ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ වෙඩි තබා ඝාතනය කෙරුණි. හිටපු අග්‍රාමාත්‍යවරයා ඝාතනය කෙරුණේ නාගා නගරයේ ජනතා රැළියකට සහභාගී වී ජනතාව අමතද්දීය.
වෙඩි තැබීම කළේ ජනතාව අතරේ සිටි 41 ක් හැවිරිදි ජපන් ජාතිකයකු බවත්, ආරක්ෂක අංශ කඩිනමින් ඔහු අත්අඩංගුවට ගත් බවත් පැවැසෙයි. තමන් හිටපු අග්‍රාමාත්‍යවරයාට වෙඩි තැබුවේ, ඔහුගේ ක්‍රියා කලාපයට විරෝධය දැක්වීමක් ලෙස යැයි අත්අඩංගුවට ගත් එම තරුණයා පවසා තිබේ.
වෙඩි ප්‍රහාරය අග්රාමාතවරයාගේ පපුව පසාරු කළ බවත්, සිහිසුන්ව ඇද වැටුණු ඔහුගේ හදවත නැවැතී තිබුණු බවත් ඔහුට ප්‍රථමාධාර දීමට ඉදිරිපත් වුණු පිරිස පැවැසූහ. වෛද්‍ය ආධාරකරුවන් පැමිණ හිටපු අග්‍රාමාත්‍යවරයා රෝහල්ගත කරන විටත් ඔහු මියගොස් සිටියේය.
ජපානයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ තැනැත්තා වන්නේ 67 හැවිරිදි ෂෙන්සෝ අබේය. 2012 සිට 2020 සැප්තැම්බරය තෙක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ අබේ, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ජනතාවට උපරිම සේවයක් ලබා දීමට නොහැකි බව පවසමිනි.
(රොයිටර්)
සුලිකුණාටු සහිත අධික වර්ෂාව මේ වනවිට මුලතිව් දෙසට වර්ධනය වී ඇති අතර මුලතිව් වට්ටුවාක්කල් පාලම සහිත ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ද තාවකාලිකව නැවති
රුපියල් මිලියන දෙලක්ෂ පන් දහසක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් අද (28) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෙඩි වැදුණු හිටපු අගමැති මියයයි
Perera Friday, 08 July 2022 03:32 PM
ඔය විදිහට සලකන්න එයාගේ වටේ ඉන්න එක විරුවෙක්වත් නඅද්ද?
ABSaturday, 09 July 2022 07:09 PM
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ යනු ජපානය ආර්ථික වශයෙන් දෙවනවර ශක්තිමත් කළ නායකයා වේ. ලෝක නායකයින්ගේ සහ සමස්ත ජපාන වැසියන්ගේ ප්‍රසාදය ලබාසිටි ඔහු ලෝකයේ නායකයින් අතර සිටි මනුෂත්වය ඉහළින්ම අගයකළ, ලෝක නයකයින් සමග ඉතාම සමගියෙන් කටයුතු කළ, ලෝකයට බලපෑමක් කළහැකි ප්රජාතන්ත්රවාදී නායකයෙකි. ඔහු ගේ හදිසි අභාවය ජපානයට මෙන්ම ලෝකයටද පාඩුවකි. ඉතාම කණගාටුදායක සිදුවීමකි. ජපානයේ පොලිසිය කිසිඳු අවියක් නොමැතිව ප්‍රභූන් ආරක්ෂා කිරීම මේ වනවිට සිදු වුවත් ඉදිරියේදී අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේගේ හදිසි මරණයත් සමග එය වෙනස්වනු ඇත...
ravin Friday, 08 July 2022 03:40 PM
අවංකවම කණගාටු වෙමි... මෙම සිද්ධිය අන්තර්ජාලයේ නැරඹුවොත් දැකගන්නට හැකිවේවි... දියුණු රටක දේශපාලන වේදිකාවකුයි, නොදියුණු රටක දේශපාලන වේදිකාවකුයි අතර වෙනස...
SUNIL MILANO Friday, 08 July 2022 04:23 PM
මෙතුමා තම මවුබිමට මෙන්ම ලොවටම කල සේවයට හිස නමා ගෞරව කරන අතර ම උතුම් වූ නිවන් සම්පත්ිය ලැබේවා...
