ධියද? කෘතිම බුද්ධියද? පිළිතුර කෘතිම බුද්ධිය වේ. එයට හේතුව මිනිස් බුද්ධිය යමක් තීරණය කිරීමට පෙර අනුමාන කිරීම, එසදහා කාලයක් ගතවීම,පිළිතුරු ලබාගැනීමට කාලයක් ගතවීම සහ වෙනත් කරුණු ඇත. එසේ උවත් කෘතිම බුද්ධිය මගින් ෂණිකව පිළිතුරු ලබාගැනීමේ හැකියවක් සහ එම පිළිතුරු 99.9% නිවැරදි වේ. විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාවේදී සහ scientific innovation, AI applications for space research සදහා කෘතිම බුද්ධිය යොදා ගනී. Julia, Haskell, Lisp, R, JavaScript, C , Prolog, and Scala. python සහ වෙනත් එකතුවකි.

:       10       2

සිසිර​ Saturday, 12 August 2023 03:15 PM

තාර්කික පිළිතුරක් ඇති සියළුම ගැටලු කෘතිම බුද්ධියට 100% නිවරද්‍යතාවයකින් විසඳිය හැකිය​...

:       0       0

Rajun Monday, 14 August 2023 03:29 PM

විද්‍යාත්මක ලෝකයේ කෘතිම බුදධිය මිනිස් බුදධිය අභිබවා යා හැකි විය හැකි. නමුත් කෘතිම බුදධියට කොපමණ දුරට කලා කෘතියක් කළ හැකිද?

:       2       1

ප්‍රියා Tuesday, 15 August 2023 06:52 AM

වඩා වේගයෙන් යන්නේ මිනිසාද? නැත්තම් මිනිසා හදපු කාර් එකද කියලා ඇහුවොත් ඒ ප්‍රශ්නේ ටිකක් අවුල් වගේ නේද? මිනිසා හැමදාම බැලුවේ තමන්ගේ සීමාවන් ඉක්මවා යන නිර්මාණ කරන්න. කෘතිම බුද්ධියත් මිනිසාගේම නිර්මාණයක්... තවමත් බලවත් මිනිස් බුද්ධියම තමයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 137 0

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


නිවාඩු නිකේතන භූමියක මළ සිරුරක්
2025 අප්‍රේල් මස 22 158 0

කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.


පාස්කු ප්‍රහාරය: වාර්තාව අධ්‍යයනයට කමිටුවක්
2025 අප්‍රේල් මස 22 238 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය


’’මහ මොළකරු’’හෙළි කිරීමේ වගකීම උසාවියට බාර දෙයි
2025 අප්‍රේල් මස 22 759 0

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද


බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට හසුවී අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 619 0

ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි



මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 551 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 451 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site