IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


වත්මන් ආණ්ඩුව ගැන ජනතාවගේ කැමැත්ත වැඩි‌ වෙලා

(විමුක්ති එස් රුද්‍රිගු)

වත්මන් ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

පසුගිය වසරේ ඔක්තෝබර් සහ මෙම වසරේ පෙබරවාරි මසට සාපේක්ෂව පසුගිය ජූනි මස වත්මන් ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය දෙගුණයකින් වර්ධනය වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී ඇත.

වෙරිටේ රිසර්ච් ආයතනය විසින් කරන ලද 'රට හිතන හැටි' දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ පසුගිය ජූනි මස ප්‍රතිඵලවලට අනුව, වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය පිළිබඳ ජනතා අනුමැතිය සියයට 21 ක් දක්වා වර්ධනය වී ඇතැයි එම ආයතනය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මස සහ මෙම වසරේ පෙබරවාරි මස වත්මන් ආණ්ඩුව වැඩ කරන ආකාරය පිළිබඳ ජනතා අනුමැතිය සියයට 10 ක් වූ අතර එය ජූනි මාසයේදී දෙගුණයකින් වර්ධනය වී ඇත.

රටේ වැඩ කටයුතු සිදු වෙමින් පවතින ආකාරය ගැනද ජනතා අනුමැතිය ඉහළ ගොස් ඇති බව සමීක්ෂණයේ ප්‍රථිපල මගින් තහවුරු වී තිබේ.පසුගිය ජූනි මාසයේදී රටේ වැඩ කටයුතු සිදු වෙමින් පවතින ආකාරය පිළිබඳ ජනතා අනුමැතිය සියයට 12 දක්වා වර්ධනය වී තිබෙන බවත් පසුගිය පෙබරවාරි සහ ඔක්තෝබර් මස එම අගය පැවතියේ පිළිවෙලින් සියයට 4 ක සහ 7 ක මට්ටම්වල බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී ඇත.

ජූනි මස ප්‍රථිපලවලට අනුව රටේ ආර්ථිකය ගැන ජනතාවට පවතින විශ්වාසය තවමත් සෘණ අගයක් ගනිමින් 43.8 ක මට්ටමක පැවතියත් පසුගිය ඔක්තෝබර් සහ පෙබරවාරි මසට සාපේක්ෂව එය පැහැදිලි වර්ධනයක් බව වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කර තිබේ.පසුගිය ඔක්තෝබර් සහ පෙබරවාරි මාස දෙකෙහිම රටේ ආර්ථිකය ගැන ජනතාවට පවතින විශ්වාසය පැවතුනේ සෘණ 78 මට්ටමකය.

ඇමෙරිකාවේ ගැලප් ආයතනය එරට ජනමතය විමසීම සඳහා භාවිතයට ගන්නා ප්‍රශ්න සහ ගණනය කිරීම් වෙරිටේ රිසර්ච් ආයතනය ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් සකසා මෙම සමීක්ෂණය සිදු කරනු ලබයි.



අදහස් (12)

වත්මන් ආණ්ඩුව ගැන ජනතාවගේ කැමැත්ත වැඩි‌ වෙලා

සිරිල් Wednesday, 05 July 2023 04:37 PM

නියැදිය ගත්තේ පාර්ලිමේන්තුවෙන් වෙන්න ඇති..

:       25       53

senaWednesday, 05 July 2023 05:59 PM

මටත් හිතෙන්නේ එහෙමයි... එහෙම නැතිනම් ඔය පොහොට්ටුවන් දෙතුන් දෙනෙක් අරගෙන කරපු රිසර්ච් එකක් වෙන්න ඇති...

:       15       35

සිරිල් Wednesday, 05 July 2023 04:43 PM

අනික මේ කියන්නේ 10%ව තිබූ කමැත්ත 20% වෙලා කියලා.. ඉතුරු 80% එතකොට.. හැම එකාම පල් බොරුකාරයින්..

:       18       43

ගමේ එකාලා Wednesday, 05 July 2023 04:59 PM

පින් ජනපතියා ආසියාවේ ආශ්චර්යය පෙන්නුවා කියලා හිතාගෙන ඇති...?

:       18       29

sukitha Wednesday, 05 July 2023 05:01 PM

අපේ රටට අවශ්‍ය වෙලා තිබුනේ සමාජයීය, ආර්ථික, දේශපාලන සහ ආකල්ප (ආගමික) විප්ලවයක්... පරිවර්තනයක් නෙමෙයි. ඒ ගමන 80%ක් පමණ දුරක් ආවා... බොහෝ කැපවීම් කළා. අරගලය ගැන නොවෙයි කියන්නේ, සොභාවිකව සිදුවුණු වෙනස්වීම්. රනිල් ඇවිත් එය විනාශ කළා. එක ක්‍රමයක් විකාශනය වෙලා තව ක්‍රමයක් බිහිවීම විප්ලවය නෙමෙයි. අපේක්ෂිත අරමුණු නොවිසඳෙනවා පමණක් නොවෙයි, හානිදායක ප්‍රතිඵල ගෙන දෙනවා...

:       12       20

මැක්ස් Wednesday, 05 July 2023 06:18 PM

ඒ කියන්නේ අනුර කුමාරගේ, සජිත්ගේ, පාඨලීගේ කෙබර රටේ ජනතාව දැන් ටිකටික තේරුම් ගන්නවා කිියන එකද?

:       47       29

ධනුෂ්ක Wednesday, 05 July 2023 08:45 PM

මිත්‍රයා 20%ක් විතරයි 80%ක් ආණ්ඩුවට කැමති නෑ හරියට කියවන්න

:       2       5

Nandasena grThursday, 06 July 2023 06:01 AM

දැන් ඇත්ත කියපු රාජපක්ෂලා රටට කෙලියා කියලා බොලා තාම තේරුම් ගන්නෙ නැද්ද ? තේරුම් ගන්න තරම් මොලයක් නැද්ද ?

:       2       3

සිල්වා Wednesday, 05 July 2023 06:31 PM

මන්ද පෝෂණයට වඩා අඳ, ගොළු, බිහිරි නම් වේගයෙන් පැතිර යනවා වගේ...!

:       16       27

Asela Thursday, 06 July 2023 06:50 AM

මෙහෙමයි , හතර වටෙන් ණය අරන් ඇදගෙන යන ගමන් " දැන් රට දියුණුවෙමින් පවතිනවා , අර්බුදය් ඉවරයි " කියල ට්වි එකේ රේඩියෝ එකේ දිගටම කියන්න පටන් ගත්තහම ,එක වේලක කාල බොහොම අමාරුවෙන් ජිවත් වෙන මෝඩයෝ කොටසක් ඕක ඉබේම විශ්වාස කරන්න පටන් ගන්නවා , මේදවස් වල රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්න යන අය තමයි දැන් රටේ සබැ තත්වේ දන්නේ

:       3       5

සල්ලි Thursday, 06 July 2023 07:12 AM

අපෙන් හොරකම් කල කලු ඩොලර් ටිකක් වෙරිටේ රිසර්ච් එකටත් දීලා වගේ...

:       3       4

C.K.Lankaputhra Thursday, 06 July 2023 11:00 AM

මැඩමූලන්ස් එකේ සල්ලි වැඩකරන හැටි බලාගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 90 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 302 0

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 188 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 375 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 1422 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 3160 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1922 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site