බද්රානිFriday, 08 July 2022 06:44 PM
සුනිල් මිලානෝ, අනේ යනවා හලෝ නිකම් බොරු ශෝභන පෙන්වන්නේ නැතිව මෙතන. ඔහේ අනුන්ගේ මළ ගෙවල් වල කුලියට අඬන කෙනෙක්ද? ජපානයේ අගමැති කෙසේ වෙතත්, ලංකාවේ හොර තක්කඩි අමන පාලකයින්ටත් මෙවන් ඉරණමක් අත්වෙයි කියල දුකට වෙන්න ඇති මෙතන කිඹුල් කඳුළු හලන්නේ. අපි නොදන්නවයි ලංකාවේ නිවටයින්ගේ තරම?
Piyal Friday, 08 July 2022 04:23 PM
ෂින්සො අබෙ අගමතිතුම තමයි විදේශ රටවල සිසුන්ට ජපානයට පැමින කුමක් හො ඉගෙනගෙන ජපානයේම රැකියවක් සොයගෙන පදින්චි වෙන්න නිති රීති ලිහිල් කලෙ. ඒකෙන් ගොඩක් ලොකයෙ දුප්පත් රටවල තරුන තරුනියො උපරිම ප්‍රෙයා්ජන ගනිමින් ඉන්නව. ඒ වගෙම ලංකාවට ආපු ජපන් අගමති කෙනෙක්. ඔහු තමයි දැනටත් සන්වර්ඩනය කරමින් තියෙන කටුනායක ගුවන්තොටුපොලෙ සන්වර්නදයට ඩොලර් මිලියන 330 ක පොලි රහිත නයක් දුන්නෙ. ලංකාවෙ කොල්ලො කෙල්ලො අතිවිශාල ප්‍රමනයක් මොහු නිස අද ජපානයෙ වැජබෙනව. ඔබතුමාට නෙවතත් ජපානයෙම ඉපිද අගමති වෙන්න කියා ප්‍රර්තනා කරනව
Senaka Friday, 08 July 2022 04:40 PM
තමන්ගේ රටටත් ශ්‍රේෂ්ඨ සේවයක් කරලා, කොච්චර බලයක් තිබුණත් අනිත් කිසිම ජාතියකට, රටකට හිරිහැර නොකර උදව් විතරක් කරපු අහිංසක මනුස්සයෙක්ගේ මේ වියෝව අහපු මට විශාල කම්පනයක් දැනුණා. ඔබතුමා ලංකාවටත් හැකි සෑම ලෙසකින්ම උදව් කළබව අපට මතකයි. මහත්මයාණනි, උපදින මතු භවයන්හිදී මෙවන් අකල් මරණ සිදු නොවේවා..! කුරිරු සසරින් මිදී ඉක්මන් භවයකදීම නිවන් සුවයම ලැබේවා...!!!
sugath Friday, 08 July 2022 04:54 PM
දැන් ඉතින් අපේ අය එතුමගේ අභාවය පිළිබඳව ශෝක ප්‍රකාශ කිරීම නිමිත්තෙන් ආධාර ඉල්ලයි.
නිහාල් Friday, 08 July 2022 05:25 PM
අපිට නැහැනේ එහෙම වාසනාවක්...!
Bamunuarachchi Friday, 08 July 2022 06:03 PM
මේ ජපනා ලංකාවට ඇවිත් ජෙප්පන් ඇසුරුකළ කෙනෙක්ද?
Lalith M Friday, 08 July 2022 08:28 PM
බමුණ මේ තරමට තිරිසනෙක් කියල දන්නේ අද...
chandima Friday, 08 July 2022 08:04 PM
අන්න රටට ආදරේ ඇති නායකයො.
chandima Friday, 08 July 2022 11:11 PM
එතුමාට නිවන් සුව අත්වේවා... එහෙ එහෙම වුණාට මෙහෙ එහෙම නැහැ... මෙහෙ වෙඩි වැදිලා මළත් දිගටම අගමැති, ජනාධිපති වෙලාම ඉන්නවා. පැරදුණත් අගමැති වෙලා එනවා.
samantha Saturday, 09 July 2022 01:13 AM
අබේ මහතාට නිවන් සුව, අපේ රටට උදව් කළ අපේකම තිබෙන මහත්මයෙක්... මෙතුමාගේ දෙමාපියන් මොහුට සිංහල නමක් පවා තබා තිබීමෙන් ඒ බව පසක් වෙනවා.