IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘‘වතුකම්කරුවන්ට 1700 දෙන්න බෑ‘‘

(රංජිත් රාජපක්ෂ)

තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා වැය වන ඉහල පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ වතු කම්කරුවන්ගේ වැටුප (30) දින රාත්‍රියේ සිට රු 1700 දක්වා ඉහල දැමු බවට ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇති බවයි.

තේ වතු සමාගම් සමග කිසිදු සාකච්ඡාවක් නොකර එම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවත්, එම ගැසට් පත්‍රය අවලංගු කිරිමට වතු සමාගම් අධිකරණය හමුවට යාමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා පැවසිය.

මේ පිලිබදව තේ වතු සමාගම් වල උසස් නිලධාරින් සමග විශේෂ සාකච්ඡාවක් (02) දින කොළඹදි පවත්වන බවත්, එම සාකච්ඡාවෙන් අනතුරුව අධිකරණ හමුවට යාමට කටයුතු කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

 



අදහස් (15)

‘‘වතුකම්කරුවන්ට 1700 දෙන්න බෑ‘‘

ජයනාත් Wednesday, 01 May 2024 05:11 PM

සාමාන්‍ය රජයේ සේවකයකුගේ දිනක වැටුපටත් වඩා වැඩියි. එයාලා රජයේ සේවයෙන් ඉවත්වෙලා වතු වැඩට යයි.

:       8       43

සිල්වා Thursday, 02 May 2024 06:19 PM

සාමාන්‍ය රජයේ සේවකයන් වතු වැඩට යනවා නම් කොච්චර හොඳද?. ඔවුන් රටට සේවයක් කලා වගේ වේවි.

:       0       1

Lakmal Wednesday, 01 May 2024 05:14 PM

රනිල් රාජපක්ෂ හානවා ඉවරයක් නෑ...

:       12       57

Prabha Wednesday, 01 May 2024 05:37 PM

මේවා කරන්නේ ඡන්දෙ බලාගෙන...

:       7       54

Left voter Wednesday, 01 May 2024 05:56 PM

ලෝකයේ හුඟාක් රටවල් තේ නිෂ්පාදනය කරනවා. හුඟාක් රටවල් නිෂ්පාදනය යාන්ත්‍රිකකරණය කරලා. අපිට වැඩිය හුඟාක් අඩුවට විකුණනවා. අපේ නායකයින් බලයට එන්න තියන පෙරේතකමට රටට හෙන ගහලා ගියත් පඩි වැඩි කරන්න යන්නේ. දැනුත් තේ 100g 350ට 400ට යන්නේ... හාම්පුතුන්ට තියෙන්නේ පඩිය වැඩි නොකර ඉන්න...

:       9       46

විජිත් Wednesday, 01 May 2024 05:59 PM

රනිල් කියන්නේ කටට එන ඕනෑම දෙයක් කියන කෙනෙක්. මේ කතා ඔක්කෝම එයාගේ ෆොක්ස්වැගන් කතාව වගේ තමයි. වතු කම්කරුවෙකුගේ වැටුප 1000ට වඩා වැඩිකරපු ගමන් තේ කම්පැනියේ ලාභය අඩුවෙනවා. අවසානයේ කොම්පැනිය වැසීම තමන්ට ලාභ බව වටහාගන්න කොම්පැනි කාරයා ව්‍යාපාරය අතහැර දමනවා. කම්කරුවන් අනාථ වෙනවා. මේ කම්කරුවන්ට දැන් මේ බොරු තේරෙනවා.

:       10       53

ලසන්ත Wednesday, 01 May 2024 06:38 PM

දිනකට රුපියල් 1700/= ගෙවීමට නම් දිනකට නෙලන දළු ප්‍රමාණය කිලෝ 35ක් වත් වෙන්න ඕනෑ. එහෙම නැතුව ඔය කියන ආකාරයට ගෙවීමට අමාරුයි...

:       7       42

Nimal Wednesday, 01 May 2024 08:01 PM

නියත වශයෙන්ම හිතුමතේට ගත් තීරණයක්... කම්කරුවන් තවත් දුගී තත්වයට පත්වෙනවා.

:       5       30

Rata Perata Wednesday, 01 May 2024 10:27 PM

පිස්සෙක් රට පාලනය කරනකොට ඔහොම වෙනවා

:       3       8

Bamunuarachchi Thursday, 02 May 2024 04:38 AM

දෙන්න බැරි බව අපි දන්නවා. 1700 දුන්නොත් තේ මිල වැඩිකරන්න වෙනවා. තේ මිල වැඩිකලොත් ඉල්ලුම පහළ යනවා. එවිට තේ කර්මාන්තය අවසන් වෙනවා. ඌ මට‍ ගහනවා, මට ඌ ගහනවා කියලා තමයි කියන්න වෙන්නේ. රනිල් මේ අමු රැවටීමක් කරන්නේ කියලා හිතෙනවා.

:       2       8

නලින්ද ශ්‍රීනාත් වීරසිංහ Thursday, 02 May 2024 08:04 AM

වතු කම්කරුවන්ගේ ඡන්දය ලබාගැනීම සදහා කරන ලද තවත් ක්‍රියාවක්. ඡන්දයෙන් පසු මෙම කර්මාන්තශාලා වැසුවත්, සේවකයින්ට රැකියාව අහිමි වුණත් මොහුට වැඩක් නැත.

:       2       3

Rohana Thursday, 02 May 2024 09:09 AM

වේදිකාවල කියන කතා සත්‍ය නොවෙයි. මේවා කිසිදිනක ඉටුනොවන පොරොන්දු.

:       3       6

චමින්ද Thursday, 02 May 2024 11:27 AM

ලංකාවෙ තේ වෙළදාම වෙන්නෙ වෙන්දේසි ක්‍රමයට නිසා මිල වැඩිකරන්න බැහැ එහෙම නම් ඔය කියන ආකාරයට තේ පදුරු අස්සේ වාඩිවෙලා කයිවාරු ගහල දවසට දලු කිලෝ 18 කැඩුවම කාටවත් කිසිදාක ආණ්ඩුව කිව්වට දිනකට රුපියල් 1700/= දෙන්න බැහැ එහෙම කරන්න කිව්වොත් වතු වහල කර්මාන්ත ශාලා වහල විදේශ රටවල බැලමෙහෙවර කරන්න යාම වඩා ප්‍රයෝජනත් වෙන්න පුළුවන් ආණ්ඩුව කියන ආකාරයට කරන්න ඕන නම් දලුකඩන්න යන්ත්‍ර ගැනීමට ක්‍රමයක් හදන්න ජෙප්පො නම් කියනවාලු කුඩා තේවතු හිමියන්ට නෙලීමට යන්ත්‍ර හා ඇඹරීමටත් වේලීමටත් යන්ත්‍ර දීලා තමතමන්ටම තේකොල රට යවන්න පහසුකම් සලස්වනවා කියලා අපි ඉතින් බලාගෙන සිටිමු

:       2       0

ගමේ එකාලා Thursday, 02 May 2024 05:04 PM

බලලෝබි බඩගෝස්තරවාදි දූෂිත . දේසපාලුවෝ ජනතාව අන්දවන්ඩ ඕනෑම බේගලයක් ගහනවා .ඒක උන්ගේ හැටියක්?

:       0       0

saman Thursday, 02 May 2024 06:32 PM

නියමයි රනිල් වතු සමාගම් බංකොලොත් කරනවා සජිත් ඒ වතු කෑලි කඩලා කම්කරුවන්ට දෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 623 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 297 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 659 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී
2024 සැප්තැම්බර් මස 29 766 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2426 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 479 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38096 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site