IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


වෘත්තීය පුහුණුවේ අමුතු පත් කිරීමක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වෘත්තීය පුහුණු අධිකාරියේ ප්‍රධාන ගණකාධිකාරීවරයා එහි  අභ්‍යන්තර විගණකවරයා ලෙස කටයුතු කිරීමට පත් කිරීම  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

එලෙස කටයුතු කිරීමේදී බැඳියාවන් අතර ගැටුමක් නිර්මාණය වන බව කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එහිදී පෙන්වා දුන්නේය.

මේ අතර අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ හැර යන ලක්ෂ 5 ක පමණ පිරිසෙන් වෘත්තීය පුහුණුව සඳහා අවස්ථාව ඇත්තේ එක් ලක්ෂ පන්දහසකට පමණක් බවද  මෙහිදී තොරතුරු අනාවරණයවිය.

මේ සියලු ප්‍රශ්න ගැන සොයා බැලීමට සහ  අධීක්ෂණය කිරීමට අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයකු නොමැතිවීමද කෝප් කමිටුවේ අවධානය යොමුවිය.


වෘත්තීය පුහුණු අධිකාරියේ 2017 සහ 2018 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තාවේ මතු කර ඇති ගැටලු පිළිබඳව විමර්ශනය කිරීම සඳහා  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා  රැස්විය. මෙම කරුණු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

අධිකාරියේ පනත බොහෝ පැතිවලින් අසම්පූර්ණ බව පෙනී යන බැවින් ඉදිරි මාස 03 ක කාලයේදී  පනත සමාලෝචනය කර  ඒ පිළිබද ප්‍රගති සමාලෝචනයක් සති දෙකක කාලයකින් ඉදිරිපත් කරන ලෙස කාරක සභා සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කළේය.

වෘත්තීය පුහුණු අධිකාරියට පැවරී ඇති වගකීම් ක්‍රියාත්මක කිරීමේ ගැටලු සම්බන්ධයෙන්ද  මෙම කමිටුවේදී  සාකච්ඡා විය. පාඨමාලා සංවර්ධනය සදහා යොදා ගන්නා  පර්යේෂණ යල් පැන ගිය ඒවා බවද තොරතුරු අනාවරණය විය. ජාත්‍යන්තර රැකියා වෙළඳපොළේ  පවතින ඉල්ලුම අනුව මෙහි පාඨමාලා සකස් විය යුතු බව රංජිත් බණ්ඩාර මහතා  පෙන්වා දුන්නේය.

ඉදිරියට යන ලෝකයට ගැළපෙන පරිදි පාඨමාලා හා විෂයමාලා සංවර්ධනය සහ  වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිසංස්කරණ කඩිනමින්  කළ යුතු බව කමිටු සාමාජිකයෝ මෙහිදී  අවධාරණය කළහ.

මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍යවරුන්වන  ජානක වක්කුඹුර,  ජගත් පුෂ්පකුමාර, ගරු ලොහාන් රත්වත්තේ,   ශාන්ත බණ්ඩාර,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අනුර ප්‍රියදර්ශන යාපා,  මහින්දානන්ද අලුත්ගමගේ,  රෝහිත අබේගුණවර්ධන,  ජයන්ත සමරවීර,  එරාන් වික්‍රමරත්න, .  සංජීව එදිරිමාන්න,  ජගත් කුමාර සුමිත්‍රආරච්චි, මේජර්  සුදර්ශන දෙනිපිටිය,  නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ,  රාජිකා වික්‍රමසිංහ,  මහාචාර්ය  චරිත හේරත් යන මහත්වරු සහභාගී වූහ.



අදහස් (2)

වෘත්තීය පුහුණුවේ අමුතු පත් කිරීමක්

Deepal Nirosh Saturday, 01 April 2023 06:01 AM

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගලා පින් අගමැති වෙලා එතැනින් රටේ විධායක ජනාධිපති වගේම මුදල් ඇමැතිවෙලා මැතිවරණ සිතියම අකුළන්න පුළුවන් රටක ඕවත් වැඩද මල්ලි... ඕවත් වැඩද? කෝප් කමිටුවේ සාමාන්‍ය දැනීමක තරම....

:       0       0

Nimal Saturday, 01 April 2023 02:37 PM

පට්ට හොර තක්කඩි ටිකකට නේ හෝරු අල්ලන්න දීලා තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2118 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 500 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1020 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5620 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 742 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4510 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site